IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


දිස්ත්‍රික් හතකට නාය අනතුරු ඇඟවීම්

(මොහොමඩ් ආසික්)

දිවයිනේ ඇතැම් ප්‍රදේශවල පවතින අධික වැසි සහිත අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක හතක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 34 කට  අද (19) පස්වරුව දක්වා ජාතික  ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය  නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර තිබේ.

ඒ අනුව,කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සඳහා පළමු මට්ටමේ නිවේදනයද, ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය, නාගොඩ,නෙළුව සහ යක්කලමුල්ල යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සඳහා දෙවන මට්ටමේ නිවේදනයද නිකුත් කර තිබේ

. කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට,දොඩංගොඩ, පාලින්දනුවර,සහ අගලවත්ත  යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සඳහා පළමු මට්ටමේ නිවේදනයද , මතුගම සහ හොරණ යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සඳහා  දෙවන මට්ටමේ නිවේදනයද නිකුත් කර ඇති අතර බුලත්සිංහල සහ ඉංගිරිය යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සඳහා තෙවන මට්ටමේ රතු නිවේදනයද නිකුත් කර තිබේ.

කෑගල්ල දිස්ත්‍රික්කයේ ගලිගමුව, අරණායක සහ කෑගල්ල යන ප්‍රාදේශය ලේකම් කොට්ඨාස සඳහා පළමු මට්ටමේ නිවේදනයද,දෙහිඕවිට, වරකාපොළ,යටියන්තොට, දැරණියගල,බුලත්කොහුපිටිය සහ රුවන්වැල්ල යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සදහා දෙවන මට්ටමේ නිවේදනය නිකුත් කර තිබේ.

මාතර දිස්ත්‍රික්කයේ අතුරලිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය සඳහා පළමු මට්ටමේ නිවේදනය සහ පිටබැද්දර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය සඳහා දෙවන මට්ටමේ නිවේදනයද නිකුත් කර තිබේ. නුවරඑළිය දිස්‍ර්ත්‍රික්කයේ අඹගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සඳහා පළමු මට්ටමේ නිවේදනය නිකුත් කර තිබේ.

 රත්නපුර දිස්ත්‍රික්කයේ පැල්මඩුල්ල ප්‍රාදේහිය ලේකම් කොට්ඨාස සඳහා පළමු මට්ටමේ නිවේදනයද, රත්නපුර, නිවිතිගල, කිරිඇල්ල,අයගම සහ කුරුවිට යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සඳහා දෙවන මට්ටමේ නිවේදනයද, කලවාන, ඇහැලියගොඩ සහ ඇලපාත යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සඳහා තෙවන මට්ටමේ රතු නිවේදනයද නිකුත් කර තිබේ.

 



අදහස් (0)

දිස්ත්‍රික් හතකට නාය අනතුරු ඇඟවීම්

ඔබේ අදහස් එවන්න

දියත

වතුර බේසමට වැටී මාස 11 ක දැරියක් මරුට
2024 සැප්තැම්බර් මස 23 35 0

මාස එකොළහක දැරියක පෙරේදා (22) වතුර බේසකමට වැටී මියගොස් ඇති බව මුලතිව් පොලිසිය පවසයි.


පාතාලයාගේ තොරතුරෙන් අල්කයිඩා ගිනි අවියක් සොයා ගනී
2024 සැප්තැම්බර් මස 23 389 0

අල්කයිඩා ත්‍රස්ත සංවිධානය සාමාජිකයන් විසින් පාවිච්චි කරන ඒ එම් ඩි 65 වර්ගයේ ස්වයංක්‍රීය ගිනි අවියක් විදේශගතව සැඟව සිටියදී මෙරට රැගෙන ආ පාතාල කල්ලි සාම


රට බීම හලකට මහසඟ රුවනේ විරෝධය
2024 සැප්තැම්බර් මස 23 415 1

කතරගම වැඩසිටිකන්ද බෝකොටුව සීමාවෙි රටබීම හලක් විවෘත කිරීමට විරෝධය දක්වමින් කතරගම ශාසනාරක්ෂක බලමණ්ඩලයේ නාහිමිවරු අද (23 ) කතරගම ශ්‍රී අභිනවාරාම විහාරස්


සිවුදෙනකුගේ කැබිනට් මණ්ඩලයක්
2024 සැප්තැම්බර් මස 23 3008 2

නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිවු දෙනෙක්ගෙන් යුත් කැබිනට් මණ්ඩලයක් පත්කරන බවත් එය ඉදිරියේදී පත්කිරීමට නියමිත බවත් ජාතික ජනබලවේගයේ පාර්ලිමේ


බිත්තියක් කඩා වැටී අයෙක් රෝහලේ
2024 සැප්තැම්බර් මස 23 143 0

බුලත්සිංහල ඈගල්ඔය ප්‍රදේශයේ පැරණි නිවසක බිත්තියක් කඩා වැටීමෙන් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා අද (23) උදෑසන රෝහල් ගත කළ බව බුලත්සිංහල පොලිසිය කියයි


නව ජනපතිට චීන ජනපතිගෙනුත් සුභපැතුම්
2024 සැප්තැම්බර් මස 23 753 1

ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වීම පිළිබඳව අනුර කුමාර දිසානායක මහතාට චීන රජය සහ චීන ජනතාව වෙනුවෙන් අවංකව සුබ පැතුම් එක් කරන බව චී


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 22018 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 21819 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 116 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 345 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 176 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site