(රන්ජන් කටුගම්පොළ)
අනිවාර්යය නිවාඩු යවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා වහාම අත්අඩංගුවට ගැනීමට පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණය නියෝග කළේය.
ඊට අමතරව ඔහුට සැඟවී සිටීමට ආධාර අනුබල දී ඇති පුද්ගලයන්ට එරෙහිව ද නීතිමය පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණය වැඩිදුරටත් නියෝග කළේය.
අභියාචනාධිකරණය මෙසේ නියෝග කරනු ලැබුවේ දේශබන්දු තෙන්නකෝන් මහතා ගොනු කළ පෙත්සමක් ප්‍රතික්ෂේප කිරීමෙන් පසුවය. ඒ අනුව ඔහුට රුපියල් දසදහස් පන්සියයක නඩු ගාස්තු ගෙවන ලෙස නියෝගය කෙරිණි.
ගෝලීය පාසල් පාදක ශිෂ්‍ය සෞඛ්‍ය සමීක්ෂණය - 2024 (Global School-Based Student Health Survey – 2024) ශ්‍රී ලාංකීය වාර්තාව එළිදැක්වීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේ
මාතලේ සැලගම හුලංගල නැරඹිම සදහා පැමිණි තරුණයෙක් ඊයේ (16) හුලංගල කන්දෙන් පහලට ඇද වැටි මියගොස් ඇති බව පොලිසිය කියයි.
උඩවලව ජාතික වනෝද්‍යානයේ දෛනික ආදායම ලක්ෂ සීය දක්වා පැමිණ තිබෙන බව රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී උපුල් කිත්සිරි මහතා:-(ජා.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය.
බඩෝවිට ප්‍රදේශයේ දී පොලිස් නිලධාරියකුට තියුණු ආයුදයකින් පහරදී පළා ගිය සමන් කුමාර නොහොත් දැනට බන්ධනාගාරගතව සිටින වෙලේසුදා නමැත්තාගේ සහෝදරයා බොරැල්ල
නියමුවන් හෝ වෙනත් කිසිවකු නැතිව, භාණ්ඩ ප්‍රවාහනය කිරීමේ අරමුණින් නිර්මාණය කළ කුඩා සැහැල්ලු ගුවන් යානයක්, සිය පළමු පියසැරිය සාර්ථකව අවසන් කළේය.
පලාත් පාලන ආයතන 336 ක් සදහා පැවැත්වෙන ජන්ද විමසීමට අදාළ නාමයෝජනා භාරගැනීම අද (17) පෙරවරුවේ සිට ආරම්භ කෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
දේශබන්දුට නවාතැන් දුන්නොත් වැඩ වරදී
කව්ද බෝයි Monday, 17 March 2025 11:28 AM
දෙයියෝ සාලේ...අර බාම් කුප්පියත් අල්ලන්න කියලද?
Dasun Monday, 17 March 2025 11:36 AM
මෙම අයිතිහාසික තීන්දුව අභියාචනාධිකරණයේ හැරවුම් ලක්ෂයක් බනවා කිව යුතුමයි . මෑත ඉතිහාසය වෙනස් කල තීන්දුවක් .අධිකරණයට ගෞරවනීය ප්‍රණාමය
ජිල්බු Monday, 17 March 2025 11:39 AM
නවාතැන් දුන්නෑ නමුත් ගත්ත කිව්වොත් මොකෝ කරන්නෙ?
රනේ Monday, 17 March 2025 12:00 PM
කිරිඅප්පට බල්ලො පැනපි..! මං හිතාගෙන උන්නෙ වෙන විධියක් නොවැ...
රම්බොඩ Monday, 17 March 2025 12:13 PM
මාලිමාඑන්කෙෆලයිටිස් රෝගීන්ට මෙය උඩ පැන පැන හිනැහෙන්න කාරණයක් විය හැකියි. එය රෝග ලක්ෂණ වල හැටිය. රටේ තුන්වැනි හෝ හතරවැනි පුරවැසියාව මහා අපරාධකාරයෙකු මෙන් සැලකීම අති භයානක තත්ත්වයක් ලෙස මට දැනෙන්නේ ඇයි දැයි නොදැනේ. ඔහු තවමත් රටේ පොලිස්පතිය. වරදක් කර තිබේ නම් ඒ ගැන සොයා බැලීම කළ යුතුයි. නමුත් මෙසේ නොවේ.
