(බී.ජී. චතුරංග සහ දයාරත්න ඇඹෝගම)
රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනුරාධපුර නව නගර දුම්රිය ස්ථාන ආසන්නයේදී දුම්රියේ ගැටී ජීවිතක්ෂයට පත්වූ බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ රත්නපුර, මාපලාන, ශ්‍රී පලාපද්දල පුදේශයේ පදිංචිව සිටි සරණි නිසාදරී නිළුපුලී රණසිංහ නැමැති 18 හැවිරිදි පාසල් දැරියක් සහ ඇගේ ඥාතියකු වූ කේ චමිලා රංජනී දැරියගේ ඥාතියෙකු වන 37 හැවිරිදි කාන්තාවකි.
රත්නපුරයේ පාසල් පහක සිසු සිසුවියන් පිරිසක් බස් රථයකින් අනුරාධපුර සල්ගාදු ක්‍රීඩා පිටියේ අසල ගුහස්ථ ක්‍රීඩාංගනයේ පැවැත්වෙන ටයිකොන්ඩෝ තරගාවලිය සඳහා සහභාගි වී ඇති බව පොලිසිය කියයි.
ජීවිතක්ෂයට පත් වූ කාන්තාවගේ දියණිය ද තරගාවලියට සහභාගී වී සිටින අතර ජීවිතක්ෂයට පත්ව සිටින පාසල් සිසුවිය ඇගේ ඥාති දුවකු බව පොලිසිය කියයි.
ටයිකොන්ඩෝ තරගාවලියට සහභාගි එම දැරියගේ ඥාතියෙකුගේ නිවස පිහිටි අනුරාධපුර නව නගරයේ නිවසකට ගොස් දහවල් ආහාරය ගෙන පැමිණෙමින් සිටියදී , පිරිමි දරුවකු , සහ ගැහැණු දරුවකු , කාන්තාවක දුම්රිය මගේ ඡායාරූපයක් ගෙන් සිට ඇති බව පොලිසිය කියයි.
දුම්රියක් පැමිණෙන බව අසල්වාසීන් පැවැසුව ද ඔවුන් සෙල්ෆියක් ගන්න යෑමේදී මෙසේ දුම්රියේ ගැටී මරුමුවට පත්ව ඇත.
පානදුර විදුලි උප පොලේ ප්‍රශ්නය නිසා දිවයින පුරා විදුලිය බිඳ වැටීමෙන් ලංකා විදුලි බල මණ්ඩලයට සිදු වූ අලාභය රුපියල් කෝටි 830 ක් බව එක්සත් ජනරජ පෙරමුණේ නා
නිවසකට එල්ල කළ පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයකින් තුවාල ලැබූ 50 හැවිරිදි දරුවෙක් ඊයේ (30) සවස මිය ගොස් ඇතැයි දකුණු කළුතර පොලිසිය කියයි .
ශම්මි සිල්වා මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ධුරයට නැවතත් අද (31) පත්විය.
තමන් විසින් ඉදිරිපත් කළ පැමිණිළි කඩිනමින් විමර්ශනයකර දෙන ලෙසට බලකරමින් කිලිනොච්චිය ධර්මපුරම් පොලිස් ස්ථානාධිපතිවරයාට රුපියල් 50,000 ක අල්ලසක් ලබාදු
දෙනියාය බස් නැවතුම්පොළේ රැඳී සිටි මගියෙකු පරීක්ෂා කරන මුවාවෙන් ඔහුගේ කමිස සාක්කුවේ තිබූ රුපියල් 21,540 ක් මුදලක් සොරකම් කිරීම සම්බන්ධයෙන් පොලිස් සැරයන්
කොළඹ සිට බදුල්ල දක්වා දිවෙන උඩරට මැණිකේ දුම්රියේ ප්‍රවේශපත්‍ර අන්තර්ජාලය ඔස්සේ ලබාගෙන විදේශිකයන්ට අධික මිල ගණන්වලට අලෙවි කිරීමේ ජාවාරමක් කලක් තිස්
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
දුම්රිය මගේ සෙල්ෆි ගන්න ගිය මවක දියණියක මරුටය