ශ්‍රී ලංකාවේ දේශීය පළමු පෙළ තරගාවලියේදී පිතිකරුවකු ලබාගත් ඉහළම ලකුණු සංඛ්‍යාව ලබාගැනීමට ටෙස්ට් ක්‍රීඩක දිනේෂ් චන්දිමාල් අද (26 වැනිදා) සමත් විය. සැරසන්ස් පිලට එරෙහිව කටුනායකදී පැවැති පළමු පෙළ තරගයකදී චන්දිමාල් මෙම ලකුණු සංඛ්‍යාව ලබාගත්තේය.
චන්දිමාල් පන්දු 391 කදී හතරේ පහර 33 ක් සහ හයේ පහර 9 ක් සමග ලකුණු 354 ක් රැස් කළේය.
කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේදී පැවැති පළමු පෙළ තරගයකදී වැඩිම ලකුණු සංඛ්‍යාව ලබාගැනීමේ වාර්තාව මහේල ජයවර්ධන සතුවෙයි. වසර 2006 දී දකුණු අප්‍රිකානු පිලට එරෙහිව කොළඹ එස්.එස්.සී. පිටියේදී ලකුණු 374 ක් ලබාගමිනිමින් මහේල ජයවර්ධන එම වාර්තාව පිහිටුවීය.
පළමු පෙළ තරග වලදී වැඩිම ලකුණු ලබාගත් ශ්‍රී ලාංකික පිතිකරුවෝ
374 - මහේල ජයවර්ධන (දකුණු අප්‍රිකාවට එරෙහිව ටෙස්ට් තරගයකදී )
354* - දිනේෂ් චන්දිමාල්
351 - කිත්රුවන් විතානගේ
342 - මිනෝද් භානුක
340 - සනත් ජයසූරිය 340 (ඉන්දියාවට එරෙහිව - ටෙස්ට් තරගයදී)
336 - කුසල් ජනිත් පෙරේරා
319 - කුමාර් සංගක්කාර (බංග්ලාදේශයට එරෙහිව - ටෙස්ට් තරගයකදී)
318 - උදාර ජයසුන්දර
300* - රමේෂ් මෙන්ඩිස්
වල්ලපට්ටා වගා ව්‍යාපෘතියක් පවත්වාගෙන යන මුවාවෙන් කුරුණෑගල නගරයේ නීති විරෝධී පිරමීඩාකාර මුල්‍ය සමාගමක් පවත්වාගෙන ගොස් රට පුරා ජනතාව වංචාවට ලක් කළේ ය
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා හිටපු අමාත්‍ය කංචන විජේසේකර මහතා පත් කිරීමට එම පෙරමුණ තීරණයට එළඹ තිබේ.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සංචාරයක් සඳහා හෙට (21) පෙරවරුවේ ඉන්දියාව බලා පිටත්ව යයි.
ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ගේ ග්‍රහණයේ පසුවන ඉතිරි ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරන ලෙසත්, එක් ප්‍රාණ ඇපකරුවකු වෙනුවෙන් ඇමෙරිකන් ඩොලර් මිලියන 5 ක
ඉන්දියාවේ අද්විතීය සංගීතඥයකු වන ඒ.ආර්. රහ්මාන් යුග දිවියට සමුදුන් බව ඉන්දීය මාධ්‍ය නිල වශයෙන් ප්‍රසිද්ධියට පත් කළේය. ඉන්දීය මාධ්‍ය මෙසේ වාර්තා කළේ ඒ.ආ
ඇමෙරිකාවෙන් ලැබුණු දිගු දුර මිසයිල භාවිතයට ගනිමින්, යුක්රේන හමුදා රුසියාවේ අභ්‍යන්තරයේ ඉලක්කවලට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර ඇත. යුක්රේන හමුදා දිගු ද
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
දේශීය පළමු පෙළ වැඩිම ලකුණු වාර්තාව චන්දිමාල්ට
Demuni Uduwara Wednesday, 26 August 2020 11:40 AM
සුබපැතුම්...!!!
Prabha Wednesday, 26 August 2020 12:46 PM
අන්න අර මෙන්ඩියත් තලනවා දිගට.. ප්‍රශ්නේ ජාත්‍යන්තර තරගයකට දාපු ගමන් බිංදුවයි.
ජීවන් Thursday, 27 August 2020 01:28 AM
ඉස්සර අපිත් ගෙදර මිදුලෙ ක්‍රිකට් ගැහුවා. හැම දාම වැඩිම ලකුණු මගෙ. එහෙම උනා කියල අපේ නම් පත්තරේ ගියෙ නෑ නේ....
sisira Thursday, 27 August 2020 02:56 AM
කොච්චර හොඳට සෙල්ලම් කරත් අසන්ත ද මේල් ඉන්නකන් චන්දිමාල්ට නායකකම් ලැබෙන්නේ නැහැ.