කෞෂිMonday, 17 March 2025 01:57 PM
එසේ නම් ඒ කෙසේදැයි ඔබගේ මහා ඥාණය මෙහෙයවා වදාරනු මැනවි..
Rata Perata Monday, 17 March 2025 12:29 PM
ලංකාවේ පොලිස්පති වෙලා ඉඳලා තියෙන්නේ පාතාලයෙක් වගේ...
maalaka Monday, 17 March 2025 12:30 PM
එතකොට පෙත්සම ගොනුකළේ කොහොමද? ඔහුගේ ලෝයර් දන්නේ නැද්ද?
ජගත් ලියනගේ Monday, 17 March 2025 12:32 PM
ලන්කාවේ හිටිය එපාම කරපු පොලිස්පති...
Asela Monday, 17 March 2025 01:02 PM
ප්රජාතන්ත්රවාදී කුළුණු තුන මේ රටට මෙන්ම තුන්වන ලෝකයේ බොහෝ රටවලට විහිළුවක්. වර්තමාන පාලන තන්ත්රය විසින් ඉතා උපායශීලී සහ අගතිගාමී නීතියක් ක්‍රියාත්මක කරන අතර, අධිකරණ පද්ධතියක් සහිත වත්මන් පොලිසියක් ද ක්‍රියාත්මක වේ. මෙයින් පෙන්නුම් කරන්නේ දකුණු ආසියාවේ සහ අප්‍රිකාවේ බොහෝ රටවල මෙන් මෙම රටේ ප්රජාතන්ත්රවාදය අසාර්ථක බවයි.
ප්‍රියන්ත Monday, 17 March 2025 01:08 PM
එතකොට මෙයා වෙනුවෙන් ඉදිරිපත්වුන නීතිඥ මහත්වරැ එයා ඉන්න තැනක්වත් දන්නෙ නැද්ද? එයාල කිව්වනෙ අත්අඩංගුවට ගන්නෙ නැත්නං ඉදිරිපත්කරනව කියල. ඒ කියන්නෙ එයාල ඉන්න තැන දන්නව කියන එකනෙ!
Niro Monday, 17 March 2025 02:02 PM
ආණ්ඩුව කොච්චර අසරණ වෙලාද? කරන්න පුළුවන් ඔක්කොම දේවල් කරනවා. අන්තිමට බයත් කරනවා. පව් අනේ.
සෑම් Monday, 17 March 2025 02:12 PM
විපක්ෂය ඇතුළු අනෙකුත් දේශපාලන අඳ බාලයින්ගේ දහසක් විවේචන මැද අනුර ප්රමුඛ මාලිමා රජය මෙම කාරණය ඉතාමත් ඉවසිලිවන්තව අධිකරණයට පොලිසියට බලපෑම් නොකර මනා ලෙස නීතියට අනුව සිද්ද වෙන්න ඉඩ ඇරියා. මේක තමයි අපි මාලිමා රජයෙන් බලාපොරොත්තු වුණු සිස්ටම් චේන්ජ් එක. අනුර ඇතුළු මාලිමා රජය මේ රට හරි මගට ගන්නා උත්සාහයට අපේ ප්‍රණාමය...!
Nickon Monday, 17 March 2025 02:35 PM
සෙව්වන්දි සහ දේශබන්දු ගාගෙන ඉන්න... අනුන්ට නොපෙනී සිටීමට හැකියාව ලැබෙන මහා තෛල රාජයා, ලක්ෂවාරයක් ජීවම් කරන ලද සර්වජන අන්තර්ධාන තෛලය ලබා ගැනිමට විමසන්න. ඥානා මෑණියෝ - අනුරාධපුර