IMG-LOGO

2025 අප්‍රේල් මස 23 වන බදාදා


‘‘දේවගැතියන් සමග මගේ සම්බන්ධයක් නෑ‘‘

(විමුක්ති එස් රුද්‍රිගු)

තමන් ඌබර්ට් එන්ජල් හෝ ජෙරම් ප්‍රනාන්දු දේවගැතිවරුන් මුණ ගැසී ඇත්තේ එක් වතාවක් පමණක් බවත් ඔවුන් සමඟ කිසිඳු සම්බන්ධතාවයක් තමන්ට නොමැති බවත් හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කර ඇත.

තමන් එක්වතාවක් ඔවුන් මුණ ගැසුනේ දේවගැති ජෙරම් ප්‍රනාන්දුගේ කාර්යාලය නිල වශයෙන් කළ ඉල්ලීමක් නිසාවෙන් බව රාජපක්ෂ මහතා පෙන්වා දී තිබේ.

ඌබර්ට් එන්ජල් සහ ජෙරම් ප්‍රනාන්දු දේවගැතිවරුන් සමඟ සම්බන්ධතාවයක් තිබෙන බවට එල්ල වන චෝදනාවට පිළිතුරු දෙමින් මහින්ද රාජපක්ෂ මහතා මේ බව පවසා ඇත.

දේවගැති ජෙරම් ප්‍රනාන්දු බුද්ධාගම සහ අනෙකුත් ආගම් සම්බන්ධයෙන් සිදු කර ඇති ආන්දෝලනාත්මක ප්‍රකාශ තමන් හෙළා දකින බවත් ජාතීන් අතර අසමගිය හෝ වෛරය ඇතිවන ආකාරයේ ප්‍රකාශ වලට අප රටේ ඉඩක් නොමැති බවත් රාජපක්ෂ මහතා පෙන්වා දී තිබේ.

තමන් අග්‍රාමාත්‍යවරයා සහ ආගමික කටයුතු අමාත්‍යවරයා ලෙස ධුර දරන අවස්ථාවේදී දේවගැති ජෙරම් ප්‍රනාන්දුගේ කාර්යාලයෙන් නිල වශයෙන් හමුවක් ඉල්ලා ඉල්ලීමක් තමන්ට ලැබුණු බව රාජපක්ෂ මහතා පවසා ඇත.හොඳ හිත වර්ධනය කරගැනීමේ සහ මුණ දෙන ගැටළු සොයා බැලීමේ අරමුණින් තමන් ආගමික කටයුතු අමාත්‍යවරයා ලෙස එම අවස්ථාවේදී ආගමික නායකයන් සහ නියෝජිතයන් මුණ ගැසීමට ප්‍රමුඛත්වය ලබා දී තිබූ බවත් ඒ හේතුවෙන් එම ඉල්ලීම පිළිගත් බවත් රාජපක්ෂ මහතා ප්‍රකාශ කර තිබේ.

එය සුහද හමුවක් වූ අතර එහිදී දේවගැතිවරුන් දෙදෙනාම තමන් සහ බිරිඳ වෙනුවෙන් යාඥාවක් පැවැත්වූ බවත් එය නිල හමුවක් බැවින් ඡායාරූප මාධ්‍ය වෙත නිකුත් කළ බවත් ඒ හැර තමන්ට ඔවුන් සමඟ පුද්ගලික සම්බන්ධයක් නොමැති බවත් රාජපක්ෂ මහතා පෙන්වා දී තිබේ.

 



අදහස් (33)

‘‘දේවගැතියන් සමග මගේ සම්බන්ධයක් නෑ‘‘

Achini Thursday, 18 May 2023 11:40 PM

ශිරන්ති නෝනාගේ ආගම නේ ඉතින් .කොහොමත් සම්බන්ධ වෙන්න එපැයි

:       5       31

bamunuarachchiFriday, 19 May 2023 03:35 PM

මගේ සම්බන්ධයක් නැහැ කියන්නේ මහින්ද. මහින්ද සමග පන්සලේ උත්සවයකට ගියා කියලා පන්සලේ හාමුදුරුවෝ සමග සම්බන්දයක් නැහැ. මෙහෙමත් ගොබ්සන්ලා ඉන්නවනේ...

:       1       2

විපරමා Thursday, 18 May 2023 11:45 PM

මෙයා කට ඇරියොත් කියන්නෙම ඇත්ත වෙන්ඩැ..සම්බන්ධකම් පවත්වන්නේ මිනිමරුවෝ පාතාලකාරයෝ ස්ත්‍ර්‍රි දූෂකයෝ මැරයෝ කුඩු කාරයෝ එක්ක කියලා දන්නෝ දනිති.ආසියාවේ ආශ්චර්යය පෙන්වනවා කියලා කරපු ලොකුම බොරුව හොන්දටම ඇති .

