(සුමිත් පොතුපිටිය)
කලුතර ප්‍රදේශයේ මුස්ලිම් දේවස්ථානයක දිවා දේව මෙහෙයට පැමිණි පුද්ගලයකු තමන්ට රට ඉදි ලබානොදීම සම්බන්දයෙන් උරණවී දේවස්ථානයේ මව්ලවි තුමන්ට පහරදි ඇති බව පොලිසිය සදහන් කරයි .
මෙහිදී පහරකැමට ලක්ව ඇත්තේ කලුතර කටුකුරුන්ද මොහිදීන් ජුම්මා දේවස්ථානයේ මව්ලවි තුමන් බව සදහන් වේ.
සැකකරු තමන්ට රට ඉදි ලබානොදීම සම්බන්දයෙන් මව්ලවි තුමා සමග බහින්බස් වීමක් සිදුව ඇති බවත් පසුව පහරදි ඇති බවත් පැවසේ.
පහරකෑමට ලක්වූ මව්ලවි තුමා කලුතර නාගොඩ ශීක්ෂණ රෝහලට ඇතුලත්ව නේවාසික ප්‍රතිකාර ලබමින් සිටින බව රෝහල් ප්‍රකාශකයෙක් කීය.
සැකකරු කලුතර කටුකුරුන්ද ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු බවට හදුනාගෙන ඇති බවත්, ඔහු ප්‍රදේශය හැරගොස් ඇති බවත් පොලිසිය කීය.
ජාතික තීරු බදු ප්‍රතිපත්ති කමිටුව සඳහා වන කාර්යය නිර්ණේය අනුදේශ කමිටුවක් පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
විපක්ෂයේ ප්‍රධානම පක්ෂය වන සමගි ජනබලවේගයේ සභාපති ඉම්තියාස් බාකිර් මාකාර් මහතා පක්ෂයේ සියලුම තනතුරුවලින් අද (18) ඉල්ලා අස්විය.
රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා රජයේ වියදමින් කිසිදු පෞද්ගලික සංචාරයක නිරත වී නැතැයි රනිල් වික්‍රමසිංහ මහතාගේ කාර්යාලය නිවේදනයක් නිකුත් කරමි
තැපැල් දෙපාර්තමේන්තුවේ පුරප්පාඩු 5,913ක් පවතින බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක් මගින් අනාවරණය වි ඇත.
දූෂණ විරෝධී පනතේ 156 වගන්තිය යටතේ නියෝග පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
කම්කරු කොමසාරිස් ජනරාල් තනතුරට පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
දේව මෙහෙයෙදී රට ඉදි නොදුන්නැයි මව්ලවි තුමෝට ගහලා
පිස්සෝ Monday, 17 March 2025 08:32 PM
අඩේ වහාම ඌව අල්ලාහ් ගන්න ...දෙවියන්ට වත් කියල බැරිද
Rifan Monday, 17 March 2025 09:21 PM
දේව මෙහෙයක රටඉදි බෙදාදීමක් සිදු කරන්නේ නැහැ. උපවාස මාසයේ ප්‍රදේශ ජනතාවට නොමිලේ බෙදාදීමට රටඉදි විදේශ ආධාර ලැබෙනවා. එසේ ලැබුණු රටඉදි නිසිලෙස බෙදා නොදෙන අවස්ථාවල මෙවැනි අර්බුද ඇති වෙනවා. මා සිතන්නේ මෙතනත් වෙලා තිබෙන්නේ එවැනි දෙයක්.
ශාන් Tuesday, 18 March 2025 07:08 AM
අපේ රටේ ඈයෝ කිසිම ජාති භේදයක් නැතිව දැන් පිස්සු කෙළිනවා. මුස්ලිම් අය මේ දවස්වල දවසම නොකා ඉන්නේ. ඒ අයත් එක්ක වැඩකරන, හැසිරෙන අය ඒක ටිකක් මතක තියාගන්න එක හැමෝටම පහසුයි. විශේෂයෙන් පළමු දවස්ටික ඒ අයට ටිකක් අමාරුයි කියලා මම අහලා තියෙනවා.