IMG-LOGO

2025 අප්‍රේල් මස 23 වන බදාදා


දෙවන එළිසබෙත් මහා රැජින ලොවට සමු දෙයි

බ්‍රිතාන්‍යයෙ දෙවැනි එළිසබෙත් මහ රැජින අභාවප්‍රාප්ත වූ බව බකිංහම් මාළිගය මීට සුළු වේලාවකට පෙර නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.

සෞඛ්‍ය තත්ත්වය යහපත් නොවීම හේතුවෙන් ස්කොට්ලන්තයේ ඇබර්ඩීන් වතුයායේ බැල්මොරාල් මාළිගයේ වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ පසුවූ මහ රැජින මීට සුළු වෙලාවකට පෙර මෙලොව හැර ගියාය.

අභාවප්‍රාප්ත වන විට 96 වියේ පසු වූ මහ රැජින වසර 70 ක කාලයක් කිරුළ දැරුවාය.

රැජින අවසන් හුස්ම හෙළද්දී දරුවන්,මුණුපුරන් සහ සමීපතම රාජකීයයන් වැඩි පිරිසක් ඇය සමඟ සිටි බව බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කළේය.

මහ රැජින පසුගිය ජූලි මාසයේ සිට අයහපත් සෞඛ්‍ය තත්ත්වයකින් පසුවූවාය.

ඇය ස්කොට්ලන්තයේ ඇබර්ඩීන් වතුයායේ බැල්මොරාල් මන්දිරයේ පදිංචියට ගියේ ද එබැවිනි.



අදහස් (30)

දෙවන එළිසබෙත් මහා රැජින ලොවට සමු දෙයි

K Perera Friday, 09 September 2022 12:18 AM

අපි ශ්‍රී ලංකාවෙ බෞද්ධයන් වෙනුවෙන් ඔබතුමියට නිවන් සුව ලැබේවා කියා පතනව. අනෙක් සියලුම ආගම් වලට අනුව ඔබතුමිය සමාදානයේ සැතපේවා කියලා පතනව.

:       272       87

සමන් - ඕමානයFriday, 09 September 2022 01:59 PM

ඔබතුමියට නිවන් සුව පතනවා. ඔබතුමියගේ ආගමික ඇදහිල්ල අනුව සමාදානයේ සැතපේවා යයි පතනවා. මට පුදුම හිතෙනවා මේ කමෙන්ට් මගින් පාඨකයින් දී ඇති ප්‍රතිචාර ගැන... රැජිනගේ අභාවය පිළිබඳව ශෝක ප්‍රකාශ කළාම ඒකට ඩිස්ලයික් කරපු අය කී දෙනෙකු ඉන්නවාද?

:       89       13

WikramaFriday, 09 September 2022 03:32 PM

ඔබතුමා, පුදුම වෙන්න ඕන අපේ රටට මෙයාලා කරපු විනාශ දන්නෙ නැති එක ගැන... මම මේ කියන්නේ යටත් විජිත කාලේ කරපුවා ගැන නෙමෙයි... ජීවත්වෙලා හිටපු කාලේ කරපු දේවල් ගැන. චැනල් 4 නාලිකාවත් මෙයාගේම අයිතිය යටතේ තිබුණු එකක් බව එළි වුනේ ඒක විකුණන්න ගියාම...!

:       7       61

AsithFriday, 09 September 2022 03:36 PM

ඔබ දන්නවාද මෙයාලා කොටි ඒ රටේ තියාගෙන පෝශණය කරපු තරම්... ජිනීවා වලදී අපේ හමුදාවට එරෙහිව චෝදනා කළාට කිසිම දවසක කොටින්ට අබමල් රේණුවක තරම්වත් චෝදනාවක් නොකරපු බව. අපේ රටට එහෙම කළේ, අපේ මිනිස්සු මොවුන්ට මොන වරදක් කළාටද?

:       7       53

විපරමා Friday, 09 September 2022 03:44 PM

සදහටම ජීවත්වෙනවා කියලා හිතන.., මොලේ උඩ ඉන්න අය ගැන මොන කතාද?

