(කාංචන කුමාර ආරියදාස)
ලොව අටවන පුදුමය ලෙස හඳුන්වනු ලබන සිගිරි පව්ව පෙනෙන මානයේ පිහිටා ඇති දියකැපිල්ල ප්‍රාථමික විදුහල වැසී යෑමේ අවදානමක් පවතින බව මව්පියෝ පවසති.
ප්‍රවාහන පහසුකම්, ඇතුළු විවිධ ගැටළු හේතුවෙන් මෙම පාසල වැසී යාමේ තර්ජනයකට ලක්ව ඇත. එතරම් දුෂ්කරතා මැද මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි දරුවන් තිදෙනා ඉහළින්ම දක්ෂතා දක්වා ඇත. හැම දරුවෙක්ම ලකුණු සියයේ සීමාව පන්නා ඇත.
ගලේවෙල අධ්‍යාපන කලාපයට අයත් දියකැපිල්ල ප්‍රාථමික විදුහල දශක හතරක සිට දරුවන්ට සිප් සතර කියා දෙයි.
එක වසර සිට පහ වසර දක්වා මෙහි පන්ති පැවැත්වේ.
මේ වන විට මේ පාසලේ මුළු සිසුන් සංඛ්‍යාව නමයකි. පහ වසර පන්තියේ දරුවන් තිදෙනෙකි. කිසිදු උපකාරක පංතියකට නොගොස් විදුහල්පති තුමිය සහ තවත් ගුරුවරියක් විසින් ඉගැන්වීම් කටයුතු කොට පහ වසර ශිෂ්‍යත්වයේ ලකුණු එකසිය තිස් නමය, එකසිය විසි අට ,එකසිය අට, ප්‍රමාණයෙන් ලබාගෙන ඇති බව මව්පියෝ පෙන්වා දෙති
එවැනි දක්ෂ ලෙස ඉගැන්වීම් කටයුතු සිදුකෙරෙන පාසලේ තවත් දින කිහිපයකින් පහ වසරේ පන්තියේ සිටින සිසුන් තිදෙනාම ඉවත්ව යන්න බවත් වීවිධ හේතූන් සහ පංතියේ තනිවම සිටීමට නොහැකි බව ප්‍රකාශ කරමින් තවත් දරුවන් තුන් දෙනෙකු වෙනත් පාසලකට රැගෙන යෑමට එම මව්පියන් තීරණය කර ඇත.
එසේ වූ විට පාසලේ ඉතිරි වන්නේ තවත් දින කිහිපයකින් දරුවන් හතර දෙනකු පමණක් බව මව්පියෝ පෙන්වා දෙති
දියකැපිල්ල ගම්මානය පිහිටා ඇති දඹුල්ල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් විශාලතම ග්‍රාම නිලධාරී වසම වන මයිලත්තෑවේය.
සීගිරිය සිට කිලෝමීටර් තුනක් පමණ කැලෑ බඳ ප්‍රදේශයකට වන්නට මෙම ගම පිහිටා තිබේ. මයිලත්තෑව සිට පාසලට ගමන් කිරීමට කිලෝ මීටර් හයක් හතක් පමණ තිබෙන බව ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.
එම ප්‍රදේශවලින් දරුවන්ට දියකැපිල්ල පාසලට ගමන් කිරීමට කිසිදු ප්‍රවාහන පහසුකමක් නොමැත. ගමට පිවිසුම ඇති ප්‍රධාන මාර්ගය පවා දැඩි ලෙස අබලන්ව පවති. දිවා කාලයේ පවා වන අලින් ගැවසෙන බව මව්පියෝ පෙන්වා දෙති
පුත්තලම පාලවියෙ සිට අරුක්කාඩු හුණුගල් කොරියට හුණුගල් ප්‍රවාහනය සදහා ධාවනය වෙමින් තිබු දුම්රීය පුත්තලම නගරය ආසන්නයෙදී පිලි පැනිමකට ලක්ව ඇති බව කියයි.
රජයේ අනුමත ප්‍රසිද්ධ රටබීම නිෂ්පාදන ආයතනයක නාමය භාවිතා කරමින් ව්‍යාජ අයුරින් විකිණීම සඳහා සූදානම් කර තිබූ වර්ණ ගන්වන ලද රුපියල් කෝටි පහකට පමණ ආසන්න ව
විදුලි බල මණ්ඩලයේ නිලධාරී මාෆියාව අනුව වත්මන් පාලකයන් ක්‍රියා කරන්න ගත්තොත් මේ පාලකයන්ටත් අත් වන්නේ එදා සිටි පාලකයන්ට අත් වූ ඉරණම බව දක්ෂිණ ලංකාවේ ප්
මහනුවර සිට ඇල්ල දක්වා දිවෙන ඔඩිසි දුම්රියේ රුපියල් 4000ක් වටිනා දුම්රිය ඊ ටිකට් පත් දෙකක් බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවන් දෙදෙනෙකුට රුපියල් 28,000කට අලෙවි කළ බ
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට අනුබද්ධ දන්ත වෛද්‍ය පීඨයේ සිසුන් සඳහා ස්ථිර අංග සම්පූර්ණ මහාචාර්ය ඒකකයක් මහරගම මුඛ සෞඛ්‍ය ආයතන පරිශ්‍රයේ ස්ථාපිත
ආනයන බලපත්‍ර නොමැතිව සහල් ආනයනය සඳහා ආණ්ඩුව අවසර දී තිබූ කාලයේ දී පෞද්ගලික ආනයනකරුවන් සහල් මෙට්‍රික් ටොන් 167000 ක් මෙරටට ගෙන්වා තිබූ බවත් එම සහල් තොගය වෙ
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දියකැපිල්ල කනිටු විදුහලට ලොකු කැපිල්ලක්
Pradeep Kumara Saturday, 25 January 2025 08:47 AM
තව දින කීපයකින් පහ වසර සමත් වූ දරුවන් තිදෙනාද පාසල හැර ගිය පසු ඉතිරි වන්නේ දරුවන් හය දෙනෙකු පමණි. ඉතින් මේ දරුවන් හය දෙනෙකු වෙනුවෙන් පාසලක් පවත්වා ගත යුතුද? එම දරුවන් ආසන්න වෙනත් පාසැලක් වෙත යොමු කර විදුහල්පතිතුමිය සහ ගුරුතුමියත් වෙනත් පාසලකට යොමු කිරීමයි හොඳම වැඩේ. පන්තියක ළමයෙක් දෙන්නෙක් සිටිනාවිට කිසිඳු තරඟකාරී බවක් නොමැති නිසා දරුවන් හරි හැටි ඉගෙනීම් සිදු නොකරයි...!