IMG-LOGO

2025 අප්‍රේල් මස 24 වන බ්‍රහස්පතින්දා


දේශපාලන සිරකරුවන් 46කට කඩිනමින් නිදහස

(ලක්ෂ්මී ජයකොඩි)

සුළු සුළු වැරදිවලට බන්ධනාගාර ගත කර සිටින දෙමළ දේශපාලන සිරකරුවන් 46 දෙනකු නිදහස් කිරීම සඳහා වන මුලික වැඩකටයුතු ආරම්භ කර ඇතැයි අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ විජේදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්තී‍්‍ර සී. වී. විග්නේෂ්වරන් මහතා වෙත පවසා ඇත.

මෙම සිරකරුවන් සම්බන්ධයෙන් හිටපු අග විනිසුරු අශෝක ද සිල්වා මහතාගේ වාර්තාව ලැබෙන තෙක් බලා සිටින බවත් අමාත්‍යවරයා තමාට පැවසු බවද විග්නේෂ්වරන් මහතා සදහන් කරයි.

සැප්තැම්බර් මාසයේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේදි ශී‍්‍ර ලංකාව සම්බන්ධයෙන් එළිදැක්වීමට නියමිත වාර්තාව ඉතා බරපතල එකක් වනු ඇතැයි පැවසු විග්නේෂ්වරන් මහතා එම වාර්තාවට පෙර තමන් විසින් ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා වෙත ඉදිරිපත් කරනු ලැබු ඉල්ලීම් ඉටු කිරීමට ඔහු කටයුතු කරනු ඇතැයි විශ්වාසයද පළ කරයි.

ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම වෙනුවෙන් පාර්ලිමේන්තුවේ ඡන්දය පැවැත්වීමට පෙර පැවති සාකච්ඡාවලදි දෙමළ දේශපාලන සිරකරුවන් වහා නිදහස් කරන්නැයි හා උතුරු නැගෙනහිර පළාත්වල සිදුවන ඉඩම් ආක‍්‍රමණ වහා නතර කරන්නැයි ඉල්ලා සිටිය බවද එම ඉල්ලීම් ඉටු කිරීමට ජනාධිපතිවරයා පොරොන්දු වී ඇති බවද ඒ මහතා පවසයි.

තවද ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමටත් එහිදි ජනාධිපතිවරයා එකඟ වු බද හෙතෙම වැඩිදුරටත් සදහන් කරයි.

 



අදහස් (14)

දේශපාලන සිරකරුවන් 46කට කඩිනමින් නිදහස

Aruna Friday, 12 August 2022 02:49 PM

ලංකාවේ කොහෙද දේශපාලන සිරකරුවෝ..?

:       0       9

Mangala Friday, 12 August 2022 02:58 PM

නැතිව ඉතින් කොහොමද අප්පා එකම එක පාර්ලිමේන්තු ආසනයක් තුබුණ මිනිහෙක් ජනාධිපති වෙන්නේ?

:       22       68

BamunuarachchiFriday, 12 August 2022 05:16 PM

මංගලගේ අවමංගල කතාව නියමයි.මේ ගොයියට අමතක වෙලා ලක්ෂ 25 ගත්ත ස්ජියට අගමැතිකම ගන්න කිව්වාම භයවෙලා ගන්න බැහැ කිව්වා බව. එකතාව එතනින් නවත්වමුකෝ. අනික් කාරණාව තමයි දෙමල්ලු රටේ ඉඩම් ටිකයි හිරකාරයෝ නිදහස් කරන්න කියනවා මෙගොයියට පෙනුනේ නැහැ අවස්ථාවේ හැටියට අගමැතිකම බාර ගත්ත රනිල්ගේ පත්වීමයි මෙයාට පෙනුනේ. ඉතින් සුළුජාතිකයෝ රට අල්ල ගන්න එක අහන්න ඕනෙද?

:       12       15

විජේ Saturday, 13 August 2022 12:47 AM

බමුණුආරච්චි පට්ට ජාතිවාදියෙක්නේ... ඔයාලා වගේ අය ඉක්මණටම මේ ලෝකෙන් චුතවෙන්න ඕනේ...!

:       8       8

Mangala Saturday, 13 August 2022 01:08 AM

බමුණු ගොයියාට කියන එක තේරුම් ගන්න බෑ වගේ. යන්තම් ගාගෙන ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු ආව ගොයියා ජනාධිපතිකම ගන්න ගහපු ඩීල් තමයි මේ එළියට එන්නේ... ජනාධිපති තනතුර ගන්න වෙච්චි පොරොන්දු තමයි මේ ඉල්ලන්නේ කියලා තේරුම් ගන්නත් දැනුමක් ඕනෑඉතින්...!

:       1       11

Bamunuarachchi Friday, 12 August 2022 04:39 PM

මෙන්න දෙමළ බළලා මල්ලෙන් එළියට පැන්නා. මේ ගොයියා සර්වපාක්ෂික ආණ්ඩුවට එන්නේ හිරකරුවන් නිදහස් කරගන්නද? ආ බොල උතුරත් නැගෙනහිරත් අයිති සිංහල මෙරටට. ඒ ඉඩම් රටේ ජනතාව අතර බෙදෙන්න ඕනේ. දෙමළ මුස්ලිම් මෙරටට එනකොට ඉඩම් අරගෙන ආවේ නැහැ. විජයන කියන කල්ලතොනියා තවත් හොරු ටිකක් සමග මෙරටට ආවේ හිස් අතින් කොටන්වල එල්ලිලා. මෙය පල උනොත් ගණන් හිලව් ඇතිව ඉතුරු ටික ලියන්නම්.

