IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


දැවිතෙල් මිශ්‍ර ජලයෙන් කැලණි ගඟ ආරක්ෂා කරන්න නාවික හමුදාව දැඩි උත්සහයක

(ඩයනා උදයංගනී)

අධික වර්ෂාව හේතුවෙන් සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ දැවි තෙල් මිශ්‍රණ අවට පරිසරයට හා කැලණි ගඟට එක්වීමේ අවදානමක් මතුව ඇති අතර එය වැළැක්වීමේ මෙහෙයුමක් ආරම්භ කර ඇති බව නාවික හමුදාව පවසයි.

තෙල් පිරිපහදුවේ ඉවත් වන ඉන්ධන නැවත පිරිසිදු කිරිමේ මධ්‍යස්ථානයේ ඇති දැවි තෙල් මිශ්‍රණ (Furnace oil) අඩංගු ඉන්ධන ගබඩා ටැංකි තුලට වැසි ජලය ඇතුළු වී පිටාර ගැලීම හේතුවෙන් මෙම අවදානම මතුව ඇත.

බාහිර පරිසරයට වැසි ජලය සමග එක් වූ එම ඉන්ධන පැතිරයාම වැළැක්වීම සහ ඉවත් කිරීම සඳහා නාවික හමුදාව හා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව ඊයේ (4) සවස සිට මෙම විශේෂ මෙහෙයුම ආරම්භ කර තිබේ.

පැවති අධික වර්ෂාවත් සමග සපුගස්කන්ද හෙයියන්තුඩුව ප්‍රදේශයේ ගං වතුර තත්වයක් ඇති වී ඇති අතර, දැවි තෙල් මිශ්‍රිත ජලය පවතින වර්ෂාපතනය අඩු වී කැලණි ග‍ඟේ ජල මට්ටම අඩු වනවිට පට්ටිවෙල ඇල හරහා ගඟට එක් වීමේ අවධානමක් ඇතැයි නාවික හමුදාව සඳහන් කරයි.

දැවි තෙල් මිශ්‍රිත ජලය කැලණි ගඟට එක් වුවහොත් ඉන් ජලය ලබා ගන්නා බියගම හා අඹතලේ ජලපවිත්‍රාගාරවලින් පානීය ජලය බෙදාහැරීමට ද බලපෑම් මෙන්ම ප්‍රදේශයේ පරිසරයට සිදු විය හැකි බලපෑම වැළැක්වීම සඳහා නාවික හමුදාව හා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව මෙම මෙහෙයුම ආරම්භ කළ බව නාවික හමුදාව පවසයි.

දැවි තෙල් මිශ්‍රිත ඉන්ධන පැතිරයාම වැළැක්වීමට පාවෙන ඉන්ධන බාධක (Floating Boom)යෙදීමටත් එම දැවි තෙල් මිශ්‍රිත ජලය ඉන්ධන පෙරණයක් මගින් (Oil Skimmer) පෙරා ඉවත් කිරීමටත් අවශ්‍ය කටයුතු සිදු කරමින් සිටින බව ද ඔවුන් සඳහන් කරයි.

ඡායාරූප නාවික හමුදා මාධ්‍ය ඒකකය



අදහස් (11)

දැවිතෙල් මිශ්‍ර ජලයෙන් කැලණි ගඟ ආරක්ෂා කරන්න නාවික හමුදාව දැඩි උත්සහයක

සේපාල් Saturday, 05 June 2021 05:24 AM

එතකොට මේ කොලොන්නාවද? සපුගස්කන්දද?

:       1       7

සෙනෙවිරත්න Saturday, 05 June 2021 06:40 AM

කටවල් විතරයි. විශාල ශ්‍රම හමුදාවක් සහිත පිං පඩි ගෙවන තැනක්. හරියට ටැංකියක් වත් තබාගන්න බැරි තැනක්. ⁣වැස්ස නිසා හෙලිවුනේ, නැත්නම් මෙතනින් කොපමණ තෙල් පොළවට එකතුවෙන්න ඇතිද? කාගෙ සල්ලිද? රට එතනමයි.

:       2       25

Rata Perata Saturday, 05 June 2021 07:03 AM

මට මතකයි බයියන් කියනවා මහදැනමුත්තා කොළඹ හැදුවා නියමෙට කියලා... අද අපේ අගනුවර වතුර ටැංකියක් වගේ...ඔක්කොම යටවෙලා. ජනතාවගේ කරුමෙට මේ ගොන් වැඩ කරන අයගේ තැන් යටවෙන්නේ නැහැ..

