(ගයාන් සූරිය ආරච්චි,ඉන්දිකා රාමනායක සහ බිමල් ශ්‍යාමන්)
මත්ද්‍රව්‍ය ආරවුලක් මත නැදිමාල, දෙහිවල ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කළ සිද්ධිය සම්බන්ධයෙන් වෙඩික්කරු ඇතුළු දෙදෙනෙකු ඊයේ (18) අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පාදුක්ක ප්‍රදේශයේ පදිංචි ගුවන් හමුදා පොලිසියේ වසරක කාලයක් සේවය කර ඉන් ඉවත් වූ චරියා නැමැති අවුරුදු 27 පුද්ගලයකු සහ අතුරුගිරිය ප්‍රදේශයේ පදිංචි අවුරුදු 30 පුද්ගලයෙකි.
බඩෝවිට කොස් මල්ලි සහ බඩෝවිට අසංක නමැති අපරාධ කණ්ඩායම් දෙක අතර මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලක් මත චූවා සමන්ත නමැත්තාගේ මස්සිනා කෙනෙකු සැකකරුවන් විසින් වෙඩි තබා ඝාතනය කර තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
ඉකුත් සැප්තැම්බර් 20 දින එම වෙඩි තැබීමෙන් ගුණාලංකාර පාර, කලුබෝවිල, දෙහිවල ලිපිනයෙහි පදිංචිව සිටි නාරාහේන්පිටගේ අනුර කොස්තා නැමැත්තෙකු ජීවිතක්ෂයට පත්විය.
එම වෙඩි තැබීම සදහා සැකකරුවන් භාවිත කළ යතුරුපැදිය පොලිස් විමර්ශනවලට හසු නොවන පරිදි කොටස් කර තිබූ අතර යතුරුපැදියේ කොටස්, වෙඩි තැබීම සදහා භාවිත කරන ලද ගිනි අවිය සහ ඒ සදහා යොදන උණ්ඩ 8 ක් පොලිස් භාරයට ගෙන ඇත.
ඉදිරි සති දෙක ඇතුළත සතොස හරහා පොල් ගෙඩියක් රුපියල් 130 බැගින් විකිණීමට කටයුතු කරන බව වෙළඳ වාණිජ ආහාර සුරක්ෂිතතා හා සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිං
බූස්ස අධිආරක්‍ෂිත බන්ධනාගාරයේ තිබී බන්ධනාගාරයට තහනම් ද්‍රව්‍ය වන ජංගම දුරකථන උපාංග තොගයක් සොයාගත් බව පොලිස් විශේෂ කාර්ය බලකායේ උසස් නිලධාරියෙක් පැ
කොරියානු ජනරජයේ ජාතික සභාව යුද නීතිය මගින් පාලනයට එරෙහි වීමට ගත් කඩිනම් සහ ඒකාබද්ධ ක්‍රියා මාර්ගය අගය කළ යුතු බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත
ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුලු අන්තර්ජාතික සංවිධාන මෙරට සෞඛ්‍ය සේවයේ දැනට මෙන්ම ඉදිරියට ද ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘතීන් නිසි ඇගයීමට ලක් කරන බව සෞඛ්‍ය
නිවසක් වටා ඉදිකර තිබෙන ආරක්ෂක තාප්පයක කොටසක් කඩා වැටී පැස්සුම් ශිල්පියකු මිය ගොස් ඇතැයි වැලිකඩ පොලිසිය කියයි .
බලශක්ති ක්ෂේත්‍රයේ ගෝලීය ප්‍රමුඛයා වන සයිනෝපෙක්, කොළඹ සහ බීජිංහි බලශක්ති කුසලතා වර්ධන වැඩසටහන සමගාමීව දියත් කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ තවත් සුවිශේෂී ස
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
දෙහිවල වෙඩි තැබීමක වෙඩික්කරු මාට්ටු
බකල ජයා Tuesday, 19 November 2024 09:12 AM
නම් ගම් සියල්ල සහිතයි. ලොක්කෙක් අහුවුනොත් ^අනෝනිමස්! අහෝ අපේ මා _ _ කලාව උස්තැන් දැක හැකිලෙන හැටි.