IMG-LOGO

2024 නොවැම්බර් මස 05 වන අඟහරුවාදා


‘‘දුව මෙහ‍ෙකාරකමට යැව්වේ ණය ගෙවාගන්න බැරි නිසායි‘‘

(ඩයනා උදයංගනී සහ මහනුවර ෂේන් සෙනෙවිරත්න)

රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයට තම 15 හැවිරිදි දියණිය යැවීමට සිදුවූයේ තමා ලබාගෙන තිබූ ණය ගෙවාගැනීමට වෙනත් ක්‍රමයක් නොතිබූ නිසා බව එම නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී පිළිස්සී මිය ගිය ජේ. ඉෂාලිනී නැමති දැරියගේ මව වන රාජමානික්කම් රංජනී මහත්මිය පැවසුවාය.

එම නිවසේ දී විවිධ හිරිහැර සිදුවන නිසා එහි සිටීමට නොහැකි බව දියණිය දුරකතනයෙන් පැවසූ බවත් ඇගේ මරණය සැක සහිත බවත් ඇය සඳහන් කළාය.

හැටන් ඩයගම ප්‍රදේශයේ පදිංචිව සිටි මෙම දැරිය ඉකුත් නොවැම්බරයේ සිට රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයට ගොස් ඇත්තේ තැරැව්කරුවකු මාර්ගයෙනි.

තම දියණියගේ මරණය සම්බන්ධයෙන් සාධාරණය ඉටු කරගැනීම සඳහා මැදිහත් වන ලෙස මියගිය දැරියගේ මව්පියන්  මහනුවර මානව හිම්කම් කාර්යාලයට පැමිණ එහි අධ්‍යක්ෂක නන්දන මනතුංග පියතුමා ගෙන් ඉල්ලීමක් කළ අතර එම කාර්යාලයට පැමිණිල්ලක් ද කළහ.

ඉන් අනතුරුව ඔවුහු මාධ්‍ය හමුවේ අදහස් දැක්වූහ.

ගැහැනු දරුවන් පස් දෙනකු හා එක් පිරිමි දරුවකුගෙන් යුත් පවුලේ සිටින පවුලේ තෙවැන්නා බවත් රුපියල් 25,000 ක මාසික වැටුපකට ඇය පිටත් කර හැරියත් ඔවුන් ලබා දුන්නේ රුපියල් 20,000 ක මුදලක් පමණක් මෙහිදී සඳහන් විය. මෙහිදී ඇගේ මව මෙසේ ද පැවසුවාය.

“කොරෝනා කාලයේ මගේ මහත්තයාට සහ පුතාට වැඩ තිබුණේ නැති නිසා ජීවත්වෙන්න තැන් තැන්වලට ණයවෙන්න සිදුවුණා. දුව මෙහෙකාර සේවයට එක්කගෙන ගිය කෙනාගෙනුත් රත්තරන් බඩුවක් තියලා රුපියල් තිස් දහස් ගණනක් අරන් තිබුණා. එයා අපේ නිවසට ඇවිත් ඔයාට අවුරුදු 13ක සහ දෙකක පොඩි ළමයි ඉන්න නිසා අම්මා ගෙදරින් ගියොත් ඒ ළමයි පවු ලොකු දුවල දෙන්නගෙන් කෙනෙක් ගෙදරක සේවයට එවන්න කිව්වා. ඒ වෙලාවේ ඉෂාලිනී දුව යන්න කැමති වුණා. මිදුලට ඇවිත් මිනිස්සු ණය ඉල්ලල කෑ ගහන නිසා මම යන්නම් කිව්වා. අයියට විතරක් ණය ගෙවන්න අමාරුයි. මම ගිහින් මේ ණය ටික බේරන්නම් කීවා.

 



අදහස් (10)

‘‘දුව මෙහ‍ෙකාරකමට යැව්වේ ණය ගෙවාගන්න බැරි නිසායි‘‘

Bandara Wednesday, 21 July 2021 07:37 AM

අනේ මන්දා..!!! හරිම දුකයි...!

:       0       1

ලලිත් එම් Wednesday, 21 July 2021 08:30 AM

දරුවා යම්කිසි ක්‍රියාවක අහඹු ඵලයක් පමණක්ම වූ මෙවැනි දෙමාපියන්ට නීතිය ක්‍රියාත්මක නොකරන තාක් මෙවැනි අපරාධ විමර්ශන නිෂ්ඵල කාරණයක්...!!! 

