IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


දස ලක්ෂයකට ඉඩම් ඔප්පු දෙයි

(අංජුල මහික වීරරත්න)

ඉඩම් හා නිවාස අයිතිය සඳහා ඔප්පුවක් නොමැති දස ලක්ෂ ගණනක් වූ ලාංකිකයන්ට එම අයිතිය නීත්‍යානුකූලව ලබා දීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ඉඩම් අහිමි පවුල් වලට ඉඩම් හිමිකම ලබාදීමේ “සැමට හිමි බිමක්” වැඩසටහන කොළඹ  අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අද (24)ආරම්භ කරමින් අග්‍රාමාත්‍යවරයා මෙි බව කීය.

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සහ ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව හරහා ක්‍රියාත්මක වන මෙම වැඩසටහන සංචාරක හා ඉඩම් අමාත්‍යාංශය මෙහෙයවනු ලබයි.

වැඩසටහන ආරම්භ කරමින් සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ භූමියේ නීත්‍යානුකූල හිමිකමක් නැති සියලු පුද්ගලයන් හට ඉඩම්  අයිතිය ලබාදීමේ පළමු පියවර  "හිමි බිම" ඔප්පු ප්‍රදානය මගින් සිදුවන බවයි.

උපන් බිමේ ඉඩක් අහිමි අයට නීත්‍යානුකූල අයිතියක් ඇති බිමක් ලබාදීමේ අරමුණින් සකස් කළ මෙම වැඩසටහන යටතේ සෑම සතියකටම ඔප්පු 1000 ක් 3000 ක් අතර ප්‍රමාණයක්  ලබාදීමට කටයුතු යොදා ඇති බව ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති මෙම වැඩසටහනට සමගාමීව හිමිකම ඔප්පු ලබාදීම පුත්තලම හා කුරුණෑගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වලදී ද අද සිදු කෙරිණි.

හිමිකම ඔප්පු ප්‍රදානය සංකේතවත් කරමින් පැවැති මෙම අවස්ථාවට කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ද සහභාගී විය.



අදහස් (22)

දස ලක්ෂයකට ඉඩම් ඔප්පු දෙයි

chandima Friday, 24 June 2022 08:07 PM

ලබන ඡන්දෙන් දිනන්න මාර ගැම්මකින් වැඩකරනවා නේද? ඒත් කෝ අර ආර්ථිකේ හදනවා කියපු වැඩේ තාම එතැනමනේ...?

:       5       33

nandaFriday, 24 June 2022 09:10 PM

එන මැතිවරණයේදී ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයවත් ලැබෙන එකක් නැහැ. තුන්වේල කන්න දෙන්න ආවේ.. දැන් එක වේලක්වත් බත් ටිකක් කන්න, හාල් ටිකක් ගන්න තැනක් නෑ... සුපිරි ධනවතුන්ට වෙන්න ඇති තුන්වේල කන්න දෙනවා කිව්වේ... ඒ අයට සුපිරි බාස්මතී තියෙනවා ඇතිතරම්..!

:       1       7

senaSaturday, 25 June 2022 10:25 AM

මේ මිනිස්සුන්ට ඉස්සරහට එන ඡන්දෙන් එහාගිය මුකුත්ම වැඩසටහනක් නැද්ද?

:       1       8

Anura Friday, 24 June 2022 09:31 PM

ඕවා තමයි මෙයාට කරන්න පුළුවන් වැඩ... (මොකද අතින් පයින් යන්නේ නැහැනේ...) ඉඩන්දෙනවා, චුවින්ගම් දෙනවා, බ්‍රේස්ලට් දෙනවා, ටැබ් දෙනවා. හැබැයි ආවේ නම් මිනිසුන්ට කන්න බොන්න ගෑස් ටික, තෙල් ටික නොඅඩුව ගෙනත් දෙනවා කියලා..!

