IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


දේශීය නිෂ්පාදනවල මිල සියයට 60කින් ඉහළ යනවා

(යොහාන් භාසුර)

වැට් බදු සංශෝධනයත් සමඟ සෑම නිෂ්පාදන භාණ්ඩයකම මිල සියයට 50 ත් 60 ත් අතර ප්‍රතිශතයකින් ඉහළ යන බව ශ්‍රී ලංකා එක්සත් ව්‍යාපාරික සංසදයේ සභාපතිනී ටානියා අබේසුන්දර මහත්මිය අද (12) පැවසුවාය.

ආණ්ඩුව ව්‍යාපාරිකයන්ගෙන් බදු අය කිරීමට නම් ව්‍යාපාරිවලට සහයෝගය දැක්විය යුතු බවත් ආන්ඩුව ව්‍යාපාරිකයන්ගෙන් පමණක් බදු ගැනීමට උත්සහ කරන්නේ නම් බදුගෙවන්නේ කෙසේද යන ගැටලුව මතු වන බවත් ඇය පැවසුවාය.

මෙරට නිෂ්පාදකයන්ගේ භාණ්ඩ පාරිභෝගිකයන්ට අළෙවි කිරීම පිළිබඳව ගැටලුවක් පවතින බව ද ටානියා අබේසුන්දර මහත්මිය වැඩි දුරටත් කීවාය.

ශ්‍රී ලංකා එක්සත් ව්‍යාපාරික සංසදයේ සභාපතිනී ටානියා අබේසුන්දර මහත්මිය කොළඹදී විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් එසේ පැවසුවාය.  



අදහස් (7)

දේශීය නිෂ්පාදනවල මිල සියයට 60කින් ඉහළ යනවා

Nimesh Tuesday, 12 December 2023 05:41 PM

පිනාට හැමදාම ඕනේ වුනේ දේශීය නිෂ්පාදන නැතිකරලා ඉන්දියාව, චීනේ වගේ රටවලට එම අදායම් ලබාදෙන්න...

:       0       1

අරවින්ද මොනරවිල Tuesday, 12 December 2023 06:23 PM

ලංකාවේ ව්‍යාපාරිකයෝ බොහෝ දෙනෙක් හිතාගෙන හිටියේ රනිල් වැඩ්ඩා... ඒක නිසා ආර්ථිකයේ මාස හතරකින් පහකින් ගොඩදාලා දෙයි කියලා. දැන් තමයි රටට පැහැදිලි වෙලා තියෙන්නේ රනිල් කියන්නේ මෙලෝ දෙයක් බැහැ කියලා. මෙයා කරන්නේ ආර්ථිකය තව තවත් විනාශ කරන එකයි. ලැබෙන සල්ලී වලින් ආතල් ගන්න එකයි විතරයි කියලා.

:       0       0

බද්රානි Tuesday, 12 December 2023 07:45 PM

සිදුවිය යුතු දේ සිදුවෙමින් පවතිනවා... කන්න තියන කාලේ ඉල්ලුවේ "කන්න නැතත්, ඉන්න රටක් නේ."දැන් ඉතින් ආයේ අමුතුවෙන් කොත්තු කාලා වඳ වෙන්න ඕනෑ නැහැ.. කන්න නැතිව මන්ද පෝෂණයෙන් වඳ වෙන එක ස්වාභාවිකවම සිදුවෙනවා... කෝ අර කාලා තෙල වැඩිවෙලා තාප්ප වල චිත්‍ර ඇන්ද මෝඩ තරුණ රැල..? ඔවුන්ට රටේ ඉන්නත් වාසනාව නැති වුණා... ඒ කාලේ ඕනෑවට වඩා උඩ පනිද්දී මම මේ තීරුවේම ලිව්වා බිමට වැටී "චප්ප" වෙන බව... අමන පාලකයින්ගේ හා තක්කඩි පූජකයින්ගේ කෙබර අහලා "යක්ඛ පුත්තු " වෙන්න දඟලපු ඔබලාට දැන් නිසි ප්‍රතිඵලය ලැබී තිබෙනවා... ඕවා ගැන හිතන කොට මට නිකම් "කට්ටකින් අනිනවා" වගේ හැඟීමක් ඇතිවෙනවා. තිරිසන්නු නොවී මනුස්සයෝ වෙයල්ලා... එතකොට වගතුවක් වෙයි..

