IMG-LOGO

2024 නොවැම්බර් මස 13 වන බදාදා


දුරකතන කුලුනේ බැටරි ගැලවූ තාක්ෂණික ශිල්පියා අත්අඩංගුවට

( සුමිත් පොතුපිටිය )

කළුතර ටෙලිකොම් කුළුණේ බැටරි ගැලවූ බව කියන ටෙලිකොම් ආයතනයේම තාක්ෂණ ශිල්පියෙකු සහ රිය සහායකයෙකු අත්අඩංගුවට ගත් බව කළුතර දකුණ පොලිසිය පවසයි.

ටෙලිකොම් ආයතනයේම උසස් නිලධාරියෙකු විසින් කළ පැමිණිල්ලක් මත සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.ඔවුන්ගෙන් කළ ප්‍රශ්න කිරීම් වලින් පසු සොරාගත් රුපියල් ලක්ෂ හයකට අධික වටිනාකමකින් යුත් බැටරිද පොලිස් භාරයට ගෙන තිබේ.

විදුලි විසන්ධි වීමෙන් පසු ටෙලිකොම් කුළුණේ සංඥා පද්ධතිය ස්වයංක්‍රීයව ක්‍රියාත්මක විය යුතු බවට කොළඹ පාලක මැදිරියෙන් කළ දැනුම් දීමකින් පසු කළුතර ඉංජිනේරුවන් විසින් සොයා බැලීමේදී බැටරි ගලවා ඇති බව නිරීක්ෂණය වී ඇතැයි පොලිසිය සඳහන් කරයි.

 

 

 



අදහස් (1)

දුරකතන කුලුනේ බැටරි ගැලවූ තාක්ෂණික ශිල්පියා අත්අඩංගුවට

Jayathilaka Sunday, 10 November 2024 12:12 PM

ඔය කියන කට්ටිය තරම් මොළයක් තියෙන තවත් පිරිසක් නැතුව ඇති. ඉස්සර අපේ දුරකථනය නිතර නිතරම විසංධි වුණා. ඒ ගැන පැමිණිළි කළාම බැටරි දෝෂයක් නිසා ඔහොම වෙනවා කියලා 2019 ට පෙර ෆයිබර් ලයින් ගන්න කිව්වා. ඒක මර උගුලක් කියලා තේරුනේ ගත්තාට පස්සේ තමයි... ෆයිබර් ලයින් විදුලිය විසංධි වුණු වේලාවට වැඩ කරන්නේ නැහැ. ඒක ඇහුවාම කියනවා ඒකට දහස් ගණනක් වියදම් කර බැටරියක් ගන්න කියලා.. ඊළඟට ෆයිබර් ලයින් ගත්තට පස්සේ අපේ නිවසේ තිබුණු රැහැන් ගලවා ගෙන ගියා. අනෙක් අයගේ තවමත් තියෙනවා... ඒකත් මොකක් හෝ හොරකමක් කියලා හිතෙනවා. ඇත්තටම දුරකථන අත්‍යාවශ්‍යම වුණත් එමගින් විවිධා කාරයෙන් සූරාකෑම තමයි ඉවසන්න බැරි උදාහරණයක් හැටියට මොබිටෙල් ජංගම දුරකථන හරහා දිනකට දෙතුන්වරක් විවිධ පහසුකම් දෙනවා ගන්න කියලා ගැහැණියක් බෙරිහන් දෙන වාදනයක් ලැබෙනවා හරිම කරදරයක් තමයි...

:       1       28

ඔබේ අදහස් එවන්න

දියත

මෙරට නිල සංචිත ඉහළට
2024 නොවැම්බර් මස 12 1524 0

මෙරට නිල සංචිත පසුගිය ඔක්තෝබර් මාසයේදී ඇමෙරිකානු ඩොලර් බිලියන 6.46 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ෆිච් රේටින්ග්ස් සමාගම ප්‍රකාශ කළේය.


ගම්පහත් සූදානම්
2024 නොවැම්බර් මස 12 1100 0

දිවයිනෙහි වැඩිම පාර්ලිමේන්තු මන්ත්‍රී සංඛ්‍යාව වන 19 දෙනෙකු ගම්පහ දිස්ත්‍රික්කයෙන් තෝරා පත්කර ගැනීම සඳහා පාර්ලිමේන්තු මැතිවරණයට ගම්පහ දිස්ත්‍රික්ක


නව පාර්ලිමේන්තුව 21 රැස් වේ
2024 නොවැම්බර් මස 12 439 0

දස වැනි පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා පෙරවරු 10.00 ට රැස්වීමට නියමිතය. මීට අදාළ ගැසට් නිවේදනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඊයේ (12) නිකුත් කරනු ලැබී


ලබන 30 පෙර ගිනි අවි දෙන්න කියයි
2024 නොවැම්බර් මස 12 362 0

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන්, විවිධ දේශපාලන පක්ෂ නායකයින් හා දේශපාලන සංවිධාන වලට මෙන්ම රජයේ විධායක තනතුරු දැරූ නි


ඇහිලූ මුදල් අයිතිකරුටම දෙයි
2024 නොවැම්බර් මස 12 40 0

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ තොරතුරු හා ප්‍රචාරක කොට්ඨාසය තුළ වැටී තිබූ රුපියල් 17000 ක මුදලක් බිම වැටී තිබියදී ඩී.කේ රොහාන් ප්‍රදීප් මහතා විසින් එය අයි


ඡන්දේ ආරක්ෂාවට අනූදහසක බල ඇණියක්
2024 නොවැම්බර් මස 12 90 0

පොලිසිය ඇතුළු ත්‍රිවිධ හමුදා නිලධාරීන් අනූදහසක් දිවයිනපුරා පාර්ලිමේන්තු මැතිවරණය විශේෂ රාජකාරි සදහා යෙදවීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 171 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 512 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1591 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site