IMG-LOGO

2024 සැප්තැම්බර් මස 18 වන බදාදා


දේශප්‍රේමී සම්මත්‍රණයේ දී දෙපිිරිසක් ගැටිලා

(සුජිත් හේවාජුලිගේ)

දේශප්‍රේමී ජාතික පෙරමුණ සංවිධාන කළ සම්මන්ත්‍රණයක් කොළඹ 7 පුස්තකාල ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී පැවැත්වෙමින් තිබියදී එහි කඩා වැදුණු පොලු මුගුරු ගත් කණ්ඩායමක් කෑ ගසමින් එම සම්මන්ත්‍රණය කඩාකප්පල් කිරීමට උත්සාහ දැරීම හේතුවෙන් එම පොලු මුගුරු ගත් පිරිස සහ සම්මන්ත්‍රණ සංවිධායකයන් අතර ගුටිබැට හුවමාරුවක්  පස්වරුවේ සිදුවිය.

මෙම සිද්ධියෙන් එක් පුද්ගලයෙක් තුවාල ලැබීය.

සම්මන්ත්‍රණයට කඩා වැදුණු පිරිස අනතුරුව යතුරුපැදිවල නැගී පලා ගොස් ඇතැයි දැනගන්නට ඇත.

මේ සිද්ධිය වූයේ දේශප්‍රේමී ජාතික පෙරමුණේ ජාතික සංවිධායක නීතිඥ නුවන් වැල්ලන්තුඩාව මහතා සම්මන්ත්‍රණය අමතමින් සිටියදීය.

ඔහු එක්තරා දේශපාලන පක්ෂයක පිරිසක් සම්බන්ධයෙන් විවේචනාත්මකව කතා කළ අවස්ථාවේදී ඊට සහභාගී වූ පිරිස අතරේ සිටි දෙදෙනෙක් එකවරම නැගී සිට කෑ කෝ ගසමින් කලබල කරන්නට වූහ. මේ අවස්ථාවේදී සම්මන්ත්‍රණයේ සංවිධායකයන්" මේක සාමකාමී සම්මන්ත්‍රණයක්. ඔයාලා මෙතන ඇවිල්ලා කලබල කරන්න අවශ්‍ය නැහැ. අපේ අදහස් අහගෙන ඉන්න බැරි නම් මෙතනින් යන්න" යැයි සාමකාමීව පැවසූ නමුත් ඔවුන් ඊට අවනත නොවී දිගින් දිගටම කෑ ගසන්නට වූහ.

ගුටිබැට හුවමාරුව ඇති වූයේ මේ අවස්ථාවේදීය.

 



අදහස් (14)

දේශප්‍රේමී සම්මත්‍රණයේ දී දෙපිිරිසක් ගැටිලා

Chandima Thursday, 12 September 2024 10:44 PM

ලොකු ගාණකට කෝන්තරක් එකක් හම්බවෙලා වගේ? ඡන්දේ තව ලංවෙද්දී එකෙක්ව, දෙන්නක්ව මරන්න කිව්වේ නැතිද? හදිසි නීතිය දාලා ඕනෑ ඕනෑ අය අත්අඩංගුවට ගන්න පුළුවන් වෙන්න... කුලියට කහින්න එපා බං...

:       3       4

Prabha Friday, 13 September 2024 02:26 AM

NPP එක මොකකට හරි පටලවන්න ඔක්කොමලා උත්සාහ කරනවා.

:       8       9

B Amarasinghe Friday, 13 September 2024 02:38 AM

දේශප්‍රේමය ඉහවහ ගිහිල්ලා...

:       3       7

සෙනෙවිරත්න Friday, 13 September 2024 08:40 AM

ජවිපෙ නම කැත කරන්න අටවපු උගුලක්, මෙතැන කථිකයා 88/89 ගැන පරණ තැටිය වාදනය කරන කොටයි විරෝධතාවයක් ආවේ...! ජවිපෙට ඔය අවලාදය හොඳටම හුරුයි, ඔවාට කලබල වෙලා ලබන ජයග්‍රහණය කැත කරගන්න මෝඩ නැහැ. ⁣එතැන සංවිධායකයෙක්ම කියනවා ඒ අය එන් පී පී නොවන බව...

:       8       8

සෙනෙවිරත්න Friday, 13 September 2024 08:43 AM

ජවිපෙට අවලාද නගලා කීයක් හරි කොටාගන්න නඩු නැති පෙරකදෝරුවෙක් කතාකරන කොටයි මේක වුනේ.., මේ දේශප්‍රේමී සංවිධාන රට බංකලොත් කරපු අයට අවලාද නගන්නේ නැත්තේ ඔවුන්ගෙන් යැපෙන නිසා නොවේද...?

