IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


දුෂ්කර තීරණ වලට අයිතිකාරයෝ නෑ

(යොහාන් භාසුර)

යුද හමුදාපතිවරයා ලෙස යුද ජයග්‍රහණය සඳහා ගන්නා ලද දුෂ්කර තීරණවලට අයිතිකාරයෝ නැති බවත් ඒවායේ වගකීම ගන්න දේශපාලඥායන් ඉදිරිපත් නොවූ බවත් හිටපු හමුදාපති මෙන්ම සමඟ ජනබලවේගය පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා අද (03) පාර්ලිමේන්තුවේදී පැවසීය.

ආරක්‍ෂක අමාත්‍යංශයේ වැය ශීර්ෂ විවාදයට එක්වෙමින් සරත් ෆොන්සේකා මන්ත්‍රීවරයා වැඩි දුරටත් මෙසේ ද පැවසීය.

“දුෂ්කර තීරණ සාමාන්‍ය නිලධාරීන් ගන්නේ නෑ. ඒ වගේ තීරණවලට අයිතිකාරයො නෑ. ඒවට අම්මලා නෑ. මොකද ඒවා ජනප්‍රිය නැති දුෂ්කර තීරණ”

“සමහර වෙලාවට දුෂ්කර තීරණ ගන්න වුණා. මම ඒ තීරණ ගන්න විට, ඒවගේ වගකීම ගන්න දේශපාලඥායො ආවේ නෑ. එවයේ ගෞරවය ඒගොල්ලො ඉල්ලුවෙ නෑ”

“එක අවස්ථාවකදී, තුවාල වෙලා වෛද්‍ය ප්‍රතිකාර ලබමින් ඉන්න සෙබළුන්, ඇස්දෙක පේනවා නම්, කන් දෙක ඇහෙනවා නම්, අත් දෙකෙන් තුවක්කුව ගන්න පුළුවන් නම්, කකුල් දෙකෙන් හිටගන්න පුළුවන් නම් මම ඒගොල්ලන්ව යුද පිටියට යැව්වා.... යුද පිටියට ඒ වගේ සෙබළු 10,000 ක් මම දාලා තිබුණා. වෛදවරුන් සහ වෛද්‍ය උපකරණත් එක්ක ඔවුන්ව යුද්දෙට යැව්වා”

“මම යුද හමුදාවේ 2000 ක් වැලිකඩට දැම්මා... ”

“අපි කිලිනොච්චියේ ඉතාම අමාරුවෙන් සටන් කරන වෙලාවේ.... සෙබළු ගෙදර ගියාම (ඔවුන් යුද්දයට බය නෑ) නමුත් බිරින්දෑවරු සහ අම්මාවරු ආපහු එන්න දෙන්නෙ නෑ. අපි කිලිනොච්චියේ පස්බැම්ම ළඟ මාස හතරක් සටන් කළා. තුවාලකරුවන් වැඩියි. එවිට සෙබළුන්ට එන්න දෙන්නෙ නෑ. මගේ බලසේනා පහළට වැටෙන්න පටන් ගත්තා”

“බඳවාගන්න ගාණට වඩා පැනලා යනවා... මට ඒක නවත්වන්න බැරි වුණා. මම සෙබළුන්ට ලියුම් ලිව්වා. පුද්ගලිකව කථා කළා. පවුල්වලට ලියුම් ලිව්වා. ඊට පසු මම බැරිම තැන ජාතික අභිමාන සිංදු සී.ඩී. ප්ලේයර් එක්ක යුද පිටියට යැව්වා. ඔක්කොම කියලත් අහන්නේ නැති වුණාම මම පොලිසියටත් මිල්ටරි පොලිසියටත් කියලා අල්ල අල්ල වැලිකඩට දැම්මා”

“මාසයකින් කරන යුද අධිකරණ මම දවස් දෙකෙන් ඉවර කළා. ඒ සෙබළුන්ගේ බිරින්දෑවරු, අම්මාවරු වෙනම සංගමයක් හදාගත්තා මට විරුද්ධව. උද්ඝෝෂණ කළා. නමුත් ඊට පසුව සෙබළු පැනලා යන එක නැතුණා”

“ඒ වගේම, කැළෑ ඇඳුම් දෙකක් ලැබුණු සෙබලට කැළෑ ඇඳුම් තුනක් දුන්නා. එක බූට් එක වෙනුවට බූට් දෙකක් දුන්නා. ඇපල් කෑල්ල කාපු සෙබලට ඇපල් ගෙඩියක් දුන්නා” යැයි ෆොන්සේකා මහතා වැඩි දුරටත් පැවසීය.