:       20       57

sharm warnMonday, 15 August 2022 11:12 AM

ආ... දැන් රනිල්ගේ කරමල සුදුවෙලා පේන්න පටන් ගත්තද? තව යමු. ඔයා කොහොමත් දිව දෙකෙන් කතා කරන කෙනෙක්නේ බමුණු...

:       0       0

මැක්ස් Friday, 12 August 2022 04:46 PM

සුළු සුළු වැරදි කිව්වේ විග්නේෂ්වරන් මහත්තයෝ, සිංහල ගමක් දෙකක් ගාපු එක, බිම් බෝම්බයක් දෙකක් වළදාපු එක, ප්ලේන් එකක් දෙකක් බිමදාපුු එක වගේ ඒවාද?

:       0       9

Mangala Friday, 12 August 2022 05:17 PM

මේ තියන්නෙ අරගලේ ප්‍රතිපල. අරගලේට දැන් සතුටු ඇති, මේ දේශපාලුවො ඔක්කොම එකයි කල දුටු කල වල ඉහගනින් න්‍යාය තමා. දූෂණයට විරුද්ධ අරගලයක් කරන්නෙ නැතුව, මූණු වෙනස් කරන අරගල වැඩක් නැහැ කියලා දැන්වත් තේරුනොත් හොඳයි. දැනෙනව ඇතිනෙ දැන් ඉඟුරු දීලා මිරිස් ගත්තම වෙනදේ.

:       13       24

fairoosSunday, 14 August 2022 03:04 PM

මේ ඉන්නේ වහල්ලු. අරගල කළේ රනිල්ව ගේන්න නෙවෙයි. පොහොට්ටුවේ කට්ටියගේ ඡන්දයෙන් තමයි ඔතැනට ආවේ...

:       4       3

මංගල Friday, 12 August 2022 05:19 PM

ඔය සුලු සුලු වැරදි කියන්නේ මිනිස්සු 10ක් 15ක් ගම් වලට පැනලා කපලා කොටලා මරපු, එහෙම නැත්නම් බිම්බෝම්බ තියලා සිය ගානක් මරපු උන් වෙන්න ඇති නේද?

:       4       23

Raja Friday, 12 August 2022 06:51 PM

ඔන්න හොර ගිවිසුම්,රන්ජන් රමනායක ,රට වෙනුවෙන් අවුවේ වැස්සේ සටන් කරපු තරුන අරගල කරුවනුත් වහාම නිදහස් කරන්න. ඒ තරනයින් නොමැති නම් රනිල් තාම පසුපෙල මන්ත්‍රි වරයෙක්

:       4       19

විජේ Saturday, 13 August 2022 12:43 AM

නිදහස් කරාටනම් කමක් නෑ, ඒත් ඊට පස්සේ 24/7 මොනවද කරන්නේ කියලත් හොයලා බලන්න ඕනේ.. අනිත් වැඩත් එක්ක බලද්දී මරන්න ඉන්න හරක් නිදහස් කරා වගේ තියෙයි ඉතින්...!

:       1       4

sharm warn Monday, 15 August 2022 11:14 AM

රනිල් ගෝ ගම හදන්න එන කට්ටියගේ නම් මට මෙතැනින්ම කිව්වැහැකි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

පොලිසිය - හමුදාව දුම්රියටත් පනිති
2025 අප්‍රේල් මස 24 419 0

දුම්රියෙන් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන සහ විවිධ අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා සිදුකළ විශේෂ මෙහෙයුමකදී සැකපිට පුද්ගලයන් 12 කු ඇතුළු


ඉන්දු පාකිස්තාන දේශසීමා වසයි
2025 අප්‍රේල් මස 24 658 0

ඉන්දියාවට අයත් ජම්මු කාෂ්මීරයේ පහල්ගම් පළාතේ සිදුවුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඉන්දියාවත් පාකිස්තානයත් අතර අර්බුදයක් නිර්මාණය වී ඇති අතර, එය දිනෙන්


හිටපු ජනපතිලාගේ තවත් තටුවක් ගලවයි
2025 අප්‍රේල් මස 23 2038 0

හිටපු ජනාධිපතිවරුන්ට ජනාධිපති කාර්යාලයෙන් ලබා දී තිබෙන වාහන තුනෙන් එකක් නැවත බාර දෙන ලෙස ජනාධිපති ලේකම් ආචාර්ය සනත් නන්දිත කුමානායක මහතා හිටපු ජනපති


පාස්කු වාර්තාව අධ්‍යනයට ශානි අබේසේකරත්
2025 අප්‍රේල් මස 23 216 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වූ ජනාධිපති පරීක්‍ෂණ කොම්ෂන් සභා වාර්තාව අධ්‍යනය කිරීම සඳහා අලුතින් පත් කළ කමිටුවට ජ්‍යෙෂ්ඨ පොලිස් අධික


ට්‍රම්ප් එක්ක බදු කතා සාර්ථකයි
2025 අප්‍රේල් මස 23 1407 0

ඇමරිකාව පැනවූ තීරු බද්දට සහනයක් ලබා ගැනීම සඳහා ඇමෙරිකාව සමග කළ සාකච්ඡා ප්‍රතිඵල දායක බව එහි ගිය ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායම තමාට දැනුම් දුන් බව ජනාධිපත


වැඩි මිලට ජල බෝතල් විකුණන්නට රතු එළියක්
2025 අප්‍රේල් මස 23 17 0

වැඩි මිලට පානීය ජල බෝතල් විකුණන වෙළෙදුන් සොයා දිවයින පුරා වැටලීම් අඛණ්ඩව සිදුකරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 677 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 335 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 486 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site