(කේ බුද්ධික කුමාරසිරි)
මෙවර මහ මැතිවරණයේදී ඒ ඒ දිස්ත්‍රික් අනුව එක් අපේක්ෂකයකුට ඡන්ද දායකයකු වෙනුවෙන් වියදම් කළ හැකි උපරිම මුදල රුපියල් 115 ත් අවම මුදල රුපියල් 82 ත් අතර වනු ඇති බව සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ක්‍රියාකාරීත්වය හෙවත් පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂක රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසයි.
ඒ අනුව එක් ඡන්දායකයෙකු වෙනුවෙන් උපරිම මුදලක් වියදම් කළ හැකි දිස්ත්‍රික්කය ගම්පහ සහ කොළඹ වන බවත් එම දිස්ත්‍රික්කවල අපේක්ෂකයකුට වියදම් කළ හැකි උපරිම මුදල රුපියල් ලක්ෂ පනස් අටකට ආසන්න බවත් එම දිස්ත්‍රික්කය වෙනුවෙන් පක්ෂයකට වැය කළ හැකි උපරිම මුදල රුපියල් ලක්ෂ හයසියයකට ආසන්න වන බවත් ඔහු පැවසීය.
එසේම අවම මුදලක් එක් අපේක්ෂකයකුට වියදම් කළ හැකි දිස්ත්‍රික්කය වනුයේ වන්නි මැතිවරණ දිස්ත්‍රික්කය වන අතර එම දිස්ත්‍රික්කයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකුට වියදම් කළ හැකි උපරිම මුදල රුපියල් හාරදහසකට ආසන්නවේ.
ඒ ඒ දිස්ත්‍රික්කයන් සඳහා මෙවර මහ මැතිවරණය වෙනුවෙන් එක් අපේක්ෂකයකුට වියදම් කළ හැකි උපරිම මුදල අදාළ පක්ෂයට හෝ ස්වාධීන කණ්ඩායමට වියදම් කළ හැකි උපරිම මුදල සහ ජාතික ලැයිස්තු නාමයෝජනා ලබා දී ඇති පුද්ගලයන්ට වියදම් කළ හැකි උපරිම මුදල වශයෙන් මැතිවරණ කොමිෂන් සභාව විසින් නියාමනයන් ඉදිරිපත් කර ඇති බවද රෝහණ හෙට්ටිආරච්චි මහතා වැඩිදුරටත් පැවසීය .
අම්පාර මහඔය පොළොන්නරුව ප්‍රධාන මාර්ගයේ අරලගංවිල බෝගස් හන්දිය ප්‍රදේශයේ අද(26 )උදෑසන පාලමක් කැඩී සම්පූර්ණයෙන්ම ගිලා බැසීම හේතුවෙන් එහි ගමනාගමන කටයුතු
පූර්ව මැතිවරණ අයවැය තත්ත්වය පිළිබඳ වාර්තාව සහ වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
දේශීය වෙළෙඳ පොළේ නාඩු සහල් හිඟය සහ සහල් මිල පාලනය කිරීම පිණිස සහල් ආනයනය කිරීම සඳහා කැබිනට අනුමැතිය ලැබී ඇත.
2025 වර්ෂයේ ජනවාරි මස සිට අප්‍රේල් මස දක්වා රජයේ කාර්යයන් සහ ණය සේවාකරණය අඛණ්ඩව කරගෙන යාම සඳහා අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කැබි
හැඩ ඔය ද්‍රෝණියට ඉදිරි පැය 48 තුළ ගංවතුර අවදානමක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
පොළොන්නරුව ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ වෙඩික්කරු ඊයේ (25) අත්අඩංගුවට ගත් බව පොළොන්නරුව පොලිසිය පවසයි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
දිස්ත්‍රික් අනුව අපේක්ෂකයන්ට මහ ඡන්දයට දැරිය හැකි මුදල් ගැන කියයි