:       1       2

Jana Duka Tuesday, 12 December 2023 09:01 PM

මේ තිරිසන් පාලකයින්ට ජනතාව කෙතරම් දුක් වින්දත් බදුගහන එකයි, ලාබ ලබන රාජ්‍ය ආයතන විකුණන් කන එකයි ඇරෙන්න රාජ්‍ය ආදායම වැඩි කරන්න කිසිම වැඩපිළිවෙලක් නෑ.. මේ රටේ මිනිසුන් තමන්ගේ දරුවන්ට හරි හමන් කෑම වේලක් දීගන්න, ලෙඩකට බෙහෙත් ටිකක් ගන්න, පාසල් යන දරුවාට පොත් ටික, ඇඳුම් පැලඳුම් ටික ගන්න බැරිව කෙතරම් දුක් විඳිනවාද? ඒත් මේ අමන පාලකයින් හැමදාම හිතුවේ බලය රැකගන්න එක විතරයි. රටක් දියුණු කරන්න බදු ආදයම විතරක් මදි... රටට අලුත් විදේශ ආයෝජන ගේන්න කිසිම වැඩ පිළිවෙලක් නෑ. ඒ වගේම රටේ අපනයන දිරිමත් කරන්නවත් කිසිම දෙයක් නොකර බදු ගහන එක විතරක් කරන මිලේච්ඡ ආන්ඩුවක්. මේ දේශපාලුවන් බොහෝමයක් වැඩිවියට පත්වෙනකම් දෙමව්පියන්ගෙන් යැපිලා, ඉන් පස්සේ දේශපාලනයෙන් ලැබෙන වරප්‍රසාද සහ අමතර ප්‍රතිලාභ මත යැපෙන හිඟන රැලක්, මහ පොළවේ යතාර්තය ගැන කිසිම අවබෝධයක් නෑ. මිනිසුන් ජීවත් වෙන්න කරන කැපකිරීම් ගැන කිසිම හැඟීමක් වත් නැති මෙවන් අමනයින්ගෙන් මීට වැඩිය දෙයක් මේ රටේ මිනිසුන්ට බලා පොරොත්තු වෙන්න බෑ...!

:       1       1

බදු දෙන්නා Wednesday, 13 December 2023 05:56 AM

මේ වැට් බද්ද අයින් කරලා, නරකද ලැට් වලට යන උන්ට ලැට් බද්දක් ගැහුවොත්?

:       0       2

Mo77 Wednesday, 13 December 2023 07:06 AM

වැට් එක සියයට තුනකින් වැඩි වෙනකොට භාණ්ඩ මිල සියයට පනහකින් වැඩිවෙන හැටි පැහැදිලි කරල දෙනවනම් හොඳයි. ලංකාවේ SME ව්‍යාපාරිකයන් කියන්නේ මාෆියාකාරයෝ.

:       0       1

කාංචනා Wednesday, 13 December 2023 08:20 AM

නිෂ්පාදන මිල වැඩිවෙනවා කියන්නෙ ලංකා නිෂ්පාදන 60% කින් අඩුවෙනවා කියලා තමයි දැනටමත් ඇගලුම් කම්හල් බොහොමයක් වැසීයාමට පටන්ගෙන තිබුනත් එමගින් ඇතිවන ආර්ථිකයේ කඩාවැටීම වෙනුවෙන් මොකුත්ම කරන බවක් පේන්නෙ නැහැ මෙමගින් රැකියා ප්‍රශ්නය ඉතාමත් උග්‍ර වෙනවා කියලා කියන්න අවශ්‍ය නැහැ අපි ආයෙමත් පොහොට්ටුව දිනවීමට සහාය සදහා 15 දින සමුලුව සදහා වැඩිවැඩියෙන් සහභාගිත්වය දක්වමු (රනිල් ජනාධිපති වුනත් මුදල් ඇමතිවරයා වුනත් අයවැය සම්මත කලේ පොහොට්ටුවො කියලා අමතක නොකරන්න )

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

කෝටි 4 මත් සමග ජර්මන් පුරවැසියා නිදොස් කර නිදහස්
2024 ඔක්තෝබර් මස 07 335 0

රුපියල් කෝටි 04ක් වටිනා මනෝවර්ධක පෙති සහ කොකේන් ලඟ තබා ගත් බවට චෝදනා ලැබු ජර්මන් පුරවැසිභාවය හිමි ශ්‍රි ලංකිකයකු විත්තියේ සාක්කි නොකැඳවාම නිදොස් කොට න


මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය ගැන සොයන්නැයි පැෆරල් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 07 96 0

මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය නිසියාකාරව පාවිච්චි කරන්නේදැයි වහාම විපරමක් කරන ලෙස පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරයි.


කොස්තාපල්වරයකුගේ මළසිරුර කාණුවක
2024 ඔක්තෝබර් මස 07 495 0

අධිවේගී මාර්ග සංචාරක රථවාහන කොට්ඨාසයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකුගේ මල සිරුරක් කාණුවක තිබී අද (7) හමු වූ බව පමුණුගම පොලිසිය කියයි


පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අයට ඉක්මනින් දඬුවම් දෙන්න
2024 ඔක්තෝබර් මස 07 583 0

පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ පිරිස් නීතියේ රැහැනට හසුකරගෙන හැකි ඉක්මනින් එහි වින්දිතයන්ට සාධාරණයක් ඉටු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ගම්පහ දිස්


අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ඉල්ලා අස්වෙයි
2024 ඔක්තෝබර් මස 07 1020 0

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් කනිෂ්ක විජේරත්න මහතා එම ධූරයෙන් ඉල්ලා අස්විමේ ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට අද (07) භාර


කෝටි 3ක වැට් බදු නොගෙවූ සමාගම් අධ්‍යක්ෂකවරු 2ක් හිරේ
2024 ඔක්තෝබර් මස 07 5593 2

වසර දහයක් තිස්සේ රජයට නොගෙවා පෙහැර හැරියේය කියන රුපියල් තුන් කෝටි විසිපන් ලක්ෂයක(32512815.56) වැට් බදූ මුදල ගෙවීමට වසර පහක සහන කාලයක් ලබා දෙන්නැයි පාදුක්ක ප්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39342 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25647 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 341 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1129 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 389 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site