:       14       59

chandima Friday, 19 May 2023 12:04 AM

ඒ කියන්නේ කෙලින්ම දෙයියෝ එක්කද ඩීල් එක තියෙන්නේ ?

:       5       21

Perera Friday, 19 May 2023 12:11 AM

ගෙදරට ගෙන්නගෙන පවුල පිටින් එකට ඉඳලා පින්තූර අරන් තියෙන්නේ සම්බන්ධයක් නැති නිසානේ

:       5       26

Chathuri Friday, 19 May 2023 02:41 AM

මේ යකාට. දේවසේවය කරන මිනිසුන් පේන්න බැහැ. යාතිකාව පටන් ගන්නවා. ඔය තරම් බය නම් ඇයි රටේ පාලනය බාරගත්තෙ හොරකම් කරලා. ජනතාව දුක් ගින්දරේ තියලා. රටේ මුදල්. කොහෙවත් උඅන අයට පුජා කරනවා. හිතන් ඇති ජෝඩුවට සමාව ලැබෙයි කියලා. මක්කම විතරයි ගියේනැත්තෙ. ඒකත් එලිවෙයි ලගදිම. ඔයතරම් දෙවියන්ට කැමතිනම්. ජෝඩුවට තියෙන්නෙ. රටේ හොරා කාපු සේරම මුදල් දේපල නැවත. රට්ට බාර දීලා. මහන වෙන්න. පුදුමයි ඔය වදින වැදිල්ලට. මහන නොවෙන එක. දෙන්නාම. හැමදාම බාවනා කරන්න. කරපු හොර වැඩ සේරම මතක් කරලා පසු තැවෙන්න. හිත හදා ගන්න. නොදැනුවත් කමින් හොරා කෑවේ තමුන්ගෙ නුගත් කම නිසා කියලා. මේ සසර අපායෙන්. ඉක්මනින් අපාගත වෙන්න කියලා. බාවන කරන්න

:       11       40

sam Friday, 19 May 2023 02:54 AM

මේ ඔක්කොම මයිනගෙ බයිල, මේ ලෝක හොර ජේරමයි ලෝක හොර ඌබටයයි ලෝකහොර ජරාපක්ෂ නඩෙයි එකට එකතුවෙලා සෑහෙන්ඩ රාජ්‍ය ධනය හොරාකාපු එකට මේ පින්තූර හොදම සාක්ෂි.

:       11       47

අනුර Friday, 19 May 2023 04:24 AM

එක වරක් හමුවුනානම් ඒ ඇති

:       6       28

ajith Friday, 19 May 2023 04:47 AM

ඔන්න අපි හා කිව්වා.

:       6       19

ගජමිතුරු Friday, 19 May 2023 05:50 AM

ඉතාමත් පැහැදිලියි කියන කොට එහෙමට වුනත් මහ රජානෙණි මට වෙනු සමා කියලා රජුට සුදු හකුරු හදපු මිනිහත් කිව්වලුනේ

:       6       23

Nadadawa withanage sisira kumara Friday, 19 May 2023 06:24 AM

ඔයා බබා

:       8       25

කීර්ති වර්ණකුලසූරිය Friday, 19 May 2023 07:15 AM

මෙතුමා පවසන්නෙ සත්ය පමනක් බවට මා දිව් රා පොරොන්දු වෙමි.

:       18       6

Dinesh Friday, 19 May 2023 07:56 AM

නිල හමුවට නැන්දම්මයි ලේලි හැමෝම ගිහින් තියෙන්නේ

:       4       28

don Friday, 19 May 2023 07:57 AM

නිල හමුවක් නම් කොහොමද බිරිද මෙ හමුවට එකතු වෙන්නෙ? මොකක්ද එයට රජයෙ තිබුන තනතුර?

:       2       25

BamunuarachchiFriday, 19 May 2023 03:38 PM

එහෙනම් නිලහමුවට ජනාධිපති බිරිඳ සමග පිටරට යන්නේ කොහොමද?

:       2       6

සාර්කැස්ටික් Friday, 19 May 2023 08:01 AM

මිනිස්සුන්ට ඔයිට වඩා ප්‍රශ්න තියනවා . බොල් මාතෘකා ඉස්සරහට දාගෙන ආයිත් කරලියට එන්න නේද හදන්නේ. යුද්ධය ඉවර කරන්න නායකත්වය දුන්නා. ඒක විශිශ්ටයි . අනිත් දේවල් වලින් ප්‍රතික්ෂේප උනා. රට පාලනය කරන්න පුලුවන් ඔයාගේ පරම්පරාවේ කට්ටියට විතරක් කියලා මිනිස්සු හිතන්නේ නෑ.