අදහස් (17)

දුෂ්කර තීරණ වලට අයිතිකාරයෝ නෑ

Puppa Thursday, 03 December 2020 12:54 PM

ඔබ නොසිටියා නම් මේ යුද්ධය නතර නොවනු ඇත. එය තමයි තිත්ත ඇත්ත....

:       0       2

BamunuarachchiSunday, 06 December 2020 12:31 AM

මෙයාට හමුදාපති තනතුර නොදී රනිල්ලා යෝජනා කල විදිහට සැල්වේෂන් හමුදාවට දැම්මානම් කොහොම හිටීද? හලෝ ලීඩර් ගේ දක්ෂකම වැඩේට සුදුසු පුද්ගලයා හෑන්ඩ් පික් කිරීම. එසේ තෝරාගත්ත මනේජර්ගේ දක්ෂකම තමයි වැඩේ හරියට කිරීම.

:       1       0

Nisha Thursday, 03 December 2020 01:48 PM

ඔබතුමා ජීවිතය කැපකරලා අපිට නිදහස දුන්නා. ඒකෙ ලකුණු වෙන අය දාගෙන ඔබතුමාව හිරේට දැම්මා...

:       0       3

Nimal Thursday, 03 December 2020 02:43 PM

මෙයාට හිතරිදිලා වගේ... සරත් වීරසේකරට ආරක්ෂක ලේකම්කම ලැබුණු නිසා...

:       4       1

Asanka Thursday, 03 December 2020 06:09 PM

ඔබතුමන් ගැන අපේ හිතේ ඇති අපමණ පැහැදීම නැතිවෙන්නේ නැහැ. ඔබ වැනි නිර්භීත කෙළින් වැඩකරන නායකයෙක් ලබන්න අපේ රටේ බහුතරය පින් කරලා නැහැ. සුදු කොඩි, සුදු කොඩි කියනවා... නමුත් ඇහුවොත් ඉංග්‍රීසියෙන් මොකක්ද ඒ කළ සාකච්ඡාව කියලා කෙනෙක්ට කට උත්තර නැහැ.

:       1       5

Buddika Friday, 04 December 2020 01:05 AM

ඒක ඇත්ත. යුද ජයග්‍රහණයට පියවරු ගොඩයි. ඒත් යුද්ධය පරාජය වුණා නම් වගකිව යුත්තා ඔබ විතරක් වෙන්න තිබ්බා. යුද්ධය කාලේ හමුදාවෙන් අස්වෙලා රටත් දාලා ගිය මිනිස්සු යුද ජයග්‍රහණයේ වීරයෝ, අයිතිකාරයෝ වෙලා.

:       8       20

BamunuarachchiSunday, 06 December 2020 12:20 AM

ලෝකේ මොනරටෙද යුද්දය පරාද උනානම් හමුදාපතිගේ නම කීවේ. අපි 3 වතාවක් LTTE එක සමග කල යුද්ද පරාදයි කවුද යුද්දය මෙහෙයවුවෙ කියා ජනතාව දන්නවාද? නමුත් ඒකාලේ හිටිය රටේ නායකයින්ගේ නම් නම් කියන්න පුළුවන්. 2වෙනි ලෝක යුද්දයේදී යුද්දය මෙහෙයපු සෙන්පතියන්ගේ නම් ටික කියන්නකෝ....

:       2       1

BamunuarachchiSunday, 06 December 2020 12:25 AM

ලෝකේ මොනරටෙද යුද්ධය පරාද උනානම් හමුදාපතිගේ නම කීවේ. අපි 3 වතාවක් LTTE එක සමග කල යුද්ද පරාදයි කවුද යුද්දය මෙහෙයවුවෙ කියා ජනතාව දන්නවාද? නමුත් ඒකාලේ හිටිය රටේ නායකයින්ගේ නම් කියන්න පුළුවන්. 2වෙනි ලෝක යුද්ධයේදී යුද්ධය මෙහෙයපු සෙන්පතියන්ගේ නම් ටික කියන්නකෝ. ඝෝඨාභය නොසිටින්න මෙයා කවුද කියාවත් ජනතාව දන්නේ නැහැ. එහෙනම් සැල්වේෂන් හමුදාවේ තමයි නවතින්නේ.

