(ජේ.ඉඳුරුවගේ)
දිවයිනේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස අප්‍රිකානු සූකර උණ රෝගය (AFS) සහ අභිජනන හා ශ්වසන සහ ලක්ෂණ රෝගය (PRRS) සඳහා ආසාධිත හෝ රෝග අවදානම් ප්‍රදේශයන් ලෙසත් ඌරන් මේ රෝග අවදානම් සතුන් ලෙසත් ප්‍රකාශයට පත් කරමින් සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රිකා හේමාලි අඅබේරත්න කොතලාවල විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
ඔක්තෝම්බර් 25 දාතමින් මාස තුනකට වලංගුවන ලෙස නිකුත් කර ඇති මෙම ගැසට් නිවේදනය මගින් ඌරු උණ පැතිරීම වලක්වාලීමට ක්‍රියා මාර්ග රැසක්ද ප්‍රකාශයට පත් කෙරිණි .
ඒ අනුව සියලුම අවදානම් හා ආසාධිත ඌරන් ඝාතනය ,ඌරු මස් ආශ්‍රිත නිෂ්පාදන ,රෝග කාරක ද්‍රව්‍ය ආසාධිත ප්‍රදේශවල හෝ පිටතට ප්‍රවාහනය හා ඉවත් කිරීම , අවදානම් ඌරන් කෘත්‍රිම අභිජනනය කිරීම ,සජීවි සත්ව වෙළඳාම ,තරග පැවැත්වීම,ඌරන් ,ඌරු මස් නිෂ්පාදන ,රෝග කාරක ද්‍රව්‍ය විකිණීම හා ගබඩා කිරීම මියගිය රෝගී සතුන් ජලය සම්බන්ධ ස්ථානවලට හෝ වෙනත් තැනකට ප්‍රවාහනය වන පරිදි දැමීම තහනම් කර තිබේ.
මෙම තහනම් ක්‍රියා සිදු කිරීම වැළැක්වීමට අදාල සෞඛ්‍ය නිලධාරීන්ට බලතල පවරා තිබේ.
මානව රූපී රොබෝවරුන් සහ මිනිස් තරඟකරුවන් කරටකර තරඟ වැදි හාෆ් - මැරතන් තරඟයක් චීනයේ බෙයිජිං නුවරදී පසුගියදා පැවැත්වුණේය.
ලබන වසරේ ඇරඹීමට නියමිත නව අධ්‍යාපන ක්‍රමයේ එක් ඉලක්කයක් ලෙස මෙරට පාසල් අතර පවතින විශමතාවයන් අවසන් කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය
මහනුවර නගරයට ඇදී එන ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ට ලබා දෙන සහන සහ පහසුකම් වැඩි කිරීම සඳහා විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉ
රාගල සිට අම්පාර සියඹලාණ්ඩුව දක්වා ධාවනය වූ බොලරෝ වර්ගයේ කැබ් රථයක් අද දින අනතුරට ලක් වීමෙන් එහි ගමන් ගත් 08 දෙනකු තුවාල ලබා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහල
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
දිවයිනටම ඌරු උණ අවදානමක්
Priyantha Dissanayake Tuesday, 29 October 2024 08:00 AM
අදාල අය නම් මේ පනවා ඇති සෑම කොන්දේසියක්ම කඩනොකර ආරක්ෂා කරයි. එයාලා කෙසේවෙතත් මහජනතාව ඔවුන් ඒවා කඩකන්නේ දැයි පරීක්ෂාකාරීව, සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට සහයෝගය දීමටත් ඌරුමස් පරිභෝජනයෙන් වැළකීමටත් තරයේ අදිටන් කරගන්න ඕනෑ. උණ කෙසේවෙතත් ඌරන්ගේ නම් හොඳ කාලයක් මාස 3ක් හරි. මේ වගේම ගවයින් සහ එළුවන් ආදී සතුන්ටත් බලපාන දැඩි නීතියක් බලපාන්නේ නම් කොතරම් හොඳද? මිනිසුන්ගේ මාංශ, තෘෂ්ණාව ටිකක්වත් අඩුකර ගන්න බොහෝදුරට ඉවහල්වේවි. එක්තරා කාලෙක මාළුවලටත් මෙලෙස ගැටළුවක් ආවා. එය මඟහරවන්න එක්තරා දේශපාඥයෙක් ජනමාධ්‍ය ඉදිරියේ මාළු අමුවෙන් කා පෙන්වන්න යෙදුණා. ඒ මේ කෙසේවෙතත් අනන්ත වූ තුණුරුවන් ගුණානුභාවයෙන් ශ්‍රී ලංකාවාසි සියලුම දෙනා රෝග බියෙන් මිදේවා, ආයු වර්ණ සැප, බල, ප්‍රඥා අභිවර්ධනය වේවා..! ධර්මයට යොමුවේවා..! දැහැමි වේවා..!
Gona Tuesday, 29 October 2024 10:45 AM
ඌරු මස් තහනම් කරමු...
සූත්තර පුංචා Tuesday, 29 October 2024 11:44 AM
ගෝඨාභය ජනාධිපති කාලයේ කෝවිඩ් රෝගය අවසන් වෙලා අරගලය සමග ක්‍රමයෙන් ඌරු උණ ටික ටික ව්‍යාප්ත වෙන්න ගත්තා...!