ඇමෙරිකානුවන් වෙනුවෙන් පෙනී සිටිමින්, ඇමෙරිකාව ශ්‍රේෂ්ඨ තැනක් කිරීමට උත්සාහ ගන්නා තමන්ට, දිගට හරහට මරණීය තර්ජන එල්ල වෙන බව ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියයි. දෙවැනිවර විශිෂ්ට ජනවරමකින් ජනාධිපති ධුරයට පත් වූ ට්‍රම්ප් මෙසේ කියා සිටියේ, පළමු කැබිනට් හමුවට සහභාගීවෙමිනි.
තමන්ගේ තීන්දු තීරණ සහ විධායක නියෝග හේතුවෙන් තමන් බොහෝ දෙනකුගේ උදහසට ලක් වී සිටින බවත්, තමන්ට මරණීය තර්ජන එල්ල වන්නේ එවැනි පාර්ශ්වයන්ගෙන් බවත් ට්‍රම්ප්, සිය දෙවැනි ධුර කාලයේ පළමු කැබිනට් මණ්ඩල හමුවේදී පෙන්වා දුන්නේය.
ට්‍රම්ප් දෙවැනි වරට ඇමෙරිකන් ජනාධිපති ලෙස දිවුරුම් දුන්නේ පසුගිය ජනවාරි මාසයේය. මරණීය තර්ජන එල්ල වුවත් සමස්ත ඇමෙරිකානුවන් තමන් ආරම්භ කළ ‘ඇමෙරිකාවට සහ ඇමෙරිකානුවන්ට මුල් තැන දී ඇමෙරිකාව ශ්‍රේෂ්ඨත්වයට පත් කිරීමේ තීන්දු තීරණවලට කැමැත්ත පළ කර ඇතැයි ද ට්‍රම්ප් අවධාරණය කළේය.
කැබිනට් මණ්ඩල හමුවේදී, සිය කැබිනට් මණ්ඩල සාමාජිකයන් අමතමින්, ට්‍රම්ප් දෙස් විදෙස් ප්‍රතිපත්ති සම්බන්ධයෙන් සිය දැක්ම සහ ස්ථාවරය පැහැදිලි කළේය. ට්‍රම්ප් විසින් පනවනු ලැබ ඇති තීරු බදු සම්බන්ධයෙන් ට්‍රම්ප් සහ සිය කැබිනට් මණ්ඩල සාමාජිකයන් අතරේ වැඩි වැඩියෙන් සාකච්ඡා විය.
කැබිනට් මණ්ඩල හමුවට ලොව අංක එකේ, බිලියනපති ව්‍යාපාරික ඉලොන් මස්ක් ද සහභාගී විය. මස්ක්, ට්‍රම්ප්ගේ ප්‍රධාන උපදේශකවරයාය. ඇමෙරිකාවේ රාජ්‍ය වියදම් කළමනාකරණය කිරිමේ නව ආයතනයේ ප්‍රධානියා ලෙස කටයුතු කරන්නේ මස්ක්ය. සෙසු කැබිනට් මණ්ඩල සාමාජිකයන් අසුන් ගෙන ට්‍රම්ප් වටා සිටිද්දී, මස්ක් මුල්ලකට වී සිටි අතර, ට්‍රම්ප් මස්ක්ට අවස්ථාව දුන් විට ඔහු සියලු දෙනා අමතමින්, රජයේ නාස්තිකාර වියදම් සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් ද කළේය.
(ඒ.එෆ්.පී.)
කෙහෙල්බද්දර පද්මේ නැමති අපරාධකල්ලි සාමාජිකයාගේ බිරියගේ නිවසේ රූපරාමු ලබාගත් බව කියන සැකකරුවන් දෙදෙනා එළැඹෙන මස 6 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකරන්නැය
අධිකරණ නියෝගයකින් අනුරාධපුර ’යෙහෙළිය’ ළමා නිවාසය රඳවා සිටි වයස අවුරුදු 18 ට අඩු දැරියක අනුරාධපුර ’අවන්තිදේවී’ ළමා නිවාසයට, නීති විරෝධී ලෙස රැගෙන විත්
වාහන ආනයන සීමා ලිහිල් කිරීමෙන් පසු ජපානයෙන් ආනයනය කළ පළමු වාහන තොගය රැගත් නෞකාව මීට සුළු වේලාවකට පෙර හම්බන්තොට ජාත්‍යාන්තර වරායට සේන්දු විය.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර හේතුවෙන් වින්දිතයින් වූ පුද්ගලයින්ට රුපියල් කෝටි 24 1/2ක වන්දි ගෙවා ඇති බව නීතීපතිවරයා කළ දැනුම් දීමක් සැළකිල්ට ගත් ශ්‍රේ
පවතින වර්ෂාව සමග ඇටම්පිටිය නගරයේ සිට ඇටම්පිටිය වත්ත 2 කොටස දක්වා යන මාර්ගයේ කොටසක් අද (27) නාය ගොස් ඇතැයි බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හා ශ්‍රී ලංකාවේ ඊජිප්තු තානාපති ආදිල් ඊබ්‍රහිම් අහමඩ් ඊබ්‍රහිම් මහතා (Adel Ibrahim Ahmed Ibrahim) අතර හමුවක් ජනාධිපති කාර්යාලයේ දී
ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස
ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
දිගට හරහර මරණ තර්ජන - ජනපති ට්‍රම්ප්
Nihal Dharmatileke Thursday, 27 February 2025 04:51 PM
ඇමෙරිකානුවන් කියන්නේ කවුද? ලස්සන කුරුළු තටුවලින් හදපු හිස්වැසුම් පැළඳගෙන දුනු, ඊතල සහ පොරවක් අතින් රැගෙන යන්නේ රතු ඉන්දියානුවන්ටයි. ලොකුවට කතා කරන්නේ ඇමෙරිකානුවෝ... නොයෙකුත් රටවල් වලින් ඇරපු අය...