:       6       6

Rukamal Friday, 13 September 2024 08:51 AM

නයිස් ට්‍රයි බෝයිස්...!

:       6       4

Manjula Pradeep Friday, 13 September 2024 08:59 AM

ඒකත් තමන්ම ගහගත්තා කියලා කියයිද දන්නෑ. අපිට මතකයි අපිත් කැම්පස් යන කාලේ ජවීපට විරුද්ධව මතවාදයක් දරන අය දේශන, රැස්වීම් ආදිය සංවිධානය කරාම ඔය විදියටම ඒකට ගහන පෝස්ටර් සේරම ඉරලා දානවා. බැනර් කටවුට් කඩලා දානවා... අලවන්න යන අයට රෑට පහර දෙනවා. ඊට පස්සේ දේශන ශාලාව ඇතුළට ඇවිල්ලා ඔය විදියටම කථිකයින්ට විරුද්ධව කෑගහලා රැස්වීම කඩාකප්පල් කරනවා මොන දේ කතා කළත් මාලිමාවේ ඇතුලේ ඉන්නවා. ජවිපෙයි කියන වෘකයාගේ හැසිරීම ඕක තමයි..!

:       6       6

එඩ්වඩ් Friday, 13 September 2024 09:03 AM

නීතිඥ බල්ලන්තුඩාව ජාතිකත්ව කෝණයකින් ප්‍රශ්න දෙස බලා විග්‍රහ කරන අයෙකි. 2007/8 පමණ කාලයේදී ජාතිකත්ව කඳවුරෙන් ඉවත් වෙමින්, මේ වනවිට ඇමරිකානු ජාතිකත්ව කඳවුරේ සුවච, කීකරු ගෝලයින් බවට පත්ව සිටින ජවිපෙය මෙම මැර කණ්ඩායමට රා පොවා ඇති බව දේශපාලන සෙන්ස් එක ඇති ඇත්තන්ට පැහැදිලියි. මාලිමාවක සිරියෙන් කරලියට පැමිණ ඇති ජවිපෙට ඡන්දය දීමට සිතාසිටින අයෙක් වේ නම් කල්පනා කර බැලිය යුතු තත්ත්වයකි...

:       4       6

රම්බොඩ Friday, 13 September 2024 10:45 AM

තම මතයම පමණක් හරි වග අන්ධව දරාගෙන සිටින , අනෙක් සියලු දෙනාටම වහලුන් යැයි කියන , අනෙකාට තම අදහස් ප්‍රකාශ කරන්නට ඉඩක් හෝ නොතබන මේ අන්තවාදී පටු පුහු මිනිසුන් ට බලය ආවොත් බූරුවාට අං තැබුවා හා සමාන විය හැකිය.

:       5       6

Krishan Friday, 13 September 2024 11:09 AM

තවත් අසාර්ථක නාට්‍යයක් . ඕවට මිනිස්සු දැන් රැවටෙන්නේ නැහැ. පව් ජොලි සීයා!

:       7       5

අරවින්ද මොනරවිල Friday, 13 September 2024 11:22 AM

ඔය මොන නැටුම් නැටුවත් අපි මාලිමාවට, රට අනුරට හොඳේ...

:       7       9

Manjula Pradeep Friday, 13 September 2024 11:28 AM

මම හිතුවා ඒකත් නාටකයක් කියලා කියයි කියලා. අපිට හොඳට ඉතිහාසයේ අත්දැකීම් තියෙනවා වගේ සිද්ධීන් විශ්ව විද්‍යාලයේ ඇතුලේ අපි කටයුතු කරද්දී. ජනතා විමුක්ති පෙරමුණට විරුද්ධ මතවාදයක් ඇති ඕනෑම සංවිධානයකින් සංවිධානය කරන ඕනෑම රැස්වීමක පෝස්ටර් බැනර් කටවුට් ඉරලා දාන්නත් ඒවා අලවන අයට පහර දෙන එකත් ඒ අයගේ පුරුද්දක්... ඊට පස්සේ රැස්වීම තියෙන වෙලාවට ඒක ඇතුළට ඇවිල්ලා කලබල ඇති කරලා පහර දෙන එක ඒ අයගේ ප්‍රජාතන්ත්‍රවාදය. ඒ අයට ඕනෑතරම් බොරු, බේගල්, අවලාද, ප්‍රචාර කරන්ඩ පුළුවන්... හැබැයි ඒ අයට විරුද්ධව කතා කිරීම තහනම්. ඒක තමයි ඒ අයගේ ප්‍රතිපත්තිය. ජවිපෙ මේ ඉතිහාසය නොදත් පිරිසක් අද මොවුන් වෙනුවෙන් කටයුතු කරනවා... ඒකයි දුක...

