(ෂේන් සෙනෙවිරත්න)
භූමිකම්පාවෙන් විපතටපත් මියන්මාරයට අධාර ලෙස මල්වතු අස්ගිරි මහා විහාරයන් සහ ශ්‍රී දළදා මාලිගාව මගින් රුපියල් කෝටි එක හමාරක මුදල් පරිත්‍යාගයක් අද (02) සිදු කළේය.
විපතට පත් මියන්මාර වැසියන්ට සෙත් පතා මල්වතු අස්ගිරි මහා හිමිවරු අද (02) දළදා මාලිගාවේ ඉහළ මාලයේදී සෙත් පිරිත් සජ්ඣායනයක්ද පැවැත්වූහ.
මෙම අවස්ථාවට වරකාගොඩ ශ්‍රී ඤාණරතන අස්ගිරි මහානාහිමි , වේඩරුවේ උපාලි අස්ගිරි අනුනායක හිමි, දිඹුල්කුඹුරේ විමලධම්ම සහ නියංගොඩ විජිතසිරි මල්වතු අනූනායක හිමිවරු,ඇතුළු මහා සංඝරත්නය එක්ව සිටියහ.
එමෙන්ම දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා හා මියන්මාරයේ ශ්‍රී ලංකාවේ තානාපතිනි මලර් තැන් හාටෙයික් මැතිණියද මේ අවස්ථාවට සහභාගි වී සිටියහ.
.
පද්ධති ස්ථායිතාව ආරක්ෂා කිරීම සඳහා වහල අප්‍රේල් 13 දා සිට අප්‍රේල් 21 තෙක් දිවා කාලයේ සෑම දිනකම පස්වරු 3.00 දක්වා තම සූර්ය පද්ධති අක්‍රිය කරන ලෙස ලංකා විදුල
අම්පාර සමන්තුරේ පැවති ජනරැළියක් අතරතුර සෙනඟට තෙරපුණු දැරියක බේරා ගැනීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් විය.
කොළඹ අධ්‍යාපන කලාපය තුළ පිහිටි බාලක පාසලක දරුවන් අමානුෂික ලෙස දණ්ඩණයට ලක් කිරීමේ චෝදනාවට ගුරුවරයකු අත්අඩංගුවට ගැනීමට සොයන බවත් බදුල්ල ප්‍රදේශයේ පදි
මැතිවරණ නීති උල්ලංඝනය කළ අපේක්ෂකයන් දාහතර දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.
මේ රටේ නීතිය සැමට එක හා සමානව ක්‍රියාත්මක කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මඩකලපුවේදී අද පැවසීය.
සාලියවැව දුනුමඩලෑව යාය 6 ප්‍රදේශයේදී ආච්චි අම්මා සහ සියා ඔවුන්ගේ නිවස තුළදීම කපාකොටා ඝාතනය කර ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඔවුන්ගේ මුණුබුරකු සැ
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
දළදා මාලිගාවෙන් මියන්මාරයට කෝටි එකහමාරක්
Nandalal de Silva - France Wednesday, 02 April 2025 10:59 PM
ශ්‍රී ලංකාව වැනි උතුම්, පින්බර බෞද්ධ රටක්, තවත් එවැනිම බෞද්ධ රටක ඇතිවුණු මෙවැනි විශාල ව්‍යසනයකදී, අපෙ උතුම්, පින්බර දළදා සමිඳුන්ගෙ නාමයෙන් කරන ලද මෙම උතුම් පුණ්‍ය කර්මය, බැතිබර සිතින් අගය කල යුතු වෙනවා. එයට දායක, කාරක වූ මල්වතු, අස්ගිරි මහ නාහිමි වරුන් ප්‍රධාන අනෙකුත් සියලුම දෙනාට, මියන්මාරයේ මෙම අනතුරින් දිවිගලවා ගත් සියළු දෙනාම අනේක වාරයක් පින් අනුමෝදන් කරනු ඇත. කෙසේවෙතත්, යුද හමුදා ජුන්ටාවක් යටතෙ පාලනය වන එරටේ අන්ත අසරණ, දුගී ජනතාවට, ලොව නන්දෙසින් ලැබුන මෙම අතිවිශාල ආධාර නිසි ලෙස ලැබුණාද කියා දන්නේ උඩ ඉන්නා දෙවියන් පමණි.... අ පේ රටට ලැබුන සුනාමි ආධාර හෙල්පින් හම්බන්තොට ආදී පෙට්ටගම් වලට ගිය හැටි කාටද අමතක වුනෙ ???
M.r withanachchi Wednesday, 02 April 2025 11:30 PM
මෙච්චර මුදලක් දුන්නා කියලා ඇහුවම බඩ පැලෙන්න හිනා යනවා!
Pradeep KumaraThursday, 03 April 2025 08:57 PM
Mr. Withanachchi උන් වහන්සේලා කර ඇත්තේ උන් වහන්සේලාට හැකි දෙයයි. එය හෑල්ලුවට ලක් කරන ඔබ ඒ වෙනුවෙන් මොනවද කලේ? අඩුම තරමින් රුපියල් 100ක් වත් පරිත්‍යාග කලාද?
රුවන් Thursday, 03 April 2025 06:08 AM
මියන්මාරයේ හමුදා ජුන්ටාවේ දූෂිත පාලනය හින්දා 100% විශ්වාස කරන්න පුළුවන් ඔය සල්ලි වලින් ඒ අය සුර සැප ගනියි. ජනතාව වලපල්ලට යයි. මගේ මියන්මාර ෆෙස්බුක් මිතුරෙකගේ පවුලම මැරුවා හමුදා ජුන්ටාව. එහෙම අය මේ අපදාවට ජනතාවට උදව් කරයි ද?
ගුණරත්න Thursday, 03 April 2025 06:55 AM
මේවා හරි නම් ආණ්ඩුව කරන්න ඕන දේවල්.
Pradeep KumaraThursday, 03 April 2025 09:00 PM
Gunarathna: හැම දේම ආණ්ඩුවලින් කරන කල් බලං ඉන්න එපා. ආර්ථිකමය වශයෙන් අපේ රටත් තවම ස්ථාවර නෑ. ඔයාටත් පුළුවන් ඔය අරමුදලට යම් දායකත්වයක් ලබා දෙන්න
Siri Thursday, 03 April 2025 02:34 PM
දළඳා මාලිගාව මොනවටද ඔච්චර සල්ලි කන්දරාවක් එකතු කරන්නේ ? "සියල්ල අත්හරින්න" කියා දෙසා වදාළ වදන් පිටවුන තැනක තිබු ධාතුන් වහන්සේ නමක් නේද ඔතන වැඩසිටින්නේ ?
prasanna Friday, 04 April 2025 12:12 PM
ආණ්ඩුවට ස්ථාවර නැතිනම් ලහි ලහියේ වාහන ගෙන්නේ ඇයි?