:       24       31

Sanath DuabiWednesday, 21 July 2021 02:37 PM

දෙමව්පියන්ට නෙවෙයි දඬුවම කළ යුත්තේ මෙවැනි දරුවන් මෙහෙකාර සේවයට යවන්නට සිදුවන සමාජ ක්‍රමයටයි. රටක් විදිහට අපිත් ණය ගෙවාගන්න අපේ මව්වරු දූවරු වහල් සේවයට පිටරට පටවන තැනට රට පත්කළ පාලකයින්ටයි...

:       17       56

සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 21 July 2021 09:02 AM

ජාතියෙන්, කුලයෙන්, ධනයෙන්, බලයෙන්, උගත්කමෙන්, දැනීමෙන් හා නොයෙකුත් බලපුළුවන්කාර කම්වලින් දෑස් නොපෙනෙන අන්ධ මිනිසුනේ..!!! මේ මියගියේ නුඹලාගේ හා අපේම දරුවන් වැනි දරුවෙක්. දරිද්‍රතාවෙන් පීඩිතව සිටින තම පවුල සැපවත් කිරීමට මේ දරුවා මෙහෙකාරකමට ගියා. ඒත්, අවසානයේ ඇයට සිදුවුණේ, පාපතරයන් අතින් දූෂණයට ලක්වී ගින්නෙන්ද දැවී දුකසේ මියයාමටයි. රටේ දේශපාලකයන් සුරංගනා කතා නිතර කිව්වත්, රටේ ඇති දුක්ඛිත දරිද්‍රතා යථාර්ථය මේ සිද්ධියෙන් හොඳ හැටි ගම්‍යමාන වෙයි. යථාර්ථය මෙය වුවත්, සියලු දේශපාලකයන් වෙනුවෙන් හා පාර්ලිමේන්තුව වෙනුවෙන් වෙන්වෙන මුදල් සම්භාරය කෙතරම්ද? දේශපාලකයන් පරම්පරා හතකට රටේ මුදල් යටිමඩි ගහගෙන සුරසැප විඳිද්දී, මෙවන් දුගී දරුවන්ගේ හා පීඩිතයන්ගේ සැබෑ යථාර්ථය වටහාගෙන දේශපාලන ගැති බවෙන් දැන් හෝ මිදෙනු මැන අන්ධ මිනිසුනේ.. අන්ධ නුඹලාගේ අනුවණකම නිසා කෛරාටික හා කපටි දේශපාලකයා රටේ සම්පත් හා මුදල් ගිලදමා රට වළපල්ලට දමයි. පක්ෂ, පාට ඉවතදා සැබෑ මිනිසුන් මෙන් බුද්ධිය අවදිකර ගැනීමට කාලය උදාවී ඇත.

:       1       53

කිරිපුතා Wednesday, 21 July 2021 09:39 AM

දෙමාපියන්ගේ වැරදි තීරණ නිසයි ඒ දරුවා දුක්විඳලා මිය ගියේ... දරුවන් පෝෂණය කිරීම දෙමාපියන්ගේ වගකීමක්. දෙමාපියන් පෝෂණය කරන්න දරුවන් බැඳී නෑ.

:       23       27

mahinda Wednesday, 21 July 2021 10:30 AM

මෙය මියගිය ඒ දැරිවියට හෝ එම පවුලට පමණක් උරුම වූ කාරණයක් නොව සමස්ත දරිද්‍රතාවයෙන් පෙලෙන සියලු ජාතිකත්වයන්ට පාදඩ පාලනයයි.. වසර 72ක පාලනය උරුම කරදුන් සෞභාග්‍යයයි. බොහෝ දරිද්‍රතාවයන්ට පත් අය මේ පාදඩ පාලකයිනට ඡන්දය දෙනුයේ මින් යම් තරමකට සහනයක් පතාගෙනයි. අපේ ඡන්දයෙන් පාලකයින් වන අය අපේ බදු මදලින් තීරුබදු රහිත වාහන, ඉන්ධන දීමනා, සංග්‍රහ දීමනා, දූරකථන දීමනා, නිවාස දීමනා ඇතුලු අනේක සැප සම්පත් උරුම කරගනිද්දී ඔවුන්ට ඡන්දය දුන් දෙමව්පියන් ණය බරින් මිදීම සඳහා තම ඒ පාලකයින්ගේ නිවෙස්වල මෙහෙකාරකමට යවනවා.

