IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


දේශපාලන අස්ථාවරත්වයෙන් අයි.එම්.එෆ් සල්ලි බෙදාහැරීම අවදානමක

(විමුක්ති එස් රුද්‍රිගු)

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිර්දේශ කර ඇති ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමටත් ණය හිමියන්,ණය ප්‍රතිව්‍යූගත කිරීමට එකඟ වී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබෙන මුදල් බෙදා හැරීමටත් දේශපාලන අස්ථාවරත්වය අවදානමක් ඇති කරන බව ෆිච් රේටින්ග්ස් ආයතනය පෙන්වා දුන්නේය.

මහජන විරෝධය වැළැක් වීමට රජය සමාජය වෙනුවෙන් සිදුකරන වියදම් වැඩි කර තිබුණත් ආණ්ඩුවට මහජනතාව ලබා දෙන සහයෝගය දුර්වල බව පෙනෙන්නට තිබෙන බව ෆිච් රේටින්ග්ස් ආයතනය සඳහන් කළේය.

අදායම් බදු ප්‍රතිසංස්කරණය පිළිබඳ අවශ්‍යතාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ඉදිරිපත් කර ඇති වැඩසටහනේ ප්‍රධාන අංගයක් බව ෆිච් රේටින්ග්ස් ආයතනය පැවසුවේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආධාර වැඩසටහන මගින් අයවැය පරතරය අවම කරගනිමින්,නම්‍යශීලී විනිමය අනුපාත සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ ස්වාධීනත්වය ඇතුළුව සාර්ව ආර්ථික ස්ථායීතාවය සාක්ෂාත් කර ගැනීම සඳහා ප්‍රතිපත්ති සැකසීම්වල තියුණු වෙනසක් සංඥා කරන බව පෙනෙන්නට තිබෙන බව ෆිච් රේටින්ග්ස් ආයතනය ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශ ඉටු කරන තුරු කාර්ය මණ්ඩල ගිවිසුමට විධායක මණ්ඩලයේ අනුමැතිය හිමි නොවන බව ෆිච් රේටින්ග්ස් ආයතනය පෙන්වා දුන්නේය.ණය හිමියන්ගෙන් ශ්‍රී ලංකාවේ ණය තිරසරභාවය පිළිබඳ  මූල්‍ය සහතිකයක් ලබා ගැනීම සහ පෞද්ගලික ණය හිමියන් සමඟ ගිවිසුමකට එළඹීමට උත්සාහයක් ගෙන තිබීම එක් නිර්දේශයක් බව ෆිච් රේටින්ග්ස් ආයතනය පැවසුවේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවේ ණය තිරසර නොවන බවට තක්සේරු කර ඇති නිසා ණය හිමියන් සමඟ සාකච්ඡා කිරීමේ ප්‍රතිඵලය ණය සහන මත පදනම් විය යුතු බව ෆිච් රේටින්ග්ස් ආයතනය සඳහන් කළේය.

2024 වසර වනවිට ශ්‍රී ලංකාවේ මූලික අතිරික්තය දළ දේශීය  නිෂ්පාදනයට සාපේක්ෂව සියයට 2.3 කින්  ඉහල යන බව ෆිච් රේටින්ග්ස් ආයතනය පුරෝකථනය කළේය.



අදහස් (7)

දේශපාලන අස්ථාවරත්වයෙන් අයි.එම්.එෆ් සල්ලි බෙදාහැරීම අවදානමක

හේමාල් Friday, 02 September 2022 09:16 PM

රටක් බංකොලෙත් කළ කොලකන්නි පන්නා දැමිය යුතුය.

:       2       19

ranjith Friday, 02 September 2022 10:06 PM

රටට හෙණ ගැහිලා ගියත් ඔලු ගෙඩි මාරුවකින් හරි බලේ තහවුරු කරගන්න පමණයි මේ පාලකයන්ට ඕන වෙලා තියෙන්නේ. මහජන මතය පිළිබිඹු වෙන රාජ්‍යයක් බිහිකරන්න උස්සහ ගන්න සුදුසු කාලය මේ.

:       1       15

Demuni Uduwara Saturday, 03 September 2022 05:36 AM

President has failed to country being stability due to suppression and loss of people's confidence !

