IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


දෑස නොපෙනුනත් වසරක‍‍ට කලින් විභාගය ලියා ඒ 3ක් ගනී

ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය

කුරුණෑගල පිදුරුවැල්ල ප්‍රදේශයේ උපතින්ම දෘශ්‍යාබාධිත  හිමාශා කාවින්දි  හේරත්  සිසුවිය 2023 වසරේ අපොස උසස් පෙළ විභාගයෙන් ඒ සමාර්ථ තුනක් ලබාගෙන විශිෂ්ට ලෙස සමත් වී ඇත.

ඇය අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටිය යුත්තේ මේ වසරේ වුවත් පෞද්ගලික අයැදුම්කාරියක ලෙස පසුගිය වසරේ විභාගයට පෙනී  සිටියාය.

ආර්ථික විද්‍යාව, තර්ක ශාස්ත්‍රය  සහ දේශපාලන විද්‍යාව යන විෂයයන්වලට ඇය ඒ සමාර්ථ තුනක් ලැබුවාය.

කුරුණෑගල මහින්ද මහා විද්‍යාලයෙන් අපොස සාමාන්‍ය පෙළ විභාගයට 2021 වසරේ පෙනී සිටි  හිමාසා සිසුවිය විෂයන්  නවයටම ඒ සමාර්ථ   විදුහලට කීර්තියක් ලබා දුන්නාය.

තම ජයග්‍රහණය ගැන දෘශ්‍යාබාධිත සිසුවිය මෙසේ පැවැසුවාය.

අපොස උසස් පෙළ විභාගයට මට පෙනී සිටීමට නියමිතව තිබුණේ මේ වසරේදී. ඒත් මම පාසල් නොගොස් පාඩම් කරලා අවුරුද්දකට කලින් එම විභාගයට පෙනී සිටියා. කොතලාවල විද්‍යාලයේ ප්‍රියංගනී මිස්ගෙන් කුරුණෑගල ශුද්ධ  වූ පවුලේ බාලිකා විද්‍යාලයේ තිලෝචනී මිස්ගෙන් සහ විශ්‍රාමික ගුරුවරයකු වන අනිල් සර්ගෙන් අදාළ විෂයන් ඉගෙන ගත්තා. මගේ අම්මා පාසල් ගුරුවරියක නිසා ඇය ද අධ්‍යාපන කටයුතුවලට හැමවිටම උදව් කළා. මම ඉගෙන ගත්තේ බ්‍රේල් ක්‍රමයට.

මම උසස් පෙළ විභාග  ප්‍රශ්න පත්තර සියල්ලටම  පිළිතුරු ලියද්දී  ප්‍රශ්න ටික සේරම මට ඇහෙන්න බොහොම පැහැදිලිව කිව්වේ සඳගල විශේෂ අවශ්‍යතා ඇති පාසලේ රේණුකා මිස් තමා. රේණුකා මිස් ප්‍රශ්න කියවද්දී මම ඒවා හොඳින් අහගෙන ඉඳලා බ්‍රේල් ක්‍රමයට පිළිතුරු ලිව්වා. නීති පීඨයට ඇතුළුවෙලා නීතිඥවරියකු වීම‍ට තමා බලාපොරොත්තුව.

මම සෑම නංගිලා මල්ලිලා කෙනෙකුගෙන්ම ඉල්ලා සිටින්නේ කැපවීමකින් උනන්දුවකින් වැඩ කළොත් ජීවිතය ජයග්‍රහණය කර ගන්න පුළුවන් කියලයි. මම උපතින්ම දෘෂ්‍යාබාධිත වුණැයි කියලා නිකම් කාලය ගත කළේ නැහැ. කැප වෙලා අධ්‍යාපන කටයුතු කරගෙන ගියායැයි හිමාසා සිසුවිය පැවැසුවාය.

2018 වසරේ පැවැති සමස්ත ලංකා පාසල් ගායනා තරගයෙන් ඇය දිවයිනෙන්ම ප්‍රථම ස්ථානයට පැමිණියාය.



අදහස් (5)

දෑස නොපෙනුනත් වසරක‍‍ට කලින් විභාගය ලියා ඒ 3ක් ගනී

ලලින්ද්‍ර Tuesday, 04 June 2024 07:25 AM

බුදු සරණයි දුවේ

:       0       75

Parent Tuesday, 04 June 2024 09:48 AM

තෙරුවන් සරණයි ඔබ වහන්සේ ආරක්ෂා වේවා!

:       4       11

බටගොඩ දොන් සිමන් Tuesday, 04 June 2024 10:45 AM

දෑසම පෙනි පෙනී ත් නිකරුණේ කාලය කා දමමින් අනුන්ගේ පහණින් එළිය බලන බහුතරයක් වෙසෙන රටක, ඔබ සැබවින්ම දිරිය දියණියකි. තමාට උපකාර කළ උදවියවත් මතක් වුනා ඔබට. ඔබේ අනාගත පැතුම් ඉටුවේවායි පතමු. ජේසු පිහිටයි! බුදු සරණයි!

:       0       8

Fairoos Tuesday, 04 June 2024 01:55 PM

සුබ පැතුම්

:       0       9

දුම්රිය දෙවන මැදිරියේ මගියා Tuesday, 04 June 2024 02:18 PM

ජයවේවා!

:       0       7

ඔබේ අදහස් එවන්න

දියත

හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 421 0

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


හමුදා නිලධාරියාගේ රියේ ගැටුනු අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 28 473 0

කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.


නඩත්තුවකට පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වැසේ
2024 සැප්තැම්බර් මස 28 147 0

නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි


හෙට රෑ සිට පෘථිවියට අලුත් සඳක්
2024 සැප්තැම්බර් මස 28 1444 0

හෙට (29) සිට පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ පවසති. මේ අලුත් සඳ, දින 53 ක් තිස්සේ පෘථිවිය සමඟ සිටින බව තාරකා විද


අඟහරු මතුපිට අමුතු ගලක්
2024 සැප්තැම්බර් මස 28 1090 0

වෙනස්ම හැඩති පාෂාණයක් අඟහරු මතුපිටින් හමුවීමත් සමඟ නාසා විද්‍යායන් මේ වනවිට තරමක් කලබලයට පත්ව ඇති බව වාර්තා වේ.


හැරි පොටර් චිත්‍රපටවල ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් සමුගනී
2024 සැප්තැම්බර් මස 28 427 0

හැරී පොටර් චිත්‍රපට මාලාවේ ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් චරිතයට පණ පෙවූ බ්‍රිතාන්‍ය සම්මානනීය නිළි මැගී ස්මිත් දිවි ගමනට සමු දුන්නාය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37843 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24946 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 229 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 747 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 268 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site