(අංජුල මහික වීරරත්න)
දිස්ත්‍රික තුනක එළවළු සහ වෙනත් බෝග වගා කරන ගොවීන්ට රුපියල් විසි දහසක් වටිනා පොහොර නොමිලේ ලබාදෙන බව කටාර් පුණ්‍යායතනය(Qatar Charity) කෘෂිකර්ම අමාත්‍යංශයට දැනුම් දී තිබේ.
කුරුණෑගල, මොණරාගල හා මාතලේ දිස්ත්‍රික්කවල හෙක්ටයාර් එකකට වඩා අඩු බිම් ප්‍රමාණයක එළවළු හා සෙසු වගා කරන ගොවීන්ට මෙම ආධාරය හිමිවෙයි.
මෙම දිස්ත්‍රික්ක වල අඩු ආදායම් ලබන ගොවීන් 3000ක් තෝරා ගෙන රුපියල් 20000ක් බැගින් පොහොර ලබාදෙන බව කටාර් පුණ්‍යායතනය කෘෂි කර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට දැනුම් දී තිබේ.
මේ සම්බන්ධ සාකච්ඡාවක් Qatar Charity ආයතනයේ ව්‍යාපෘති කළමනාකරු Tharick Mansoor මහතාගේ සහභාගීත්වයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවති අතර එහිදී අදහස් දක්වමින් කෘෂිකර්ම අමාත්‍යවරයා පැවසූයේ වගා කන්න කිහිපයක දී වී වගා කරන ගොවීන්ට අවශ්‍ය මුල්‍ය හා ද්‍රව්‍යමය සහන ලබා දුන්නද එළවළු හා අනෙකුත් බෝග වගා කරන ගොවීන් සදහා සැලකිය යුතු මට්ටමේ සහන දීමට නොහැකි වූ බැවින් ඔවුන්ට මේ ආධාරය ලබා දෙන බවයි.
ලෝක මානව සම්පත් කොංග්‍රසය වාර්ෂිකව සංවිධානය කරන සේවා යෝජක සම්මාන උළෙලේදී (2024) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ශ්‍රී ලංකාවේ හොඳම සේවා යෝජක සන්නාම ලෙස සම්මේල
තැනින් තැන ඇඳහැලෙන මහ වැසි සමඟ ගම් රැසකජනතාව පීඩාවට පත්ව සිටී.
පුත්තලම සිට කොළඹ ,ගාල්ල මාතර හරහා හම්බන්තොට දක්වා ක්‍රියාත්මක සියලුම ධීවර යාත්‍රා නැවත දැනුම් දෙන තුරු යාත්‍රා නොකරන ලෙස ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේ
තමන් මෙවර රතනපුර දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට තරඟ කරන බව දමිතා අබේරත්න මහත්මිය පැවසුවත් ඇගේ නම රත්නපුර දිස්ත්‍රික්කයට බාරදුන් සමගි ජන බලවේගයේ මහ මැ
ප්‍රමිතියෙන් තොර හියුමන්ඉමියුනොග්ලොබින් එන්නත් මිලදී ගැනීමේ සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තම
දිවයිනේ බොහෝ ප්‍රදේශවල පවතින අධික වැසි සහිත කාල ගුණ තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 10 ක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 33 කට අද ( 11 ) පෙරවරුවේ සිට නාය යෑමේ අනතුරුඇඟ
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
දිස්ත්‍රික්ක තුනකට කටාරයෙන් පොහොර තෑග්ගක්
Lankika Thursday, 12 October 2023 05:11 PM
හලාල් ද දන්නේ නෑ...