(ප්‍රසාද් රුක්මල් )
උඩරට දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව බදුල්ල දුම්රිය මාර්ගයේ ඔහිය පට්ටිපොළ අතර පිහිටි අංක 18 ලංකාවෙ උසින්ම පිහිටි දුම්රිය බිංගෙය වැසිකුනාටුවක් සමගම සුදු ජාතිකයන් විසින් ඉදිකර තිබූ මළකානුවක පැති බැම්මක් කැඩි බිදීයාමෙන් සිදුවීමට ගිය විශාල අනතුරක් දුම්රිය සේවකයන් විසින් වලකා ගනු ලැබිනයි දුම්රිය දෙපාර්තමේන්තුව අද (17)පැවසීය .
කොළඹ කොටුව සිට සැතපුම් 140, 1/2ක දුරකින් මුහුදු මට්ටමේ සිට අඩ් 6220ක පමණ ඉහලින් ලංකාවේ උසින්ම පිහිටි ඔහිය පට්ටිපොළ අතර අංක 18 දුම්රිය බිංගෙය අඩි 1054ක දිග අතර එය ලංකාවෙ පිහිටි දිගම දුම්රිය බිංගෙවල් අතුරින් සිව්වන දිගම දුම්රිය බිංගෙය දවේ.
හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානයට සමීප කලාපයේ පිහිටි මෙම දුම්රිය බිංගෙය පිහිටි ප්‍රදේශයට වසර පුරා වැසි පතිත වන අතර , එම වැසිජලයෙන් ක්‍රමවත්ව පාලනයකින් යුතුව දුම්රිය බිංගෙය දෙපස කදු ඉවුරු ආරක්ශා කර ගැනිමට සුදු ජාතිකයන් විසින් මළකානු පද්ධතිය ක් මකුලුදැලක් සේ බිංගෙය කනින වකවානුවේ ඉදිකර තිබෙන බවත් දුම්රිය බලධාරීන් සදහන් කළේය .
නොබෝදා ඇද හැලුන කුනාටු සහිත ධාරානිපාත වර්ෂාවත් සමඟ එම පැති බැම්ම බිදීගොස් විශාල ජල කදක් පස්ගල් සමග දුම්රිය බිංගෙය කට සමීපයට ඇද වැටී දුම්රිය මාර්ගය අවහිර වී තිබිණි.
දුම්රිය දෙපාර්තමේන්තුවේ නානුඔය ප්‍රධාන අධීක්ෂණ කළමනාකරු ඇන්ටන් විරෝෂන් වික්‍රමරත්න මහතා ගේ අධීක්ෂණය මත පට්ටිපොළ අධීක්ෂණ කළමනාකරු (දුම්රිය මාර්ග) ජනක මනම්පේරි,බණ්ඩාරවෙල ගොඩනැගිලි අධීක්ෂණ කළමනාකරු කනිශ්ක ගයාන් යන මහත්වරුන්ගේ උපදෙස් මත දුම්රිය දෙපාර්තමේන්තුවේ පට්ටිපොළ මාර්ග අංශයේ නඩත්තු දුම්රිය සේවකයන්, බණ්ඩාරවෙල ගොඩනැගිලි නඩත්තු සේවකයන් විසින් මෙසේ දුම්රිය මාර්ගයේ එම අවහිරතා ඉවත් කරමින් තාවකාලිකව තාක්ෂණික පිළියම් යොදමින් දුම්රිය බිංගෙය සමග දුම්රිය මාර්ගය ආරක්ෂා කර ගැනිමේ කටයුතු සිදු කරනු ලැබූහ .
මහ මැතිවරණ ප්‍රතිඵල අනුව ජාතික ජන බලවේගයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු දහ අට දෙනෙක් පත්වූහ. එම මන්ත්‍රීවරුන් 18 දෙනා මෙසේය.
උඩරට දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව බදුල්ල දුම්රිය මාර්ගයේ ඔහිය පට්ටිපොළ අතර පිහිටි අංක 18 ලංකාවෙ උසින්ම පිහිටි දුම්රිය බිංගෙය වැසිකුනාටුවක් සමගම සුදු ජ
මෙවර මහ මැතිවරණයෙන් තේරීපත් වූ සියලුම මන්ත්‍රීවරුන්ගේ විස්තර සහ ඡායාරූප ඇතුළත් වාර්තා හෙට (18) ‘ලංකාදීප’ පුවත්පතේ පළ වේ.
ලංකාවට බටහිර දෙසට වන්නට නාවික සැතපුම් 110 ක් දුරින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ මෙරට බහුදින යාත්‍රාවක් සමග සැකකරුවන් 5 දෙනකු අද (17) අත්අඩංගුවට ගත්බ
පාකිස්තානයේ දස්කා නගරයේ මාස 7 ක ගැබිණි කාන්තාවක් ඇයගේ නැන්දම්මා සහ නෑනා විසින් ඝාතනය කර මෘත දේහය කොටස් 25 කට කපා වෙන්කරනු ලැබ ඇතැයි පාකිස්තාන පොලිසිය ප්
ඉගිණියාගල පොලිස් වසමේ වාවින්න , පරගහකැලේ, ප්‍රදේශයේ නිවසක තිබි විදේශ රටක නිෂ්පාදිත මයික්‍රෝ වර්ගයේ ස්වයංක්‍රිය පිස්තෝලයක් සහ උණ්ඩ 143 ක් සහ උණ්ඩ බහාල
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
දුම්රිය