:       36       0

BhanukaFriday, 09 September 2022 04:50 PM

කරන තරමක් අමන වැඩකරලා, රටවල් නන්නත්තාර කරලා ඊට පස්සේ මැරුණාම අනුන්ගේ ප්‍රාර්ථනයෙන් සමාදානයේ සැතපෙන්න ඉන්න එපා. ජීවත්වෙලා ඉන්න කාලෙම සමාදානයේ සැතපෙන්න පුළුවන් විදියේ මනුස්ස වැඩ කරන්න. මෙයාලාගේ පාලනය යටතේ තිබුණු රටවල් ටික කියන්නම්. ඒවට වෙච්චි දේ හිතාගන්න. ශ්‍රී ලංකාව, ඉන්දියාව, බංග්ලාදෙශය, ඇෆ්ගනිස්ථානය, සයිප්‍රසය, බෝස්ට්වානාව, බහමාස් දූපත්, ඊජිප්තුව, ඉරාකය, ජැමෙයිකාව, ජෝර්දානය, කෙන්යාව, මියන්මාරය, නයිජීරියාව, සියරා ලියොන්, සිම්බාබ්වේ, ඝානාව, මාලදිවයින්, ස්වාසිලන්තය, ටොන්ගා, උගන්ඩා, සූඩානය, දකුණු අප්‍රිකාව... සදාකාලිකව දියුණු වෙමින් පවතින රටවල්. මේවායේ නීතිය, අධ්‍යාපනය, පරිපාලනය හදලා ගියේ මෙයාලා තමයි. කැනඩාව, ඕස්ට්‍රේලියාව, නවසීලන්තයට දියුණු වෙන්න දුන්නේ සියළු ස්වදේශිකයින් මර්ධනය කරලා සුදු ජාතිකයන් බලය ගත් නිසා විතරයි. මැය මියෙන විටත් එම රටවල් වල නායිකාව ඇයයි. අපේ හරක් මොවුන්ට තවත් ආවඩනවනේ ඉතින්... රාජපක්ෂලාට ආවඩන බයියොයි, සජිත්ට ආවඩන ටොයියොයි, බටහිරට ආවඩන මැට්ටොයි අතර වෙනස නම්වල විතරයි...

:       5       65

BamunuarachchiSaturday, 10 September 2022 06:55 AM

Wikrama 1. අපි කතා කරන්නේ අභාවප්‍රාප්ත එලිසබත් රැජින ගැනයි නැතුව බ්‍රිතාන්‍යයන් ලෝකෙට කොරපුදෙවල් නොවෙයි. ඔබ මැරුණාම ඔබේ සීයා කරපු නොපනත් කම් ගැන ඔබට දොස්කියලා වැඩක් නැත. 2. බ්‍රිතාන්‍යයන් ලංකාව අල්ලා නොගත්තානම් අදත් අපිව පාලනය කොරන්නේ වඩුග දෙමළුන් බව අමතකද? ඒ වඩුග රජවරු බිසවුන් හෙවත් දෙමල ගැහැණු ගෙනාවේ ඉන්දියාවෙන් බව අමතකද? එහෙනම් මේ වෙන විට ලංකාවේ රාජ්‍ය බාශාව දෙමළ ඉතුරු රරිය කියන්න ඕනේ නැහැනේ. 3.බ්‍රිතාන්‍යයන් ලංකාවේ නොසිටින්න දෙවැනි ලෝක යුද්ද කාලේ ජපනා ලංකාව අල්ලගන්න බව දන්නේ නැද්ද?

:       30       5

BamunuarachchiSunday, 11 September 2022 06:45 AM

Wikarama මොකෝ උත්තර නැත්තේ?

:       0       0

WikramaSunday, 11 September 2022 01:13 PM

බමුණා මහතා ඉතින් එලිසබෙත් උත්තමාවිය තමයි හොඳටම කරේ කියල අපේ සුද්දාගේ ගැති උන් හිතන් ඉන්න බව අපි දන්නව. ඒත් එයාගෙ කෙරුවාව, එයා යටතේ හිටපු අප්‍රිකානු රටවල් වල මිනිස්සු බීබීසී, සී.එන්.එන්, රොයිටර් ඇතුලු ප්‍රසිද්ධ මාධ්‍ය වල සමාජ ජාලා වල ලස්සනට ලියල තිබුනා. මතක තිය ගන්න එයාලා නිදහස් වුනේ 1980 ගනන් වල. ඒ කාලේ මෙයා තමයි ‍රැජින. අනිත් එක චැනල් 4 එකෙන් ලංකාවට සහ හමුදාවට සලකපු හැටි අමතක වෙන්න තරම් ඔයා තරුණ නැති බව අපි දන්නව. (කොමෙන්ට් එකට රිප්ලයි දාන්න කලින් කියවල ඉන්න කරුණාකරලා.) 2. බ්‍රිතාන්‍යයන් ආවේ සිංහලයා වඩිගයන්ට විරුද්ධව කැරලි ගහන කාලෙ. ඒකයි සිංහලයම වඩිගයව අල්ලල උන්ට දුන්නේ. උන් නාවා නම් අපේ උන්ම බලය ගන්නවා. 3. බ්‍රිතාන්‍යයන් නිසයි ලංකාව සහ ඉන්දියාව ජපනට විරුද්ද වෙන්න තීරණය කරෙත් කියන එක මතක තියා ගන්න. එදා ජර්මනියෙන් සහ ජපානයෙන් හොඳට කෑවෙ නැත්තන් උන් අපිට නිදහස නොදෙන බවත් මතක තියා ගන්න.