:       2       0

සමිත සේනක අලුත්ගමගේ. Friday, 04 December 2020 02:40 AM

ඇත්තටම ඔබතුමා එඩිතර, රට බේරගත්ත වීරයෙක්. ඒත්, ඔබතුමාව මංගල සමරවීර හා තවත් අය කේලාම් කියා පැවති රජය සමග කෙටෙව්වා. ඒ නිසා බොහෝ දෙනා ඔබතුමා සමග අමනාප වුණා. එය සමහරුන් වාසියට ගත්තා. ඔබතුමාගේ මිතුරන් හතුරන් වුණා. මේ පිළිකුල් දේශපාලනයට නොඑන්න ඔබතුමාගේ ගෞරවය බොහෝ ඉහළින් තවමත් තියෙනවා. දේශපාලනයට, රජකමට වඩා වීරයෙකුට තනිව ලෝකෙට සේවයක් කළ හැකි බව අපේ සිදුහත් කුමාරයා ලෝකෙට ඔප්පුකර පෙන්නුවා. දැන් මෙතන ඉන්න කට්ටිය මට බනින්න ගනීවි රජයේ ගැත්තෙක් කියා. අපේ මිනිසුන්ගේ බුද්ධිමත්කම එහෙම තමයි. මං කාටවත් කඩේ යන කෙනෙකු නෙමෙයි. මං කීවේ මෙතුමාට සිදුවූ සත්‍ය දේ.

:       1       35

Puppa Friday, 04 December 2020 03:19 AM

යුද්ධය දින්න වෙලාවේ අපි ඒක හොඳට දැක්කා.

:       0       17

මුණසිංහ Friday, 04 December 2020 03:37 AM

යුද නිලධාරියෙක් හැටියට ඔබ රට වෙනුවෙන් කළ මහඟු සේවය වෙනුවෙන් අප සැමදා ඉන්නවා. ඔබ දේශපානයට නොඑන්න අදත් එදා වගේම සියළු දෙනාගේ ගෞරවයට පාත්‍රවන අයෙක්. අද යමෙක් ඔබට දොස් කියනවා නම් ඒ දේශපාලනමය වශයෙන් මිස යුද නිලධාරියකු ලෙස නොවන බවත් අවධාරණය කරගන්න...

:       0       27

Chaminda Friday, 04 December 2020 04:33 AM

යුද හමුදාවේ වැරදි කරන සෙබළුන් නිලධාරීන් යොමුකරන්න වෙනමම හමුදා බන්ධනාගාරයක් තිබිය යුතුයි. එයට හේතුව සාමාන්‍ය බන්ධනාගාරවල ඇති කුඩුකාරයින්, කුඩුජාවාරම් කාරයින්, සංවිධානාත්මක අපරාධ කාරයින්, සංවිධානාත්මක මිනීමරුවන්, කොල්ලකරුවන් සමග දීර්ඝකාලයක් ගැවසීමේදී හමුදා පුහුණුව ලැබූ සෙබළුන්ව ඔවුන්ට නතුකර ගැනීමට ඇති හැකියාව, ඔවුන්ගේ brainwash කිරීමේ හැකියාවක් ඇත. මේ සෙබළුන් අතරින් සියලුදෙනාම නොවුනත් යම් සංඛාවක් මෙම අපරාධ කල්ලි සමග සම්බන්ධ වීමට ඇති ඉඩකඩ නැතුවාම නොවේ. පිටරටවල මෙම හමුදා බන්ධනාගාර, හමුදා අධිකරණ දක්නට ඇත..

:       2       19

Rata Perata Friday, 04 December 2020 07:33 AM

යුද්ධය දිනුවේ ඔබ ඇතුළු රණවිරුවන්ගේ කැපවීම නිසා බව දන්නේ නැති කෙනෙක් නැහැ. මොකද ඒක තමයි ඇත්ත. ඒත් නන්දසේන මැදට පැනලා ඒ ජයග්‍රහණයේ අයිතිය ගන්න දඟලන්න හරිම හිරිකිතයි. කිසිම වැඩක් හරියටම කරන්න බැහැ.

:       6       16

BamunuarachchiSunday, 06 December 2020 12:14 AM

කියන්න බැරි හීනමානයකුත් තිබෙන බව පෙනෙනවා. ඝෝඨභය කියන්න නමටත් භයයිද නැතිනම් හීනමානයද නැතිනම් ඔය දෙකමද? ඉතින් නන්දසේන නැතිකාලෙත් යුද්දේ දිනන්න තිබුනානේ. නන්දසේන ජනාධිපති වෙන්න කලින් මේයා හමුදාවේ සිටියේ. නන්දසේන නොපැමිනෙන්න මෙය නවතින්නේ සැල්වේෂන් හමුදාවේ. ගොබ්බ විදිහට හිතන එක නැවතිලා නැහැ. .

