IMG-LOGO

2025 අප්‍රේල් මස 23 වන බදාදා


දේවස්ථානයක පිංකැට තුනක් කඩා මුදල් සොරකම් කරලා

(  තිලකරත්න දිසානායක.)

ගම්පහ , ඉදිගොල්ල දේවස්ථානයට ඇතුළුවූ සොරෙකු එහි තිබූ පිං කැට තුනක් කඩා මුදල් රැගෙන ගොස් ඇති බව ගම්පහ පොලීසිය පවසයි. 

අලුයම් කාලයේ දේවස්ථාන භූමියට ඇතුලුවී ඇති අයෙකු පිං කැට කඩා මුදල් රැගෙන යන අන්දම දේවස්ථානයෙහි ආරක්ෂිත කැමරාවල සටහන්ව ඇති බවද පොලීසිය සදහන් කරයි. 

මෙලෙස මුදල් සොරා ගැනීම සම්බන්ධයෙන් මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන් ජයසිංහ මහතාගේ උපදෙස් පරිදි අපරාධ විමර්ශන අංශාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිලන්ත ගුණවර්ධන මහතාගේ මෙහෙයවීම මත සිදුකළ විමර්ශන අනුව හොරා පිං කැටවල තිබූ මුදල් නෝට්ටු පමණක් ගෙන කාසි ඉවතට දමා ඇති බව පෙනී ගොස් ඇති බව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා පැවසීය. 

පිං කැටවල තිබී දමා ගොස් තිබූ කාසි රැස් කොටදේවස්ථානයේ පියතුමෙකු විසින් දේවස්ථානය තුලට රැගෙන ගොස් ඇති බැවින් සොරකම සිදු කළ හොරාගේ ඇගිලි සලකුණු ලබා ගැනීම අපහසුවී ඇති බවද පොලීසිය පවසයි. 

සොරා අත් අඩංගුවට ගැනීම සදහා පොලීසිය පරීක්ෂණ අරඹා ඇත. 

 



අදහස් (0)

දේවස්ථානයක පිංකැට තුනක් කඩා මුදල් සොරකම් කරලා

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

කුඩ්ඩා මාර්ටින් වික්‍රමසිංහ නිවෙසින් ඉස්සූ රනින් කළ රුවල 7000 විකුණලා
2025 අප්‍රේල් මස 22 1594 0

මහ ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ පුතා ජීවත් වූ කොළඹ 07 නිවසේ තිබූ රන් ආලේපිත මිල කළ නොහැකි කෞතුක භාණ්ඩයක් වූ රුවල් නැවක් සොරකම් කළේ යැයි කියන සැකකර


රන් පවුමක් 255,000 ක් වෙයි
2025 අප්‍රේල් මස 22 665 0

ලෝක වෙළෙඳපොලේ රත්තරන් මිල ඉහළ යෑමත් සමඟ කොළඹ හෙට්ටිවීදිය රත්තරන් වෙළෙඳපොලේ කැරට් 22 ක රත්තරන් පවුමක මිල අද (22) පස්වරුව වන විට රුපියල් 255,000 ක් දක්වා ඉහළ ගිය


ඇමති වාහන දෙකකට සීමා කරයි
2025 අප්‍රේල් මස 22 996 0

අමාත්‍යවරයකුට පාවිච්චි කළ හැකි රජයේ වාහන සංඛ්‍යාව දෙකකට සීමා කරමින් ජනාධිපති ලේකම්වරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කර ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි ම


සිසුන් පහරදී සිසුවා මරලා
2025 අප්‍රේල් මස 22 2225 0

පූජාවකට සහභාගි වී සිටි සිසුවකු කඩිහාගම ප්‍රදේශයට රැගෙන ගොස් පහරදීමෙන් බරපත තුවාල ලබා කුරුණෑගල රෝහලේ ප්‍රතිකාර ලැබූ සිසුවා අද දහවල් මියගිය බව පොලිසිය


පාස්කු විමර්ශන වලින් මූලික ගැටලු දෙකක් විසඳා ගත්තා
2025 අප්‍රේල් මස 22 1275 0

පාස්කු ප්‍රහාරය සම්බන්ධව විමර්ශනවලදී නිරාකරණය කරගත යුතු ප්‍රධාන ගැටලු හයෙන් දෙකක් මේ වන විට නිරාකරණය කරගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහත


ඩෑන් ප්‍රියසාද්ට වෙඩි තබයි
2025 අප්‍රේල් මස 22 6391 0

සමාජ ක්‍රියාකරුවකු වන ඩෑන් ප්‍රියසාද් නමැත්තාට මීට සුළු වේලාවකට පෙර නාඳුනන තුවක්කුකරුවකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩි


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 607 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 308 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 465 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site