:       0       17

කම්ම Friday, 09 September 2022 12:23 AM

මාළිගාවක රැජිණක්සේ ජීවත් වුවද මනුලොව දමා ගියේ හිස් අතිනි...!!

:       12       227

පිටරැටියා Friday, 09 September 2022 05:18 PM

සුඛෝපභෝගි ජීවිතයක් ගතකරපු, කාසල් කීපයක හිමිකාරිය වූ මහරැජින ලෝකෙම ධනවත් කාන්තාවයි. සියල්ල අතහැර යන්න වුණා.

:       2       28

ganegoda Friday, 09 September 2022 01:42 AM

සමාදානයේ සැතපේවා...!

:       92       22

WCA Friday, 09 September 2022 03:00 AM

බුදුදහමේ පරම සත්‍යය සියලු දේ නැසෙන සුළුයි...

:       1       89

Santhu Friday, 09 September 2022 03:15 AM

රෝයල් සිස්ටම් එකේ අවසානය විය හැකිද?

:       7       85

LGPJ Friday, 09 September 2022 05:55 AM

නිවන් සුවය ලැබේවා...!

:       73       15

Nisanka Friday, 09 September 2022 06:22 AM

ඔබට සුව නින්දක්.. ඇය ජීවිතයේ කරන ලද ඉතා අනුවන ක්‍රියාවක් නම් 1948 අප රටට නිදහස දීමයි. ඒකෙන් ප්‍රයෝජන ගත් අපේ කලු සුද්දෝ 2022 වන විට රට මුලුමනින්ම බංකොලොත් කර ඇත.දැන් අපිට හරි සැප.

:       289       50

nikaFriday, 09 September 2022 09:15 AM

මගෙ මුලු හදවතින්ම එකගවෙමි රජින සමාදානයේ සැතපේවා.

:       119       14

ChinthanaFriday, 09 September 2022 09:29 AM

1948 ලංකාවට නිදහස දුන්නෙ ජොජ් රජු. එලිසබත් රජින රජ වුනෙ 1952

:       40       18

PereraFriday, 09 September 2022 10:35 AM

1948දි ලන්කාව යටත්ව සිටියෙ මෙතුමියගෙ පියා 6 වන ජෝර්ජ් රජ්ජුරුවන්ටයි.

:       42       15

rusiruFriday, 09 September 2022 02:09 PM

ලංකාවට නිදහස දෙනකොට වගේම ලංකාව අල්ලගන්න කොටත් බ්‍රිතාන්‍යෙය් රජ පවුල නාමික රාජ්‍ය නායකයින් විතරයි. දාහත්වෙනි සියවසේ ඉඳලා බ්‍රිතාන්‍යයේ තීන්දු තීරණ ගන්නේ පාර්ලිමේන්තුවෙන්... අදටත් හමුදාව යුද්ධ කරන්නේ රැජිණගේ/ රජ්ජුරුවන්ගේ නමින්.., ඒත් යුද්ධය ගැන තීරණ ගන්නේ පාර්ලිමේන්තුව...

:       36       4

Anura Nanayakkara Friday, 09 September 2022 08:28 AM

උසස් ගතිගුණ වලින් යුක්ත රාජ්‍ය නායිකාවක්.

:       249       39

Robert Friday, 09 September 2022 08:44 AM

ඔබතුමිය සමාදානයේ සැතපේවා.

:       165       26

Bunny Preena Friday, 09 September 2022 08:49 AM

සමාදානයේ සැතපේවා...!

:       155       28

ලුම්බිණි Friday, 09 September 2022 09:13 AM

ඔබට සුබ ගමන්...!

:       78       14

Nandana Friday, 09 September 2022 02:06 PM

ලෝකයෙන්ම බලවත්

:       43       4

Lal Friday, 09 September 2022 02:10 PM

ඔබතුමියට තිබූයේ අලංකාරවත් දිවියකි... සාමාදානයේ සැතපේවා මහරැජිණියනි...

:       34       9

බද්රානි Friday, 09 September 2022 10:15 PM

බලාගෙන ගියාම ලංකාවේ ගෝත්‍රිකයින් එංගලන්තයේ රැජින සමගත් පුදුම වෛරයක්නේ තියෙන්නේ. තමන්ගේ ජාතිය ලොව ගෞරාන්විත ජාතියක් බවට පත් කල රජ පවුලට බ්‍රිතාන්‍ය වැසියන් පමණක් නොවේ මුළු මහත් ලෝකයම ගරු කරනවා. එදා බ්‍රිතාන්‍යයින් අපට ලබා දුන් අධ්‍යාපනය නොවන්නට මේ උඩුබුරන බොහෝ අය තවමත් ගෝත්‍රික වැද්දන්. සුළුවෙන් හෝ යම් අධ්‍යාපනයක් ලබා ගත්තත් ගෝත්‍රික ගතිය අරින්න බැහැනේ. ඒකනේ ඉතින් හොර තක්කඩියන්ට රජවරු කියලා හිතාගෙන වඳින්නෙ. ලෝකෙන්ම හිඟන ජාතිය මහ රැජිනටත් වඩා ඉහලයි හිතාගෙන ඉන්නේ. එක අතකට මේ කොහෙවත් ඉන්න අමනයින්ගේ ආදර ගෞරවය මොකටද, ලෝකයක් ගරුකරන රැජිනට? එතුමිය සමාදානයේ සැතපේවා!!