:       1       1

Bamunuarachchi Saturday, 05 December 2020 03:07 AM

හලෝ මෝඩ කතා කියන්න එපා. රටේ නායකයින් යුද්ධයේදී ගන්න දුෂ්කර හෝ සුමට තීරණ ගැනීමටයි ඔබව පත් කළේ. ඒ සඳහා අවශ්‍ය මුදල්, ආයුධ, දේශපාලන වාතාවරණය සැකසීම රටෙ නායකයන් කරනවා. මල්ටි බැරල් අරන් දුන්නේ රජය... කලින් තිබුණු රජයන් ඒ වගකීම හරියට ඉෂ්ට නොකළ නිසයි යුද්ධය දිනා ගන්න බැරිවුනේ කියලා අපිට හිතෙනවා. එක වතාවක් කොටි සැරිසරන බවක් පෙන්වා හමුදාව එතැනට ගෙන්වාගෙන සමූල ඝාතනයක් කළ බව අපි අසා තිබෙනවා. අලිමංකඩදී මුලුහමුදාවම කොටි විසින් කොනකට ගෙන මරා දමන තත්වයකට පත් වුණු බව ප්‍රසිද්ධ කතාවක්... එහෙම වුනේ ඔබලාගේ දුෂ්කර තීන්දු නිසා මිසක් රටේ නායකයින්ගේ තීරණ නිසා නොවෙයි. එමනිසා දුෂ්කර තීන්දු ගැනීමේ වගකීම ඔබලා සතුයි. හරිගියාම මගේ තීරණ වැරදුණාම අරයගේ තීරණ... එ්කයි ඔබේ ප්‍රතිපත්තිය කියා අපට හිතෙනවා.

:       0       0

Bamunuarachchi Saturday, 05 December 2020 03:17 AM

හමුදාව ගන්න දුෂ්කර හා සුමට තීරණවල අයිතිකාරයින් හමුදාවේ ලොක්කන් මිස දේශපාලඥයින් නොවෙයි. දේශපාලඥයෝ කරන්නේ ඒ දුෂ්කර හා සුමට තීරණ ක්‍රියාත්මක කිරීමට ප්‍රතිපාදන සැලසීමයි. මල්ටි බැරල් ලැබුණේ එවැනි ප්‍රතිඵලයකි. අලිමංකඩදී හමුදාව කොටුවීමේ වගකීම හමුදාවේ ලොක්කන්ගේ වගකීමයි. හරිගියාම මේ තීරණ වැරදුණාම අයිතිකාරයෙක් නැහැ හෝ දේශපාලකයෙක් පිට පැටවීම ඔබේ ප්‍රතිපත්තිය බව අපි දැකලා තිබෙනවා.

:       0       0

sampath Sunday, 06 December 2020 04:29 PM

යුද්දෙ කාලෙ ජනතාව නොකා නොබී බදු ගෙවලා යුද්ධයේදී සහාය නොදුන්නා නම් ඔය කවුරුවත් නැහැ. අනික ඔය හැමෝම පඩිඅරන් උදේට ගියේ කවුරුවත් එක මාසයක පඩිය නොගෙන හිටියේ නැහැ. දේශපාලනඥයන්ද ඇතුළුව ජනතාවගේ සල්ලිවලින් ඔනෙම නිලධාරියෙකුට හොද කරන්නත්, නරක කරන්නත් පුළුවන්.. ඒ නිසා නීතිය ගැන කවුරුවත් වදවෙන්න ඔනෑ නැහැ'

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

අලුත් පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම 21
2024 නොවැම්බර් මස 16 22 0

නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.


එල් බෝඩ් මන්ත්‍රීන්ට දින තුනක පාඩමක්
2024 නොවැම්බර් මස 16 2394 0

දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චම


ගම්පහ මනාප ප්‍රමාදය ගැන චෝදනා
2024 නොවැම්බර් මස 16 1684 0

දිවුලපිටිය මැතිවරන කොට්ටාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක පුථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහි


ජන්දය දාන්න ගමේ ගිය අයට කොළඹට එන්න අද සිට බස් සේවා
2024 නොවැම්බර් මස 16 124 0

මහ මැතිවරණයට ජන්දය ප්‍රකාශ කිරීම සඳහා ගම් බලා ගිය ජනතාවට නැවත කොළඹට පැමිණීම සදහා ශ්‍රී ලංගම බස් සේවා අද (16) සිට ධාවනය කිරීමට පියවර ගෙන ඇතැයි ශ්‍රී ලංකා ග


ලංකාදීප ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේකය සෙනසුරාදා
2024 නොවැම්බර් මස 15 3110 0

මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ


ලොරිය දුම්රියේ ගැටී රියදුරු මරුට - 6 ක් රෝහලේ
2024 නොවැම්බර් මස 15 783 0

වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 311 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 601 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1739 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site