:       4       18

ජේ පී ආර් කරුSaturday, 05 June 2021 08:45 AM

මීතොටමුල්ල කුණු කන්ද නායගියාම මට මතකයි මහදැනමුත්තා දාර්ශනික අදහස් දැක්වීමක් කළා. මම මේකට සැලසුම් හදලා තිබ්බේ අන්තිමට ආණ්ඩුව මාරු වුණු හින්දා කරගන්න බැරි වුණා. අපි හිටියා නම් මෙහෙම වෙන්නේ නෑ කියලා. දැන් නැව ගිලුණා සපුගස්කන්දේත් ප්‍රශ්න... තව දෙයක් මතකද තෙල් නැවකට නැග්ග ලෝකයේ පළවෙනි ඇමැති...

:       0       12

SenevitathneSaturday, 05 June 2021 10:53 AM

මහදැනමුත්තා කළා ලස්සනට.. කොළඹ කුණු මීතොටමුල්ලේ හැංගුවා.. අවාසනාවට ඒක සිරිසේනගේ ඇඟ උඩ වැටුනේ. ඒකෙනුත් වාසි ගත්තා...

:       0       1

Koka Saturday, 05 June 2021 07:31 AM

ඔය නාස්ති වෙන්නේ කාගේ මුදල් ද?

:       1       11

mohomed Saturday, 05 June 2021 08:54 AM

2019න් පස්සේ ලංකාවට මොන මුස්පේන්තුවක් පහත් වුණාද මන්දා..? හැමදාම කොහේහරි විනාශයක්...

:       3       13

ඩිලංකSaturday, 05 June 2021 09:44 AM

නෑ බන් පාස්කු පහාරය නිසා 2019 කියන්නෙත් මුස්පේන්තුම අවුරුද්දක්.

:       0       0

සමිත සේනක අලුත්ගමගේ. Saturday, 05 June 2021 09:41 AM

අයියෝ ... මෙහෙමත් අසාර්ථක පාලනයක් .. මොනවාද මේ රටට පිට පිට වෙනදේවල්.කාගේ පවක්ද මේ නිතර නිතර මේ අපේ රටට පලදෙන්නේ.බොහෝ ආයතනවල පරිපාලනයට පත්කොට තිබෙන්නේ පළපුරුදු හා උගත් පරිපාලන නිලධාරීන් වෙනුවට විශ්‍රාමික හමුදා නිලධාරීන්. ඒ අය මිනී මරන්න,යුද්ධ කරන්න දක්ෂයන් වෙන්නට පුළුවන්.ඒත්,ඒ අය රටේ පරිපාලන කටයුතු සඳහා යොදා ගැනීම නිසා රටට මේ වෙනවිට සිදුවී ඇති දේවල් වලින් ඒ අයගේ පරිපාලන නුවණ ගැන හොඳ වැටහීමක් ලබා ගැනීමට පුළුවන්.

:       0       0

සෙනවි Saturday, 05 June 2021 10:41 AM

මොන සාපයක්ද වෙලා තියෙන්නේ රටට? මුහුද විනාශ වෙලා. ගංගා ඇළ, දොළ උතුරලා මිනිසුන් අවතැන් වෙලා. පස් කඳු නාය යනවා. නිරපරාදේ මිනිස්සු මැරෙනවා. සුනාමියෙන් පසුව ඇතිවූ මහා විනාශය. ලංකදීප පත්තරෙන් විතරයි යමක් බලාගන්න පුළුවන්. ස්තුතියි...

:       0       0

සිරිබිරිස් Sunday, 06 June 2021 06:58 AM

බත්දුන් පියාගෙ ආණුඩුවට පසුව පත්වූ ආණුඩවල බලධාරීන් කලේ ඔවුන්ගේ හෙන්චයියන්ට වාසි වෙන ආකාරයට සුදුස්සාට තැන නොදී කටයුතු කිරීමයිඑලෙස තනතුරුගත් අය කටයුතු කලේ කිසිම සැලසුමකින් තොරව.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 792 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 1427 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 406 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 910 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


මවගේ විමසිලිමත්බවින් දැරිය බේරෙයි
2024 සැප්තැම්බර් මස 24 35 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වූ 17 හැවිරිදි තරුණයෙකු මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර ද


නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්
2024 සැප්තැම්බර් මස 24 2233 0

මාතෘ භූමිය පුරා දේශපාලනමය, සමාජීය සහ ආර්ථිකමය ලෙස පැතිර තිබු දුෂිත සංස්කෘතිය මෙන්ම අකාර්යක්‍ෂම රාජ්‍ය පරිපාලනය තුරන් වනු ඇතැයි අපේක්‍ෂා කරන බව 09 වන වි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 35643 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24095 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 166 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 505 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 220 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site