:       3       31

Muthu Friday, 19 May 2023 09:56 AM

මම සහතික කරලා කියනවා කිසිම ගැති කෙනෙක් එක්ක මම සම්බන්ධ නෑ. නිදහස් ස්වාධීන නීති ගරුක මිනිසුන් සමග පමණයි මගේ සියලු සම්බන්ධතා තියෙන්නේ.

:       5       18

අරවින්ද මොනරවිල Friday, 19 May 2023 10:00 AM

මෙයා අගමැතිවෙලා ඉන්න කාලයේ දෙවැනි වරට ජනාධිපති ලෙස දිවුරුම් දෙන ෆොටෝ එකක් පසුබිමට ආවේ කොහොමද කියලා මම මේ කල්පනා කරන්නේ. නිල හමුවකට තමන්ගේ බිරිදයි තවත් අවුරුදු දහයකින් පහලොවකින් ලේලිය වෙන්න ඉන්න තරුණියක් අඬගහ ගත්තේ මොකටද කියලා හිටපු අගමැතිතුමා පැහැදිලි කෙරුවා නම් හොදයි.

:       6       26

hasanjaliFriday, 19 May 2023 03:53 PM

හිටපු අගමැතිතුමා නොවෙයි, අරගලයේ මිනිස්සුන්ට බයේ පැනලා ගිහින් ත්‍රිකුණාමලේ හැංගිලා හිටපු, හිටපු අගමැති නොහොත් රට මන්කොල්ලකෑවා....

:       0       5

Jagath Wickramasekara Friday, 19 May 2023 10:26 AM

හොරා

:       6       20

prasanna Friday, 19 May 2023 10:27 AM

මේ වගේ පච වෙච්ච දේශපාලකයෙක් ලොවෙත් නැහැ .තම මිනිහට ඕක තේරුම් ගන්න බැහැනේ

:       4       24

Kumara Friday, 19 May 2023 10:37 AM

නාකි තොත්ත බබා

:       4       21

පිටිගල මිලානෝ Friday, 19 May 2023 11:11 AM

ලංකාවේ ලොකුම අබෞද්ධයා තමයි.

:       6       17

Sudaththa Friday, 19 May 2023 11:50 AM

අපි නොදන්නා මොනරතැන්න .උඹලාගේ පවුලේ එකෙකුට හරි පන්සිල් පද පහ පිලිවෙලින් කියන්න පුලුවන්ද කියලා කියපන්කො ඉස්සෙල්ලා ?උඹලට කොහොමත් බුද්ධාගම හරියන්නේ නෑ බන්

:       2       15

Bunny Preena Friday, 19 May 2023 11:59 AM

වෛරයෙන් වෛරයෙන් නොසන්සිඳේ

:       2       7

සමන් විමල් Friday, 19 May 2023 01:04 PM

මහින්දගේ දේශපාලන භාවිතය සමග මගේ කිසිම එකඟතාවයක් නොවූවද, ඔහු අබෞද්ධ හෝ බෞද්ධ විරෝධී ක්‍රියාවක යෙදුණේය. යන්නට එකඟ නොවෙමි... දේශපාලන වෛරය සහ යුද්ධය දිනවීමේ වෛරය මුල් කරගෙන කරනු ලබන ප්‍රකාශ ලෙස හුවා දක්වමි...

:       5       3

ChatR Friday, 19 May 2023 01:12 PM

අපරාදෙ, ෆොටෝ එක නොතිබ්බා නම් දැකලාවත් නෑ කියලා කියන්න තිබුණානේ... මහින්ද මහත්තයා...?

:       0       4

ලපාරිස් Friday, 19 May 2023 01:14 PM

කමෙන්ට් වලින් පේනවා මිනිස්සු කොපමණ ආත්මාර්ථකාමී දේශපාලන වහලුන්ද කියලා. මේ වගේ අය තමයි ඔලුව අවුල් කරගෙන සියදිවි නසාගන්නේ... මානසික ලෙඩ්ඩු වෙන්නේ, අකුණු වදින්නේ... මේ තරම් රටට සේවයක් කරපු කෙනාට කතා කරන කැත... මේ වගේ අයගේ පවුල් පසුබිම ගැන හිතාගන්න පුළුවන්... ලපයගේ වහල්ලුද කොහේදෝ...