:       7       7

අරවින්ද මොනරවිල Friday, 13 September 2024 01:50 PM

ඔය වගේ කතා හදලා අවලාද නගන එක මඩ ගහන එක නින්දා අපහාස කරන එක ඔයාලාගේ පුරුද්ද කියලා අපිත් හොඳටම දන්නවා.

:       7       3

Manjula Pradeep Friday, 13 September 2024 03:59 PM

අලුතෙන් කතා හදන්න දෙයක් නෑ.. ඒ ලිපියට සාක්ෂි වීඩියෝ දර්ශන තියෙනවා වගේ දේවල් දැක දැක අපි කොහොමත් මාලිමාවට කියන්න තරම් මේ මෝහනයට පත්කරලා. මේ වගේ වහලුන් එහෙම කිව්වාට අනිත් මිනිසුන් ඡන්දය දෙන එක අලුත් සිදුවීම් හා දැනුම එක්ක ආපහු පාරක් කල්පනා කරන්න බලන එක ඉතා හොඳයි...!

:       2       2

ඔබේ අදහස් එවන්න

දියත

දිල්ලි මහ ඇමැති ධුරයෙන් යයි
2024 සැප්තැම්බර් මස 18 102 0

ඉන්දීය විපක්ෂ නායකයන්ගෙන් කෙනකු ද වන, ’ආම් ආද්මී’ පක්ෂයේ නායක අරවින්ජ් කෙජ්රිවාල්, දිල්ලි ප්‍රාන්ත මහ ඇමැති ධුරයෙන් ඉල්ලා අස් විය.


හිස්බුල්ලා ඉලක්ක කරගනිමින් ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 18 150 0

ලෙබනනයේ හිස්බුල්ලා සාමාජිකයන් පණිවුඩ හුවමාරු කර ගැනීමට භාවිත කරන, ’පේජර්’ යන්ත්‍ර හිටිහැටියේ එකවර පුපුරා යෑමෙන්, හිස්බුල්ලා සාමාජිකයන් දෙනකු මියගො


රැජිනගේ ඉතාලි මාලිගය කෝටි 1660කට විකුණයි
2024 සැප්තැම්බර් මස 17 868 0

වික්ටෝරියා රැජිනගේ ප්‍රියතම සංචාරක නිවහන වූ ඉතාලියේ ’’පල්මියෙරි විලා’’ ඇමෙරිකානු ඩොලර් මිලියන 55 (ශ්‍රී ලංකා රුපියල් කෝටි 1660 ක් පමණ) ක මුදලකට විකිණීමට ත


ස්පාවකින් බලෙන් සල්ලි ගත් කොස්තාපල් අත් අඩංගුවට
2024 සැප්තැම්බර් මස 17 400 0

සෝදිසි වරෙන්තුවක් ලබා ගෙන පොලිස් කාන්තාවක සමග වැටලීමකට ආවැයි පවසා අනුරාධපුර සම්බාහන (ස්පා) මධ්‍යස්ථානයකට ඇතුළුවී එම ආයතනය සෝදිසි නොකර සිටීමට රුපියල්


නීතිය ක්‍රියාත්මක කරන්නැයි මැකෝට පැමිණිල්ලක්
2024 සැප්තැම්බර් මස 17 469 0

ජනාධිපති අපේක්ෂකයෙකු තමාට ඡන්දය දෙන ලෙසට අස්වැසුම ප්‍රතිලාභීන්ට එස්.එම්.එස් පණිවිඩයක් සමග හඬපටයක් යවන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් නීතිය ක්‍ර


අනුන්ගේ වේදිකාවට නැග්ග තවත් අපෙක්ෂකයෙක් බස්සයි
2024 සැප්තැම්බර් මස 17 1370 0

ස්වාධීන ජනාධිපති අපේක්ෂක පොළොන්නරුව දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සිඩ්නි ජයරත්න මහතා පොළොන්නරුව පුලස්තිගම 400 නගරයේදී පැවැති සමගි ජන බලවේ


මේවාටත් කැමතිවනු ඇති

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 91 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 2151 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 998 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

Our Group Site