IMG-LOGO

2025 මාර්තු මස 17 වන සඳුදා


දේශබන්දු අල්ලන් සී.අයි.ඩී. කණ්ඩායම් හයක්

(ගයාන් සූරියආරච්චි)

අනිවාර්යෙන් නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගැනීම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන කණ්ඩායම් 6 ක් යොදවා ඇති බව පොලිසිය පවසයි.

දේශබන්දු තෙන්නකොන් මහතාගේ බිරියගෙන් සහ පුතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉකුත් දා ප්‍රකාශ සටහන් කර ගෙන ඇත.

ඒ දේශබන්දු තෙන්නකෝන් මහතාගේ හෝකන්දර පිහිටි පෞද්ගලික නිවසේදීය.

මාතර මහේස්ත්‍රාත් අධිකරණය මගින් දේශබන්දු තෙන්නකෝන් මහතා අත්අඩංගුවට ගැනීම සදහා වරෙන්තු නිකුත් කර තිබුණි.

 



අදහස් (8)

දේශබන්දු අල්ලන් සී.අයි.ඩී. කණ්ඩායම් හයක්

de silva Sunday, 16 March 2025 03:47 PM

පුලුවන්නම් අල්ලලා පෙන්වන්න, අනිවාර්යයෙන් ආණ්ඩුව ඔහු අල්ලන්නේ නැහැ. අරගල නාටකයේ අනුර, රනිල්, දේශබන්දු, සනත් නිශාන්ත ඔක්කෝම නළුවෝ..., ඔක්කෝම යාලුවෝ මල්ලී, 94 චන්ද්‍රිකා පොරොන්දු වුණු රනිල්ව ඇතුළට දමන්න.. 2005 දී මහින්දත් පොරොන්දු ගොඩක් දුන්නා කෝ කළාද? 2015 සිරා මොනවාද කිව්වේ කෝ කළාද? 2019 රට රකින විරුවා? 2024 අනුරත් කියපුවා කරන්නේ නැහැ. මේ රටම දන්නා දේශබන්ධු අල්ලන්න බැරි ආණ්ඩුව කොහොමද ජාතික ආරක්ෂාව ගැන කතා කරන්නේ?

:       30       16

ගුණරත්න Sunday, 16 March 2025 04:09 PM

අර ෆොන්සේකා කාලේ ධනුන තිලකරත්න ඇල්ලුවා වගේ තමයි මේකත්, ආණ්ඩුව කිව්වාම බල්ලොත් පස්ස හරවනවා. ඒ තරම් පිරිහිච්චි ආණ්ඩුවක් වුණා මාස 5න්...!

:       25       13

පොඩිඑකාSunday, 16 March 2025 07:47 PM

ඇත්තද ගුණේ…, ඉතිං ඔයාත් පව්ලේ ඔක්කෝමත් එක්ක පස්ස හැරෙව්වාද?

:       15       1

ලක්විදු Sunday, 16 March 2025 05:01 PM

ප්‍රථමයෙන්ම ඔහුගේ ආරක්ෂාවට යොදා සිටි කණ්ඩායමම අත්අඩංගුවට ගතයුතුයි.

:       17       11

සෙනෙවිරත්න Sunday, 16 March 2025 05:10 PM

සිල්වා, ඔයා ඉන්න තැනක් දන්නවා නම් කියන්න, තක්කඩියෙක් අල්ලන්න බැරිවීම ජාතික ආරක්ෂාවට ගැට ගහන්නේ කොහොමද? තමුන්ලාට මතකද සිරිපාල හෙවත් මරුසිරා, බැදිගම උක්කුවා, ඒ අයත් අල්ලන්න කල්ගියා, පොලිසියේත් ඉන්නේ මිනිස්සු...

:       19       11

චින්තක Sunday, 16 March 2025 06:27 PM

17 වෙනිදා අභියාචනාධිකරණය තීන්දුවක් දෙනකන් බලමු.

:       8       2

charth Sunday, 16 March 2025 06:41 PM

කණ්ඩායම් 6ක් තියා මුළු පොලිසියම මෙයාව අල්ලන්න දැම්මත් ඊළඟ උසාවි දිනේට ඉස්සෙල්ලා දවසේ හරි උසාවි දිනේ දවසේ උදේ ලංකාවේ පොලිසියට මෙයාව හොයා ගනියි කියලා මට හිතෙයි..!

:       11       3

de silva Sunday, 16 March 2025 08:13 PM

සෙනෙවිරත්න, රටම සහ මුළු ලංකාවේ පොලීසියම හොඳින් දන්නා හඳුනන දේශබන්දු අල්ලන්න බැරි ආරක්ෂක අංශ කොහොමද? ඉදිරියේදී හදිසියේ රටේ ආරක්ෂාවට තර්ජනයක් වෙන ත්‍රස්තවාදියෙක් අල්ලන්නේ..., අනිවාර්යයෙන්ම මේ තත්වය අනිවාර්යයෙන්ම රටේ ආරක්ෂාවට තර්ජනයක්..., පොලිසිය දන්නවා ඔහු ඉන්න තැන... නමුත් පොලිසිය ආණ්ඩුවේ නියෝග පිළිපදින්නේ නැහැ. එහෙම නැතිනම් ඉහළින් පොලිසියට නිල නොවන ආකාරයට උපදෙස් ලැබිලා දේශ බන්ධු අල්ලන්න එපා කියලා.

:       7       4

ඔබේ අදහස් එවන්න

 

දියත

අද පස්වරුවෙත් පළාත් රැසකට තද වැසි
2025 මාර්තු මස 17 90 0

නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොලොන්නරුව, නුවරඑළිය සහ මාතලේ දිස්ත්‍රික්කවලත් වැසි වාර කීපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.


මැතිසබේ සුපිරි වාහන වෙන්දේසියට
2025 මාර්තු මස 17 412 0

පාර්ලිමේන්තුවේ අධි එන්ජින් ධාරිතාව සහිත සුඛෝපභෝගී වාහන වෙන්දේසිය ආරම්භ කිරීම සඳහා එහි සියලුම වාහනවල තොරතුරු ඇතුළත් වාර්තාවක් ජනාධිපති කාර්යාලයට බා


පුලතිසි ‘‘මෙගා බ්ලාස්ට්‘‘ බ්ලාස්ට් කරලා
2025 මාර්තු මස 16 574 0

මැදිරිගිරිය දිවුලන්කඩවල ප්‍රදේශයේ සංගීත ප්‍රසංගයකට පැමිණි ගායකයකු ගීත ගායනය නොකර වේදිකාවෙන් බැස යාම හේතුවෙන් කෝපයට පත්වූ රසිකයන් පිරිසක් එම ස්ථානය


‘‘88 -89 හිටපු අනිත් කල්ලි ගැනත් හොයමු‘‘
2025 මාර්තු මස 16 1367 0

අසුවට අසූ නවය කාලයේදී රටේ තවත් කල්ලි කණ්ඩායම් විවිධ අපරාධ කළ හෙයින් රජය ඒ ගැනද පරීක්ෂණ පැවැත්වීම වැදගත් බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැව



ගංගාරාමයෙන් ගැබිණි මවුනට වියලි ආහාර:දරුවන්ට පොත්
2025 මාර්තු මස 16 458 0

බිලිවර්ස් ඊස්ටන් චර්ච්හි (ඕතඩොක්ස්) සමාජ සේවා වැඩසටහනේ පියවරක් ලෙස කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී ගැබිණි මව්වරුන්ට වියළි ආහාර සහ උපකරණ ද, ප්‍


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 318 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 757 1
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 293 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site