:       53       4

KevinSunday, 11 September 2022 08:39 PM

ලෝකය සුපිරියටම ගරු කරගෙන ආව නිසා යූටියුබ්, ට්විටර් වල කමෙන්ට් අක්‍රීය කරලා තියෙන්නේ... සක්‍රීය කරපු ෆේස්බුක්, ට්විටර් එකවුන්ට් වල මිනිස්සු ලස්සනට අමතලා තියෙනවා ඉතිහාසය එහෙම මතක් කරලා. ලංකාවේ මිනිස්සුත් ඉතින් මැරිලා ඉපදුණේ නෑනේ.. කොටින්ට උදව් කරපු හැටි අමතක වෙන්න තරම්. ඒ රටේ මිනිස්සු නම් ගරු කරනවා..

:       0       0

Bamunuarachchi Saturday, 10 September 2022 06:57 AM

බෞද්ධයෙකු හැටියට ඔබට නිවන්සුව පතනවා.

:       0       3

Nihal Saturday, 10 September 2022 10:36 PM

වරණ භේදය නිසා මේ වසරේ මේ වනකොට කුඩා දරුවන් 28ක් පිහියෙන් ඇනලාම මැරුවා. අපෙත්, ලෝකයෙත් ජාතික වීරයෝ ඇතුළු ජන සංහාරයක් කරපු, කරන ලෝකයට ම්ලේච්ඡත්වය ආරම්භ කරපු ම්ලේච්ඡයෝ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

ට්‍රම්ප් එක්ක බදු කතා සාර්ථකයි
2025 අප්‍රේල් මස 23 195 0

ඇමරිකාව පැනවූ තීරු බද්දට සහනයක් ලබා ගැනීම සඳහා ඇමෙරිකාව සමග කළ සාකච්ඡා ප්‍රතිඵල දායක බව එහි ගිය ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායම තමාට දැනුම් දුන් බව ජනාධිපත


වැඩි මිලට ජල බෝතල් විකුණන්නට රතු එළියක්
2025 අප්‍රේල් මස 23 9 0

වැඩි මිලට පානීය ජල බෝතල් විකුණන වෙළෙදුන් සොයා දිවයින පුරා වැටලීම් අඛණ්ඩව සිදුකරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.


වාණිජ වටිනාකමැති ආණ්ඩුවේ ඉඩම් ආයෝජකයන්ට දෙනවා
2025 අප්‍රේල් මස 23 244 1

වාණිජ වටිනාකම් සහිත ඉඩම් ආණ්ඩුව තියාගෙන ඉන්නේ මොකටද? ඒවා විනිවිද භාවයෙන් ආයෝජකයන්ට ලබාදෙන්න සූදානම් යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මොරටුවේ ද


පාසලකට ඇතුළු කිරීමේදී වෙන අසාධාරණ අමාත්‍යාංශයට කියන්න
2025 අප්‍රේල් මස 23 169 0

දරුවන් පාසලට ඇතුලත් කිරීමේදී දේශපාලනඥයින්, රාජ්‍ය නිලධාරීන්, විදුහල්පතිවරුන් වාසි ගත්ත කාලය අවසන් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැව


මධ්‍යම තැපැල් හුවමාරුවට කෝටි 15ක මත්ද්‍රව්‍ය ඇවිත්
2025 අප්‍රේල් මස 23 262 0

රුපියල් පහළොස් කෝටි හතලිස් පන් ලක්ෂ පනස් දහසක් වටිනා , ’’ කුෂ්’’ සහ ’’ හෂීෂ් ’’ මත්ද්‍රව්‍ය තොගයක් ,ජාත්‍යාන්තර අධිවේගී තැපැල් සේවය (Express Mail Service ) ඔස්සේ , කො


දේශබන්දුගේ පැටිකිරිය හොයන කමිටුව පත් කරයි
2025 අප්‍රේල් මස 23 420 0

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව ඇති චෝදනා පිළිබඳව විමර්ශන කෙරෙන ත්‍රිපුද්ගල කමිටුව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් අද (23) පත්


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 667 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 333 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 480 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site