IMG-LOGO

2024 සැප්තැම්බර් මස 19 වන බ්‍රහස්පතින්දා


දිල්ලි මහ ඇමැති ධුරයෙන් යයි

ඉන්දීය විපක්ෂ නායකයන්ගෙන් කෙනකු ද වන, 'ආම් ආද්මී' පක්ෂයේ නායක අරවින්ජ් කෙජ්රිවාල්, දිල්ලි ප්‍රාන්ත මහ ඇමැති ධුරයෙන් ඉල්ලා අස් විය.

කෙජ්රිවාල් දූෂණ විරෝධී ක්‍රියාකාරියෙකි. ඔහුගේ 'ආම් ආද්මී' පක්ෂ පක්ෂය, දිල්ලි ප්‍රාන්තයේ බලයේ සිටින්නේ දූෂණ විරෝධී පක්ෂයක් ලෙස ජනතා ප්‍රසාදය දිනා ගනිමිනි.

කෙසේ නමුත් කෙජ්රිවාල්ට දූෂණ චෝදනා එල්ල විය. ඒ, මත්පැන් අලෙවි කිරීමේ දී දිල්ලි ප්‍රාන්ත රජය ක්‍රියාත්මක කර තිබුණු ප්‍රතිපත්ති සම්බන්ධයෙනි. කෙජ්රිවාල් මාස 5 ක් බන්ධනාගාරගතව සිටියේය. එල්ල වන චෝදනා සියල්ල ඔහු ප්‍රතික්ෂේප කරයි. අධිකරණයෙන් ඔහුට ඇප නියම වී ඇත.

මහ ඇමැති ධුරයෙන් ඉවත් වෙමින් කෙජ්රිවාල් පවසා ඇත්තේ මීළඟ ප්‍රාන්ත මැතිවරණයෙන් 'ආම් ආද්මී' පක්ෂයට ජනවරමක් හිමිවුවහොත්, එම ජන වරමට හිස නමමින් තමා යළි දිල්ලි මහ ඇමැති ධුරය බාර ගන්නා බවය. තමන් කිසිදු වරදක් කර නැති නමුත්, තමන්ට ජනතා විශ්වාසය අවශ්‍ය යැයි ඔහු පවසා තිබේ.

පුරප්පාඩු වුණු මහ ඇමැති ධුරය, 'ආම් ආද්මී' පක්ෂයේ ජ්‍යෙෂ්ඨයකු මෙන්ම කෙජ්රිවාල්ගේ සමීපතම සගයකු වන අතීෂීට ලබා දී ඇතැයි ද පැවැසෙයි.



අදහස් (0)

දිල්ලි මහ ඇමැති ධුරයෙන් යයි

ඔබේ අදහස් එවන්න

දියත

ඡන්දෙ දා දුම්රිය වැඩ
2024 සැප්තැම්බර් මස 19 0 0

මැතිවරණය පැවැත්වෙන 21 වැනි දා සාමාන්‍ය පරිදි සෙනසුරාදා දිනයට අදාළ දුම්රිය කාලසටහන ක්‍රියාත්මක බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.


පයාගල වසම් දෙකකට ඡන්ද කාඩ් බෙදා නැතැයි චෝදනා
2024 සැප්තැම්බර් මස 19 3 0

කළුතර ප්‍රදේශයේ ලේකම් කොට්ඨාශයේ පයාගල, ඈතගම ප්‍රදේශයේ ග්‍රාම නිළධාරි වසම් දෙකකට නිළ ඡන්ද කාඩ්පත් දහසකට ආසන්න ප්‍රමාණයක් බෙදා නොමැති බවට එම ගම්වාසීහ


රඹුක්වැල්ල පුතාගේ සුපිරි නිවාස දෙකක් තහනම්
2024 සැප්තැම්බර් මස 19 12 0

බාල බෙහෙත් ජාවාරම් සිද්ධියේ සැකකරුවකු ලෙස නම් කර සිටින හිටපු සෞඛ්‍ය අධ්‍යක්ෂ කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පුත්‍රයා විසින් රුපියල් කෝටි 16.5කට මිලදී ගත් බ


බිරියගේ අත කැපී යැයි සැමියා අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 19 441 0

වෙනත් පුද්ගලයකු සමඟ සමීප සබඳතාවක් පවත්වන බව පවසමින් සිය බිරිඳගේ අත වෙන්වන ලෙස කපා දැමූ සැමියකු යාපනය , අලවෙඩ්ඩි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව තෙලිප්ප


ලැඟුම්හළක මත් ද්‍රව්‍ය ඇසුරුම් කරමින් සිටි යුවළ අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 19 536 0

මත් ද්‍රව්‍ය ජාවාරමේ යෙදී සිටි බව කියන යුවළක් , බැලුම්මහර ප්‍රදේශයේ කාමරයක ලැගුම් ගෙන සිටියදී අත් අඩංගුවට ගනු ලැබූ බව යක්කල පොලීසිය සඳහන් කරයි.


ශ්‍රිලනිප හිනිදුම හිටපු සංවිධායක ඝාතනයට අයෙක් අල්ලයි
2024 සැප්තැම්බර් මස 19 844 0

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ගාල්ල හිනිදුම ආසනයේ හිටපු ප්‍රධාන සංවිධායකයෙකු වන ව්‍යාපාරික සම්පත් ගමගේ මහතා මුගුරකින් පහර දී ඝාතනය කල සිද්ධියේ ප්‍රධාන සැ


මේවාටත් කැමතිවනු ඇති

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 51 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 125 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 2174 2
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

Our Group Site