:       10       4

අමාරිස්Friday, 19 May 2023 03:47 PM

රටට කරපු සේවය ගැන නම් කියලා වැඩක් නැහැ. නූපන් දරුවන් පවා ලෝකෙටම ණයකාරයින් කරලා රට වළපල්ලටම ඇදලා දැම්මා.1948 න් පස්සේ ලංකාවේ හිටපු දූෂිත පවුල් පාලන ආණ්ඩුවක් ගෙනගිය දූෂිත බලලෝභී නායකයා කවුද කියලා ලෝකෙම දන්නවා.

:       1       6

සමන් විමල් Friday, 19 May 2023 08:26 PM

ලපාරිස් මයා, ඔබ නිවැරැදිව කිව්වා..!

:       0       0

Lalla Friday, 19 May 2023 01:33 PM

මේ අයට දේවගැති පිහිට ඕන නෑ... හැබැයි දුසිල්වත් හොර චීවරධාරීන්ගේ පිහිට ඕනෑ...

:       3       3

ANURA ROME Friday, 19 May 2023 02:36 PM

මේ කමෙන්ට්ස් දාපු 99%ක්ම අපත ජෙප්පන්... මොවුන්ට ආගමක්, දහමක් නෑ. තනිකරම බොරුවෙන් ජීවත් වෙන්නේ. මෙහෙ ඉන්න කාලකණ්ණි පාන් කකා පත්තර විකුණනවා. ලපයා ඇතුළු කාලකණ්ණි සුර සැප විඳිනවා. මොවුන්ට හැම දෙයක්ම නොමිලේ ලැබෙන්නේ...

:       9       7

ශාන් Saturday, 20 May 2023 05:34 AM

එක දවසේ මෙයයි, බිරිඳයි ඇඳුම් වෙනස් කරලා පින්තූර වලට ඉන්න ඇති. ආගම් පස්සේ යන්නේ වාසියට.... නැත්නම් කොහොමද ලංකාවේම තනි පොහොසතා වෙන්නේ...?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

කුඩ්ඩා මාර්ටින් වික්‍රමසිංහ නිවෙසින් ඉස්සූ රනින් කළ රුවල 7000 විකුණලා
2025 අප්‍රේල් මස 22 722 0

මහ ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ පුතා ජීවත් වූ කොළඹ 07 නිවසේ තිබූ රන් ආලේපිත මිල කළ නොහැකි කෞතුක භාණ්ඩයක් වූ රුවල් නැවක් සොරකම් කළේ යැයි කියන සැකකර


රන් පවුමක් 255,000 ක් වෙයි
2025 අප්‍රේල් මස 22 342 0

ලෝක වෙළෙඳපොලේ රත්තරන් මිල ඉහළ යෑමත් සමඟ කොළඹ හෙට්ටිවීදිය රත්තරන් වෙළෙඳපොලේ කැරට් 22 ක රත්තරන් පවුමක මිල අද (22) පස්වරුව වන විට රුපියල් 255,000 ක් දක්වා ඉහළ ගිය


ඇමති වාහන දෙකකට සීමා කරයි
2025 අප්‍රේල් මස 22 469 0

අමාත්‍යවරයකුට පාවිච්චි කළ හැකි රජයේ වාහන සංඛ්‍යාව දෙකකට සීමා කරමින් ජනාධිපති ලේකම්වරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කර ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි ම


සිසුන් පහරදී සිසුවා මරලා
2025 අප්‍රේල් මස 22 1259 0

පූජාවකට සහභාගි වී සිටි සිසුවකු කඩිහාගම ප්‍රදේශයට රැගෙන ගොස් පහරදීමෙන් බරපත තුවාල ලබා කුරුණෑගල රෝහලේ ප්‍රතිකාර ලැබූ සිසුවා අද දහවල් මියගිය බව පොලිසිය


පාස්කු විමර්ශන වලින් මූලික ගැටලු දෙකක් විසඳා ගත්තා
2025 අප්‍රේල් මස 22 735 0

පාස්කු ප්‍රහාරය සම්බන්ධව විමර්ශනවලදී නිරාකරණය කරගත යුතු ප්‍රධාන ගැටලු හයෙන් දෙකක් මේ වන විට නිරාකරණය කරගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහත


ඩෑන් ප්‍රියසාද්ට වෙඩි තබයි
2025 අප්‍රේල් මස 22 4478 0

සමාජ ක්‍රියාකරුවකු වන ඩෑන් ප්‍රියසාද් නමැත්තාට මීට සුළු වේලාවකට පෙර නාඳුනන තුවක්කුකරුවකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩි


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 598 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 307 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 462 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site