:       1       7

Malika Friday, 24 June 2022 10:04 PM

හරීන්, මනූෂ එකතු කරගෙන ලබන ඡන්දය සඳහා වැඩ කරගන්නවා එක පැත්තකින් සහ රාජපක්ෂලා රකිනවා අනෙක් පැත්තෙන්. ඒ වැඩ මිසක්, හදන ආර්ථිකයක් නෑ...!

:       1       7

athula Friday, 24 June 2022 10:56 PM

වැඩේ වරදක් නැහැ. ඒත් හරියට කිරි අප්පගේ බූදලේ වගේ බෙදන හැටි...?

:       2       5

Ajith Saturday, 25 June 2022 03:16 PM

මේකෙ වරදක් නැති වෙන්නේ කොහොමද? හෙන්චයියන්ගෙන් රටට වැඩක් ගන්නේ නැතුව නිකං ඉඩම් බෙදලා දුන්නාම රට තව වලපල්ලට යනවා. දේශපාලකයින් ඵදා ඉඳන් මේ වැඩේ කරනවා. රට මේ තත්වෙට වැටෙන්න එක හේතුවක් මේක...!

:       1       7

සොහොන් Friday, 24 June 2022 11:22 PM

අදහස් එවන්න... කරුණාකර බැහැලා යන්න මිනිස්සුන්ව රවට්ටන්නේ නැතුව. ර‍ට කාලා දැන් රටේ ඉඩම් බෙදනවා.

:       1       7

Asela Saturday, 25 June 2022 02:47 AM

ආර්ථිකය හදන එක නවත්වලා ඊළඟ ඡන්දයට වැඩකරනවා...!

:       1       7

rasi Saturday, 25 June 2022 03:53 AM

ගෑස් නැති කාලේ ඔප්පු දෙන්නේ ලිප මොලවා ගන්නද?

:       1       7

ලුම්බිණි Saturday, 25 June 2022 09:37 AM

මොනවද මේ කරන්නේ?

:       1       5

David Saturday, 25 June 2022 10:27 AM

ඉඩම් දුන්නාට කමක් නැහැ... කැලෑ එළි කරන්න එපා… රක්ෂිත අරක්ෂා කරන්න.

:       0       13

gampila Saturday, 25 June 2022 12:47 PM

දෙන්න දෙයක් නැතිවුණාම රට පාවලා දෙනවා කියන්නේ මේවට නේද? හොරයි, බොරුකාරයයි දෙන්නම දැන් එක්කෙනෙක් වෙලා...! 

:       1       8

ranjith Saturday, 25 June 2022 01:16 PM

මෙයාගේ පාලන කාලේ කරපු පාවාදීම් ඉතිහාසගත වෙලා. ජනතාව පැත්තේ නෙවෙයි, අද සිට ගත්තේ නෝර්වේ පැත්තේ...!

:       1       6

Surain Saturday, 25 June 2022 02:30 PM

ඔයාලගේ ගැටවලට අපි ආයේ අහුවෙන්නේ නැහැ..! හැබැයි ඔය තුන් කට්ටුවට ඊළඟ ඡන්දෙන් පස්සේ ආයේ පාර්ලිමේන්තුව බලන්න වෙන්නේ හීනෙන් විතරයි...!

:       1       6

කුමාර Saturday, 25 June 2022 02:56 PM

යහපාලන සමයේ ගයන්ත ඉඩම් ඔප්පු දුන්නා. මේ ආණ්ඩුව ජනාධිපති/ අගමැති නැවත ඔප්පු දුන්නා. දැන් ආපහු රනිල් පටන් අරන්. මේ කෙරුවාව ඉවර වෙන්නේ කවද්ද?. එකම ඔප්පු නැවත නැවත දෙනවාද දන්නේ නැහැ...

:       1       4

G.බෝධිපක්ෂ Saturday, 25 June 2022 04:43 PM

මගේ ඉඩමට හිමි බලපත්‍රය සඳහා ඔප්පුව සෑදීමට නෙළුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට බාරදී දැනට වසර 14කි. තවමත් ඔප්පුව ලැබුණේ නැත.. තවත් මොන ඔප්පුද?

