IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


දැවැන්ත ව්‍යාපෘති 50 ක තොරතුරු තවමත් ‍ජනතාවට වහං කරගෙන

විමුක්ති එස් රුද්‍රිගු

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක රුපියල් කෝටි ලක්ෂයකට වටිනාකමින් යුත් මහා පරිමාණ යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති 50 ක් පිළිබඳ ජනතාවට තොරතුරු හෙළි කර ඇති ප්‍රතිශතය සමස්තයක් ලෙස සියයට 36 ක් බව වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළේය.

2016 තොරතුරු දැනගැනීමේ පනතෙහි වගන්ති අංක 9 ප්‍රකාරව ව්‍යාපෘතියකට අදාළ තොරතුරු කාණ්ඩ 5ක් යටතේ ප්‍රසිද්ධ කළ යුතු බවත් ව්‍යාපෘතියේ විස්තර, ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ පදනම සහ ප්‍රතිලාභීන්ගේ විස්තර, ව්‍යාපෘතියේ අයවැය සහ මුල්‍ය වාර්තා, ව්‍යාපෘතියට අදාළ අනුමැතීන්, ව්‍යාපෘතියේ ප්‍රසම්පාදන තොරතුරු සහ කොන්ත්‍රාත්තු එම කාණ්ඩ 5 බවත් වෙරිටේ රිසර්ච් ආයතනය පැවැසුවේය.

ප්‍රසම්පාදනය සම්බන්ධ තොරතුරු පමණක් සැලකුවහොත් එම ව්‍යාපෘති 50 පිළිබඳ ජනතාවට තොරතුරු හෙළි කර ඇත්තේ සියයට 21 ඉතාමත් අඩු ප්‍රතිශතයක් බව ද වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළේය. එම මහා පරිමාණ ව්‍යාපෘති 50 න් 21ක් දේශීය ණය සහ ප්‍රදානයන් යටතේ ද, 29ක් විදේශීය ණය සහ ප්‍රදානයන් යටතේ ද, ක්‍රියාත්මක වන බව වෙරිටේ රිසර්ච් ආයතනය සඳහන් කළේය.

තොරතුරු හෙළි නොකිරීම වංචා සහ දූෂණවලට ඉනිමං තැනීමක් බවත් මහා පරිමාණයෙන් මුදල් ගැවසෙන ප්‍රසම්පාදන ක්‍රියාවලිය සැලකූ විට එය වඩා බරපතළ බවත් වෙරිටේ රිසර්ච් ආයතනය පැවැසුවේය.

මහා පරිමාණ යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතිවල අකටයුතුකම් සිදුවුවහොත් එය රටේ ආර්ථිකයට තදින්ම බලපාන බව ද වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළේය.

 



අදහස් (1)

දැවැන්ත ව්‍යාපෘති 50 ක තොරතුරු තවමත් ‍ජනතාවට වහං කරගෙන

Rata Perata Tuesday, 03 September 2024 11:53 AM

ඕක තමා මම කියන්නේ 'පුළුවන් ශ්‍රීලංකා 'කියලා

:       1       1

ඔබේ අදහස් එවන්න

දියත

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5117 2

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ඉතා වෙහෙසකර සහ දීර්ඝ ගමනක ජයග්‍රහණයක්
2024 සැප්තැම්බර් මස 22 0 0

ඉතා වෙහෙසකර සහ දීර්ඝ ගමනකින් පසු ජනතාවගේ ජනාධිපතිවරයෙක් පත් කර ගැනීමට ලැබුණු ජයග්‍රාහී අවස්ථාව පිළිබඳව ජාතික ජනබලවේගයේ සෑම සියලු දෙනාටම ඇති සතුටේ ග


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 875 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


අනුර වැඩ පෙන්වන විදිහ බලා ඉන්නවා
2024 සැප්තැම්බර් මස 22 1352 0

අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල


රුවන් නව ජනපතිට සුබපතයි
2024 සැප්තැම්බර් මස 22 1706 0

අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් යුත් නව පාලනයට සුභාශිංසන පළ කරන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ජනපතිවරණ ප්‍රතිඵලය පි


නවවන විධායක ජනාධිපති ලෙස අනුර හෙට දිවුරුම් දෙයි
2024 සැප්තැම්බර් මස 22 3571 0

ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකාවේ නවවෙනි විධායක ජනාධිපතිවරයා ලෙස හෙට(23) පෙරවරු 9.00ට කොළඹ ගාලු මුව දොර ප


වැඩි දෙනා කියවූ පුවත්




ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 16162 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 79 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 258 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 132 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site