:       3       9

දාස Saturday, 03 September 2022 05:51 AM

ඡන්දයක් පවත්වන්න , මිනිසුන්ට තම පාලකයන් තෝරගන්න ඉඩ දෙන්න , ඡන්දෙට සල්ලි ජාත්‍යන්තරයෙන් ලබාදෙයි.

:       3       10

dhamneth Saturday, 03 September 2022 12:17 PM

අපි හදිසි මැතිවරණ පවත්වන්න කියා ඉල්ලුවට ඡන්දයකින් නිවැරැදි තීරණයක් නොගත්තොත්...!

:       1       4

සෙනෙවිරත්න Saturday, 03 September 2022 01:39 PM

මෙතෙක්කල් කරලා තියෙන්නේ එහෙමනේ. ඒකනේ අපට මෙහෙම වුනේ. ඉදිරියටවත් ජනතාව හරි මිනිස්සු පාර්ලිමේන්තුවට යවාවි කියලා ධනාත්මකව හිතමු...

:       1       1

බද්රානි Saturday, 03 September 2022 02:15 PM

චීනයෙන් ලබාගෙන ඇති ණය පිළිබඳ තිරසාරත්ව මූල්‍ය සහතිකය මත තමයි මූල්‍ය අරමුදලෙන් ණය ලැබෙන්නේ... ණය ප්‍රතිව්‍යුහගත කිරීමටත් චීනය එකඟ නැහැ. ඒ නිසා ඔය ණය මුදල ලැබෙන්නෙත් නැහැ. දැන් ඉතින් ඉතිරිව ඇත්තේ, තියන දෙයක් කාලා වෙනදෙයක් වෙයි කියලා හිත හදාගෙන ජීවත්වීම පමණයි. ඒ වුණාට, අපි රොකට් ඇරපු, ලෝකෙට පේන්න උස කුළුණක් හදපු, වාහන නැතත්, මාවත් හයේ මහා මාර්ග හදපු ගුවන් යාන නැතත්, ගුවන් තොටුපොළවල් හදපු, සම්මන්ත්‍රණ ශාලා හා ක්‍රීඩාංගණ විනෝදෙට හදපු ලෝකෙන් උතුම් රටේ මහා ප්‍රෞඩ ජාතියක්. අපිට ඔය කාගෙන්වත් හිඟා කන්න ඕනෑ නැහැ. තියන විදිහල හලාල් නොමැති වඳ කොත්තුවක් කාලා දෙමල ඩයස්පෝරාවට බැන බැන ජොලියෙන් ඉන්නවා...

:       0       2

ඔබේ අදහස් එවන්න

දියත

පරාජය ඉදිරියේ මහින්දානන්ද ගත් තීරණය
2024 නොවැම්බර් මස 16 725 0

හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව (16) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින්


හම්බන්තොටට තද වැසි
2024 නොවැම්බර් මස 16 197 0

කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම වේල්ල ජලයෙන් යටවීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා ඇති විය.


පැරදුණත් පොරොන්දු ඉටු කරයි
2024 නොවැම්බර් මස 16 1528 0

මහ මැතිවරණයට තරග වැදි පරාජය වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් පුත්තලමේ ත්‍රි රෝද රථ රියදුරන්ට ලබා දුන් පොරෝන්දුවක් මත ත්‍රිරෝද ටයර් ප්‍


ලංගම බසයක් සහ ජේ සී බී යන්ත්‍රයක් ගැටී පහක් රෝහලේ
2024 නොවැම්බර් මස 16 182 0

ලංගම බස් රථයක් සහ ජේ සී බී යන්ත්‍රයක් කළුතර හොරණ මාර්ගයේ පනාපිටිය ප්‍රදේශයේ දී එකිනෙක ගැටී මගින් පස්දෙනකු රෝහල් ගතකර ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.


අලුත් මන්ත්‍රී නම් ගැසට් කරයි
2024 නොවැම්බර් මස 16 433 0

පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජය ගත් අපෙක්ෂකයන්ගේ නම් ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ .


ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව නටලි හාප්
2024 නොවැම්බර් මස 16 2343 0

ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 331 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 617 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1764 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site