:       0       2

ඒච්.එම්. අනිල් රෝහිත කුමාර Saturday, 25 June 2022 07:38 PM

පුද්ගලික ඉඩම්වලත් දෙනවද?

:       0       0

H.M anil rohitha kumara Saturday, 25 June 2022 07:42 PM

පුද්ගලික ඉඩම්වලටත් ඒථිර පදිංචි, එහෙත් ඔප්පු රහිත ඉඩම්වලටත් ඔප්පු දෙනවද?

:       0       0

Bamunuarachchi Sunday, 26 June 2022 07:54 AM

ගම්මිරිස් හොයාගෙන හිස් අතින් මෙරටට පැමිණි හම්බ මිනිසුන්ට ඉඩම් ඔප්පු ලැබුනේ කොහොමද?..! 

:       0       2

Ferdinandez Sunday, 06 August 2023 12:43 PM

ස්වර්ණ භුමි, ජයභූමි යන ඔප්පුවල වෙනසක් වෙන්නේ නැද්ද..?

:       0       1

Ferdinandez Sunday, 06 August 2023 12:48 PM

ස්වර්ණ භූමි, ජය භූමි වැනි ඉඩම්වල ඔප්පුව වෙනසක් සිදුවිය යුතු නේද..? දිර්ඝ කාලයක් අවුරුදු 50 සිට මේ අය ගැන සළකා බැලීමක් අවශ්‍යම නැද්ද? ස්තූතියී..

:       0       2

ඔබේ අදහස් එවන්න

දියත

ගුවන් ගමන් තුනක් අවලංගු කරයි
2024 නොවැම්බර් මස 17 1142 0

කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා 03 ක් තාක්ෂණික දෝෂවලට ලක් වීම නිසා , ගුවන් ගමන් වාර කීපයක් අවලංගු කර , තවත් ගුවන් ගමන් වාර කීපයක්


ජාජබ ජාතික ලයිස්තුව
2024 නොවැම්බර් මස 17 2707 0

මහ මැතිවරණ ප්‍රතිඵල අනුව ජාතික ජන බලවේගයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු දහ අට දෙනෙක් පත්වූහ. එම මන්ත්‍රීවරුන් 18 දෙනා මෙසේය.


දුම්රිය
2024 නොවැම්බර් මස 17 17 0

උඩරට දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව බදුල්ල දුම්රිය මාර්ගයේ ඔහිය පට්ටිපොළ අතර පිහිටි අංක 18 ලංකාවෙ උසින්ම පිහිටි දුම්රිය බිංගෙය වැසිකුනාටුවක් සමගම සුදු ජ


මැති සබයට ආ අලුත් මුහුණ දන්නවාද? විස්තර හෙට පත්‍රයේ
2024 නොවැම්බර් මස 17 652 0

මෙවර මහ මැතිවරණයෙන් තේරීපත් වූ සියලුම මන්ත්‍රීවරුන්ගේ විස්තර සහ ඡායාරූප ඇතුළත් වාර්තා හෙට (18) ‘ලංකාදීප’ පුවත්පතේ පළ වේ.


මුහුදේදී මත්ද්‍රව්‍ය කිලෝ 40ක් සමඟ 5ක් අල්ලයි
2024 නොවැම්බර් මස 17 431 0

ලංකාවට බටහිර දෙසට වන්නට නාවික සැතපුම් 110 ක් දුරින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ මෙරට බහුදින යාත්‍රාවක් සමග සැකකරුවන් 5 දෙනකු අද (17) අත්අඩංගුවට ගත්බ


ගැබිනිය මරා සිරුර කොටස් කරලා
2024 නොවැම්බර් මස 17 1382 1

පාකිස්තානයේ දස්කා නගරයේ මාස 7 ක ගැබිණි කාන්තාවක් ඇයගේ නැන්දම්මා සහ නෑනා විසින් ඝාතනය කර මෘත දේහය කොටස් 25 කට කපා වෙන්කරනු ලැබ ඇතැයි පාකිස්තාන පොලිසිය ප්


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 344 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 627 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1790 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site