(ෂේන් සෙනෙවිරත්න)
ඉදිරියේදී පැවැත්වීමට නියමිත දළදා දැක්ම මහජනතාවගේ පහසුව තකා රාත්‍රී කාලයේදීද පවත්වන ලෙස රජයේ ඉහළ නිලධාරීන්ගෙන් යෝජනා වී ඇතත් ඒ සඳහා තේවාව භාර හිමිවරුන්ගේ අවසරය මෙතෙක් ලැබී නොමැති බව වාර්තාවේ.
අප්‍රේල් මස 18වැනි දිනසිට 27වැනි දින දක්වා දළදා දැක්ම පැවැත්වීමට නියමිත අතර වසර 16කට පසු උදාවන එම ස්වර්ණමය අවස්ථාවේදී පසුගිය වාර්තා ද සංසන්දනය කරමින් දළදා සමිඳුන් දැක වැඳ පුදා ගැනීම සඳහා බෞද්ධ බැතිමතුන් ලක්ෂ 22කට ආසන්න ප්‍රමාණයක් මහනුවරට එක් රොක් වනු ඇතැයි බලධාරීන් ගණන් බලා තිබේ.
එහෙත් දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතාගේ අදහස වී ඇත්තේ දළදා දැක්මකදී දිනක් තුළදී වැඳ පුදා ගැනීම සඳහා අවස්ථාව හිමිවන්නේ බැතිමතුන් 60,000ක පිරිසකට ආසන්න ප්‍රමාණයකට බවයි.
කෙසේ හෝ දිනකට ලක්ෂයක බැතිමතුන් පිරිසකට දළදා සමිඳුන් වැඳ පුදා ගැනීමට අවස්ථාව ලැබුණත් ලක්ෂ 12ක ප්‍රමාණයකට වන්දනාමාන කර ගැනීමේ අවස්ථාව මගහැරී යන බැවින් රාත්‍රී කාලයේදී ද පෝලිම්වල බැතිමතුන් රැඳී සිටින හෙයින් රජයේ ඉහළ නිලධාරීන් රාත්‍රී කාලයේ දළදා දැක්ම පැවැත්වීම සඳහා යෝජනා ඉදිරිපත් කොට තිබේ. දළදා සමිඳුන්ගේ සවස තේවාවෙන් පසු එසේ දළදා දැක්ම පවත්වන්නැයි ඉල්ලා ඇත.
ශ්රී ලංකා සබරගමු විශ්ව විද්‍යාලයේ අධ්‍යයන නිවාඩු ලබා විදේශගත වූ නිලධාරීන් දහතුන් දෙනකුගෙන් අය කර ගත යුතු රුපියල් නවකෝටි තිස් ලක්ෂයක පමණ මුදලක් මෙතෙ
කාල්ටන් නිවසට අද ආපු පළාත් පාලන අපේක්ෂකයන් කැමතිනම් මමත් මෙවර පළාත් පාලන ඡන්දයට ඉල්ලනවා යැයි හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා පැවසීය.
පාර්ලිමේන්තු මුළුතැන්ගෙයි වටිනා උපකරණ රැසක් අබලන්වීමෙන් එහි කටයුතුවලට බාධා මතුව ඇතැයි වාර්තාවේ.
මහනුවර - කොළඹ පැරණිතම ශීඝ්‍රගාමී නගරාන්තර දුම්රියට යොදවා තිබූ පහසුකම් සහිත දුම්රිය ඉවත්කර අඩු පහසුකම් සහිත හා මන්දගාමී දුම්රියක් යෙදවීමෙන් නියමිත ව
මහනුවර ප්‍රධාන දුම්රිය ස්ථානයේ දුම්රිය මාර්ග සංඥා හසුරුවන පොයින්ට්ස්මන් (සංඥා හසුරුවන්නන්) දෙදෙනාට කැබින් කාමරයේ නින්ද යාමත් සමග සිදුවන්නට ගිය මහා
මුද්දර ප්‍රවර්ධන වැඩසටහනක් දියත් කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස
දළදා දැක්ම රාත්‍රි කාලයටත්?
AB Friday, 07 March 2025 03:16 AM
ඉදිරියේදී පැවැත්වීමට නියමිත දළදා දැක්ම මහජනතාවගේ පහසුව තකා රාත්‍රී කාලයේ පැවැත්වීම සුදුසු නොවේ. ආරක්ෂාව. කාලගුණ තත්වයන්, අහාරපාන වෙනත් හේතුන් / ගමනාගමන පහසුකම් සහ බැතිමතුන් පැමිණෙනු ලබන්නේ ලංකවේ විවිද ප්‍රදේශ වලිනි. එමනිසා දැනට ලබාදී තිබෙනාවූ දින 10 කාලයක් උවත් සත්‍ය වශයෙන්ම එම දින 10 තුලදී පැයවසයෙන් ගතහොත් පැය 48 දට අඩු කාලයකි හෝ දින දෙකකට අඩු කාලයකි. එමනිසා අලුයම දළදා වහන්සේට කලයුතු පුජා වැඩසටහනින් පසු අලුයම 8 සිට (11.00am සිට 12.00pm පයක කාලය හැර ) ) සවස 6 දක්වා කාලය සුදුසුවේ. දළදා දැක්ම සදහා සහබගිවන බහුතරයක් බැතිමතුන් දුප්පත් පිරිස වේ. බැතිමතුනට දළදා දැක්මට දිනපතා සිදුවන් හෝ ලබෙනාවූ අවස්තවක් නොවන නිසාත් ලබදෙනාවූ අවස්ත්වෙන් බැතිමතුනට උපරිම අවස්ථවන් සලසා දීමට කටයුතු කලයුතු කිරීම අදාල අංශවල වගකීමක් මෙන්ම යුත්කමකි
Jayasekara Friday, 07 March 2025 09:24 AM
ඉතාමත් උචිත යෝජනාවක්... මඟ හැරෙන බැතිමතුන්ට... රාත්‍රී කාලයේ වන්දනා කරගෙන නිවෙස් වල යන්න පුළුවන්... නැත්තන් ආයෙත් දහවල් 12.30 වෙනකල් පෝලිම් වල රැදී සිටින්න වෙනවා... සංවිධායකයන්ට එය ලොකු අපහසුවක්... උතුම් වාම දළදා හිමි සරණයි... රටටම...
FMG Fernando Friday, 07 March 2025 10:05 AM
ක්‍රියාත්මක කිරීමට නියමිත විශිෂ්ට යෝජනාවක්. අදාළ බලධාරීන් එය ක්‍රියාත්මක කිරීමට විශාල උනන්දුවක් දැක්විය යුතුයි. උපරිම බැතිමතුන්ට නමස්කාර කිරීමට සහ ඔවුන්ගේ බලාපොරොත්තු ඉටු කර ගැනීමට ආශිර්වාද ලැබෙනු ඇතැයි මම විශ්වාස කරමි.
රම්බොඩ Friday, 07 March 2025 11:11 AM
දළදා වහන්සේ ගේ ආරක්ෂාවත් , බැතිමතුන්ගේ ආරක්ෂාවත් ගැන මහා සංඝරත්නය සහ ගරු දියඩන නිළමේ තුමා ඇතුළු වගකිව යුතු පිරිස විශේෂ අවධානය යොමු කරනවා ඇතැයි සිතමි. මට මේ ආණ්ඩුව ගැන නම් ඒ තරම් විශ්වාසයක් නැත.