IMG-LOGO

2024 දෙසැම්බර් මස 26 වන බ්‍රහස්පතින්දා


දිස්ත්‍රික්ක 8කට නායයෑම් අනතුරු ඇඟවීම්

(ශාන්ත චන්ද්‍රසිරි හුලංනුගේ සහ සම්පත් ප්‍රියනන්දන)

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක අටක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 30ක් සඳහා නායයාමේ පුර්ව අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත්   කිරීමට  ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අද  (02) පස්වරුවේ පියවර ගෙන තිබේ.

ඒ අනුව කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල මහනුවර දිස්ත්‍රික්කයේ උඩපාලත, යටිනුවර කෑගල්ල දිස්ත්‍රික්කයේ කෑගල්ල, දෙහිඹ්විට,  මාවනැල්ල, බුලත්කොහූපිටිය මාතර දිස්ත්‍රික්කයේ පස්ගොඩ  රත්නපුර දිස්ත්‍රික්කයේ   කහවත්ත, ඇලපාත, ඇහැළියගොඩ, කුරුවිට, ගොඩකවෙල, පැල්මඩුල්ල සහ  රත්නපුර    යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා අවදානයෙන් සිටින ලෙස  දැනුන්දීමේ අනතුරු ඇඟවීමේ දෙවන මට්ටමේ නිවේදන නිකුත් කොට ඇත.

බදුල්ල දිස්ත්‍රික්කයේ වැලිමඩ, හල්දුම්මුල්ල ගාල්ල දිස්ත්‍රික්කයේ  ඇල්පිටිය  කෑගල්ල දිස්ත්‍රික්කයේ වරකාපොල, යටියන්තොට  කුරුණෑගල  දිස්ත්‍රික්කයේ  පොල්ගහවෙල මාතර දිස්ත්‍රික්කයේ කොටපොල, අකුරැස්ස   රත්නපුර දිස්ත්‍රික්කයේ නිවිතිගල, අයගම, බලංගොඩ, ඉඹුල්පේ, ඔීපනායක, කිරිඇල්ල  හා කලවාන   යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා විමසිලිමත්ව සිටින ලෙස දැනුන්දීමේ අනතුරු ඇඟවීමේ කහ නිවේදනය නිතුක් කොට තිබේ.

මෙම නායයාමේ අනතුරු ඇඟවීමේ නිවේදනයන්  හෙට  (03) පස්වරු  5.00 දක්වා වලංගු  බවත් එම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්ගේ පදිංචි ජනතාව මේ සම්බන්ධයෙන් සැළකිලිමත් වන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ඉල්ලා සිටියි.

 



අදහස් (0)

දිස්ත්‍රික්ක 8කට නායයෑම් අනතුරු ඇඟවීම්

ඔබේ අදහස් එවන්න

දියත

අත්නොමතික මාරු කිරීම් සොයන්න සජබෙන් විශේෂ ඒකකයක්
2024 දෙසැම්බර් මස 26 76 0

රජය සහ පළාත් සභා මට්ටමින් අත්නොමතිකව සිදු කරනු ලබන සියලුම මාරු කිරීම් පිළිබඳව සොයා බැලීම සඳහා විශේෂ ඒකකයක් පිහිටුවීමට සමගි ජනබලවේගය පියවර ගෙන තිබේ.


රිය අනතුරින් සිඟිත්තිය මරුට
2024 දෙසැම්බර් මස 26 112 0

යාපනය නුවර එ නවය මාර්ගයේ කිලිනොච්චිය නගරයේදී ටිපර් රථයක් යතුරු පැදියක ගැටී ඊයේ (25) සිදුවූ අනතුරකින් වයස අවුරුදු දෙකක කුඩා දැරියක මියගොස් අ‍ැගේ මව, පි


අඩු ආදායම් ලාභීන්ට නිවාස දෙන්න චීනයෙන් කෝටි 2,200ක්
2024 දෙසැම්බර් මස 26 92 0

ශ්‍රී ලංකාවේ අඩු ආදායම්ලාභීන්ට බෙදාදීමට නිවාස ඒකක 1,888 සහ ප්‍රවිණ කලාකරුවන් සඳහා නිවාස ඒකක 108 ක් ඉදිකිරීමට චීන ආණ්ඩුව යුවාන් මිලියන 552 ක් හෙවත් රුපියල් කෝ


’’බැංකුව අයකරන බද්ද නැවත දෙන ක්‍රමයක් නෑ’’
2024 දෙසැම්බර් මස 26 654 0

අඩු ආදායම් ලාභීන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ගොස් ආදායම පෙන්වා බදු නිදහස හිමිකරගන්නා තෙක් බැංකු පොලියෙන් අය කරන සියයට 10 ක බද්ද නැවත ජනතාවට දීමේ ක්‍


ශ්‍රී ලංකාවේ හැඩය ගත් නිල් මැණිකක්
2024 දෙසැම්බර් මස 26 725 0

ශ්‍රී ලංකාව හැඩය ඇති දුර්ලභ ස්වභාවික නිල් මැණිකක් තමන් මිලදී ගත් බව රත්නපුර නිවිතිගල මැණික් ව්‍යාපාරිකයෙක් අද( 26) පැවසුවේය.


රූපවාහිනියේ අලුත් සභාපති වැඩ බාර ගනී
2024 දෙසැම්බර් මස 26 954 0

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ගිහාන් ද සිල්වා මහතා අද (26) පෙරවරුවේ දී ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථා පරිශ්‍රයේදී තනතුරේ රාජකාරී ආරම්භ කළේය


මේවාටත් කැමතිවනු ඇති

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 108 0
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 107 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 80 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

Our Group Site