(ගයාන් සූරියආරච්චි)
අත්අඩංගුවට ගැනීම සදහා මාතර මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝග නිකුත් කර ඇති අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතාට ලබාදී ඇති මෝටර් රථය, පොලිස් ආරක්ෂාව ඇතුළු සියලු පහසුකම් අත්හිටුවීමට රජය පියවර ගැනීමට නියමිත බවට තොරතුරු අනාවරණය වේ.
දේශබන්දු තෙන්නකොන් මහතාගේ ආරක්ෂාව ඇතුළු වරප්‍රසාද ඉවත් කරන ලෙස ජනපති ලේකම් සනත් නන්දිත කුමානායක මහතාට පොලිස් මූලස්ථානයෙන් ලිපියක් යවා ඇති බව පැවැසේ.
දේශබන්දු තෙන්නකෝන් මහතාට නිල නිවාසයක්, නිලමෝටර් රථයක්, ඇමති ආරක්ෂක අංශයෙ නිලධාරීන් හය දෙනකු, පොලිස් විශේෂ කාර්ය බළකායන් නිලධාරීන් දෙදෙනකු සහ වැටුප් සහිත වරප්‍රසාද හිමි වී තිබිණ.
වැලිගමදී මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට යාමේදී වැලිගම පොලිසියේ නිලධාරීන් විසින් තැබූ බව කියන වෙඩි ප්‍රහාරයකින් කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් සැරයන්වරයකු මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් මාතර මහේස්ත්‍රාත් අධිකරණය මගින් එවකට පොලිස්පතිව සිටි දේශබන්දු තෙන්නකෝන් මහතා අත්අඩංගුවට ගැනිම සදහා නියෝග නිකුත් කර තිබුණි.
එම නියෝගයට අනුගත නොවී දේශබන්දු තෙන්නකොන් මහතා අධිකරණය මගහරිමින් සිටින අතර ඔහු අත්අඩංගුවට ගැනිම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ නිලධාරීන් කණ්ඩායම් කීපයක් යොදවා ඇති බවද පැවැසේ.
මේවන විට දේශබන්දු තෙන්නකොන් මහතාගේ ජංගම දුරකතන තොරතුරු සහ රැදී සිටින ස්ථාන පිළිබදව පරික්ෂණ සිදුකර ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මාධ්‍ය හමුවකදී අනාවරණය කළේය.
කෙසේ වෙතත් දේශබන්දු තෙන්නකොන් මහතා අධිකරණයට බාර වේයැයි සිතා දින කීපයක් තිස්සේ මාධ්‍යෙව්දීන් රැසක් මාතර මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට රැදී සිටි බවද ආරංචි මාර්ග පවසයි.
ඉදිරියේදී පැවැත්වීමට නියමිත දළදා දැක්ම මහජනතාවගේ පහසුව තකා රාත්‍රී කාලයේදීද පවත්වන ලෙස රජයේ ඉහළ නිලධාරීන්ගෙන් යෝජනා වී ඇතත් ඒ සඳහා තේවාව භාර හිමිවරු
නිවසේ නවතා ඇති ලොරි රථයේ බැටරිය සොරුන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා නිවෙස් හිමියා විසින් අදින ලද අනවසර විදුලි රැහැනක පැටලීමෙන් ඔහුගේ බිරිද හා පුත්‍රයා මි
හොරණ රෝහල ඉදිරිපිට නවතා තිබූ ත්‍රී රෝද රථයක් හිටි හැටියේ ගිනිගැනීමටට ලක්විය.
වැසි සහ ආපදා හේතුවෙන් පසුගිය කාලසීමාවේ සිදු වූ වගා හානි සඳහා වන්දි ලබා දීමේ කටයුතු කඩිනමින් අවසන් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අදාළ නිලධා
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග අල් ජසීරා ජාත්‍යන්තර රූපවාහිනී නාලිකාව කළ සම්මුඛ සාකච්ඡාව අතරතුර උණුසුම් තත්ත්වයක් හට ගත්තේය.
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස
ශ්රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
දේශබන්දුගේ වරප්‍රසාද කැපෙයි?