:       0       204

Deepal Nirosh Wednesday, 21 July 2021 10:56 AM

කෝ අපේ වතුකර ජනතාවගේ මුර දේවතාවුන්? මැරුණු දැරියට දෙමාපියනුත් නැහැ.. වතුකර ජනතාවගේ මුර දේවතාවනුත් නැහැ. කාන්තා හා ළමා හිමිකම් උරුමක්කාරියනුත් නැහැ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් උරුමකරුවනුත් නැහැ. තනිවයි උපන්නේ, තනිවයි මැරෙන්නේ...

:       0       48

SUNIL MILANO Wednesday, 21 July 2021 12:39 PM

මේ අහිංසක අම්මලාගේ දුක් අඳෝනාවලට වගකීමක් ඇති ආණ්ඩුව වගබලා ගත යුතුයි. ඒ වගේම මේ අහිංසක දුවට අපරාධයක් සිදුවෙලා තියෙනවා නම් ... වහාම අත්අඩංගුවට ගත යුතුයි.

:       0       46

Andul Nasar Wednesday, 21 July 2021 01:19 PM

මේ අපරාධයට සම්බන්ධ සියලු දෙනාට තරාතිරම නොබලා උපරිම දඬුවම් දිය යුතුයි.

:       0       156

SUNIL MILANO Wednesday, 21 July 2021 03:15 PM

කෝ මේ පුතාණෝ..? ජෙප්පෝ මීක් සද්දයක් නෑ. ගෝලබාලයො ටිකත් එහෙමයි. බලාගන්න තිබුණා මේක සිදුවුණේ පොහොට්ටුවේ තැනක නම්... පස්ස උඩ දම දමා කටවල් උලාගෙන කෑ ගහන හැටි...

:       193       172

ඔබේ අදහස් එවන්න

දියත

මැගසින් බන්ධනාගාරයේ ’’හලෝ’’ බෙදූ ලොකු ජේලර් සහ නියාමක ගෙදර
2024 නොවැම්බර් මස 05 5 0

කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් වෙත ජංගම දුරකථන සැපයීමේ චෝදනාව මත එහි ප්‍රධාන ජේ‍රල්වරයාගේ සහ ගබඩා භාරකරු ලෙස කටයුතු කළ නියාමකවරයාගේ වැඩ තහනම්


රැඳවියා තවත් රැදවියෙක්ට පිහියෙන් ගහලා
2024 නොවැම්බර් මස 05 116 0

අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියෙකු අද (5) තවත් රැඳවියෙකුට පිහියකින් පහරදි තුවාල සිදුකර ඇතැයි දකුණු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාරයාලය ප


හාලිඇල වැලිමඩ පාරේ නාය යාමක්
2024 නොවැම්බර් මස 05 309 0

හාලිඇල වැලිමඩ මාර්ගයේ 100 වන කිලෝමීටර් කණුව ආසන්නයේ අද (05 ) පස්වරුවේ සිට නාය යෑමක් සක්‍රීය වෙමින් පවතින බව මාර්ග සංවර්ධන අධිකාරියට අයත් බදුල්ල විධායක ඉංජ


ඉදිරි වසර පහේ ඉලක්කය ජනපති කියයි
2024 නොවැම්බර් මස 05 977 0

ඉදිරි වසර පහ තුළ ග්‍රාමීය ජනතාවගේ දුගීභාවය තුරන් කිරීම, ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය සහ සමාජයීය තත්ත්වය ඉහල නැංවීම රජයේ ප්‍රධාන අරමුණක් වන බව ජනාධිපති අන


’’මහ ඡන්දයේ ප්‍රචාරයත් සාමකාමී’’
2024 නොවැම්බර් මස 05 359 0

මහ මැතිවරණයේ පූර්ව ප්‍රචාරක කටයුතු සමස්තයක් ලෙස ඉතාම සාමකාමී බව මැතිවරණ නිරීක්ෂකයෝ පෙන්වා දෙති


ඡන්ද පත්‍රිකා සියයට 70ක් බෙදා අවසන්
2024 නොවැම්බර් මස 05 82 0

මෙවර මහ මැතිවරණය සඳහා භාවිතා කරන නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා සියයට 70 ක් මේ වනවිට බෙදා අවසන් කර ඇතැයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පැවස


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 417 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1326 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 699 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site