IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


දූෂණ වංචා රැසකට ආණ්ඩුව නිහඬයි

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

සීනි බදු වංචාව ඇතුළු දූෂණ වංචා රැසක් සම්බන්ධයෙන් රජය මෙතෙක්  කිසිම පියවරක් ගෙන නැතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (24) පැවසීය.

විපක්‍ෂනායකවරයා මෙසේ පැවසුවේ සභාවේ කටයුතු ආරම්භයේදී ප්‍රශ්නයක් මතු කරමිනි.

සජිත් ප්‍රේමදාස මහතා මෙසේද සඳහන් කළේය.

ආණ්ඩුව සීනි බද්ද රුපියල් පනහ සති විසිපහ දක්වා අඩු කළා. සීනි අල්ලස් ක්‍රියාදාමය හරහා රජයට කෝටි 1600ක්  නැති වුණා.  එම විගණන වාර්තාව කෝපා කමිටුවට ඉදිරිපත් වුණා. එම වාර්තාව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට යොමුකර මාස දාසයකට වැඩි කාලයක් ගතවෙලා ඉවරයි.

සැහැල්ලු දුම්රිය තර්ක තර්කානුකූල පදනමකින් තොරව නතර කිරීම නිසා රජයට රුපියල් මිලියන දස දහසක පාඩුවක් සිදුව ඇති බව  විශේෂ විගණන වාර්තාවේ සඳහන් වෙනවා.  මේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර වසරකට අධික කාලයක් ගතවෙනවා.  පාර්ලිමේන්තු කමිටු හමුවේ මේක සලකා බැලුණේ නැහැ.

එසේ නොකළේ ඇයි. මේ මෝඩ තීන්දුව ගත්තේ කවුද. මේ තීන්දුව නිසා ජපන් රට අදටත් අපි සමග ඉන්නේ හොඳින් නොවෙයි.

අසූචි පොහොර ගනුදෙනුවට කවුද සම්බන්ධ. ඒ සඳහා වූ පාඩුව පියවා ගැනීමට රජය ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද. නැනෝ නයිට්‍රජන් පොහොර බෝතලයක් අඩුව ලබාගන්න පුළුවන්කම තියෙද්දී ඇමරිකානු ඩොලර් 12 කට මිලදී ගත්තේ ඇයි.  මේ නිසා රජයට සිදුවූ පාඩුව කොපමණද යන්න ගණනය කර තිබේද. මෙම විගණන වාර්තාව කෝප් හා කෝපා කමිටු හමුවේ සලකා බලන්නේ කවදාද. මේ සඳහා වගකිවයුතු පාර්ශ්ව කවරේද.



අදහස් (2)

දූෂණ වංචා රැසකට ආණ්ඩුව නිහඬයි

මහසෙන් Wednesday, 24 January 2024 05:48 PM

ඔයා බබානේ...

:       0       0

අරවින්ද මොනරවිල Wednesday, 24 January 2024 06:33 PM

ඇත්තටම ආණ්ඩුව නිහඬවෙලා ඉන්න තරමට ඔයාලාට හොඳයි, නැත්නම් ආණ්ඩුව දූෂණ, වංචා ගැන හොයන්න ගියොත් ඔයාගේ සංස්කෘතික අරමුදලේ මුදල් අවභාවිතා කළ ඒවා අධිවේගී මාර්ගයේ ගැහිලි හැරිසන්ගේ කිරිහරක් ගැහිලි විතරක් නොවෙයි බැඳුම්කර ගැහිල්ල ගැනත් ආණ්ඩුව හොයන්න ගත්තොත් විපක්ෂයේ භාගයක් හිරේයයි...!

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

රට විරු වාහන බලපතෙන් කෝටි ගාණක ගැහිල්ලක්
2024 ඔක්තෝබර් මස 05 62 0

විදේශයන්හි රැකියා කරන රට විරුවන්ට විද්‍යුත් වාහන බලපත්‍ර ගෙන්වීමට අවසර දීමේදී සිදුවී ඇතැයි කියන රුපියල් කෝටි ගණනක දූෂණ වංචා සහ ආක්‍රමිකතා රැසක් පිළ


තැන් කීපයකට අදත් පොඩි වැස්සක්
2024 ඔක්තෝබර් මස 05 82 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ආරක්ෂක ප්‍රධානීහු ජනපති හමු වෙති
2024 ඔක්තෝබර් මස 05 1728 0

නව ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව සාම්ප්‍රදායානුකුලව ආරක්ෂක ප්‍රධානීහු සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති කාර්යාලයේ දී හමු වූ


සංස්ථා සභාපතිවරුන්ට ගෙදර යන්න කියයි
2024 ඔක්තෝබර් මස 05 4621 0

රජයේ සංස්ථා මණ්ඩල අධිකාරි යනාදී ව්‍යවස්ථාපිත ආයතනවල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂවරුන්ට එම තනතුරුවලින් ඉවත් වන ලෙස රජය දැනුම්දී ඇතැයි වාර්තාවේ.


මන්ත්‍රීන්ට මාදිවෙලින් යන්න කියයි
2024 ඔක්තෝබර් මස 05 3410 0

මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් ඉවත්වන ලෙස එහි පදිංචිව සිටින මන්ත්‍රීවරුන් 108 දෙනාට ලිඛිතව දැනුම් දී ඇත.


පක්ෂ 5කට තහනමක්
2024 ඔක්තෝබර් මස 04 3518 0

ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38970 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25532 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 307 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1044 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 371 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site