IMG-LOGO

2025 මාර්තු මස 12 වන බදාදා


දේශබන්දු දුටු තැන අල්ලනු

(ක්‍රිෂාන් ජීවක ජයරුක් සහ තරංග ගුණරත්න)

අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා දුටු තැන අත්අඩංගුවට ගැනීම සදහා මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා අද විවෘත වරෙන්තු නිකුත් කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ පිළිබඳව වැඩිදුර වාර්තාවක් මගින් කරුණු වාර්තා කරමින් සැකකාර පොලිස්පතිවරයා අත්අඩංගුවට ගැනීම සදහා විවෘත වරෙන්තුවක් නිකුත් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

වැලිගම පැලෑණ ප්‍රදේශයේ සංචාරක හෝටලයක් ඉදිරිපිට සිදු වු වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට අවශ්‍යවී සිටි දේශබන්දු තෙන්නකෝන්  සැගවී ඇතැයි සැක කරන ස්ථාන දහයක්  පරික්ෂා කර ඇති බවත් එහෙත් ඔහු සොයා ගත නොහැකි වු බවත් ඊට අමතරව තවත් ස්ථාන 18 කට බුද්ධි නිලධාරීන් යොදවා තව දුරටත් පරීක්ෂණ සිදු කරන බවත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු අධිකරණයට දන්වා සිටියහ.

 



අදහස් (10)

දේශබන්දු දුටු තැන අල්ලනු

Kamal Tuesday, 11 March 2025 03:11 PM

සිනා සාගරේ ඕයි...

:       0       0

Shan Tuesday, 11 March 2025 03:20 PM

මයිනාගේ ගෙදර ඇද යට ඇති හැංගිලා

:       0       1

Nandalal de Silva - France Tuesday, 11 March 2025 03:31 PM

දුටු තැන අල්ලන්න. ඊට පෙර ඔහු ඉන්න තැනක් හොයාගෙන ඉන්න ඕනෑනේ? ආඳෙක් වගේ මෑන් කාරයා ලිස්සා ගියා වගෙයි. මුළු ලෝකයම පීරන්න වෙයිද දන්නෑ...!!!

:       0       2

Kazi Shajahan Tuesday, 11 March 2025 04:20 PM

දේශබන්දුත් දැන් සෙව්වන්දි ගානට වැටුනා නේ .ඕක තමයි කියන්නේ ඊයේ රජා අද බල්ලා උනා කියලා

:       0       2

Rifan Tuesday, 11 March 2025 04:26 PM

රටේ නීතිය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් ඉහල තනතුරුවල කටයුතුවල සිටි පිරිසගේ නීති ගරුකභවේ තරම පේනවා නේද?. ඒ විතරක්ද දිනපතා පලවන පුවත් ටිකක් විමසිල්ලෙන් බලන්න මේ රටේ නීති ආරක්ෂා කරන්න අවශ්‍ය පිරිස් කුඩු විකුණනවා, මිනී මරන්න උදව් කරනවා, ස්ත්‍රී දුෂණ කරනවා. මේක ඇත්තට ලංකාවද? කැලිෆෝනියාවද?

:       0       2

Rifan Tuesday, 11 March 2025 04:26 PM

රටේ නීතිය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් ඉහල තනතුරුවල කටයුතුවල සිටි පිරිසගේ නීති ගරුකභවේ තරම පේනවා නේද?. ඒ විතරක්ද දිනපතා පලවන පුවත් ටිකක් විමසිල්ලෙන් බලන්න මේ රටේ නීති ආරක්ෂා කරන්න අවශ්‍ය පිරිස් කුඩු විකුණනවා, මිනී මරන්න උදව් කරනවා, ස්ත්‍රී දුෂණ කරනවා. මේක ඇත්තට ලංකාවද? කැලිෆෝනියාවද?

:       0       1

සුධීර Tuesday, 11 March 2025 05:01 PM

එම නියෝගය නිසා මහේස්ත්‍රාත්වරයා තවත් වාරයක් නීතිය උල්ලංඝනය කළා වෙනවා.

:       0       1

Asela Tuesday, 11 March 2025 09:41 PM

පොලිසියේ සහ අධිකරණයේ වත්මන් කටයුතු හොඳින්ම දන්නා නිසා හිටපු පොලිස්පතිවරයා ඉදිරියට ඒමට කැමති නැත. ඔවුන්ගේ යටි අරමුණ කුමක්දැයි ඔහු දනී. උදාහරණයක් ලෙස, මත්ද්‍රව්‍ය වෙළෙන්දන් සම්බන්ධ නඩු විභාග හසුරුවන ආකාරය දෙස බලන විට, මෙම ප්‍රධාන ආයතනවල යම් දෙයක් බරපතල ලෙස වැරදී ඇති බව අපි දනිමු. පොල් ගෙඩි කිහිපයක් සොරකම් කිරීමේ නඩුවේදී මිනිසාට එය බෙහෙවින් වෙනස් ය.

:       0       1

Chathuri Wednesday, 12 March 2025 12:37 AM

දුටු තැන අල්ලනවා වෙනුවට දුටු තැන මරන්න කිව්වානම් මේ වෙනකොට මෙයාගෙ ප්‍රශ්නෙ ඉවරයි. මිනිස්සු මොහුව සොයන්න ඉදිරිපත් වෙන්නෙ නැත්තෙ මහන්සිවෙලා හොයලා දුන්නාම ඊළඟ දවසෙ හෝ එදිනම ඇප දීලා එලියට දානවා. ඉතින් මොකටද මහන්සිවෙන්නෙ ඔය නීතිපොත් අලුත් වෙනකම් මේවගේ අමනයෝ මෙල්ල කරන්න බැහැ. හිර්‍රෙට දාපුගමන් රෝහල් ගතවෙනවා ඇයි එහෙම කරන්නෙ. දුප්පත් මනුස්සයකුට පෝලිසියෙන් ගහලා කුඩුවට දාපුවම ඒ මනුස්සයට පුලුවන්ද රෝහල් ගත වෙන්න බැහැ ඒ අයට වෛද්‍ය වාර්තා ඕන. හැම දේම අලුත් වෙනකොට මේ ආදිකාලේ නිතීඅයින්කරලා දියුනුවෙන ලෝකෙට ඔබින නිති ගේන්න . ඒ කාලේ තාක්ෂනය අතින් දියුනු නැති රටක්. දැන් එහෙම නැහැ. දරුනු දේවල් වෙන්නෙ. මිනිස්සුත් දරුණුයි . එහෙම අයට පවන් ගහලා හරි යන්නෙ නැහැ. කස පහර නියම කරන්න.

:       0       2

gunarathna Wednesday, 12 March 2025 05:15 AM

මොකද්ද මේ වචනේ තේරුම ?මුලින් වරෙන්තු දීලානේ තිබුනේ .දැන් දුටු තැන අල්ලන්න වරෙන්තු දාලා .ඉස්සරවෙලා නොදුටු තැන අල්ලන්න වරෙන්තු කෙරුවේ

:       0       1

ඔබේ අදහස් එවන්න

 

දියත

ඇමති නාමලුත් රිලව් ගණින්න සූදානමින්
2025 මාර්තු මස 12 59 0

15 වෙනිදාට රිලව් වඳුරෝ දඬුලේනු හරියට ගණන් කරන්න .අපිත් ඒකට සුබ පතනවා.අපේ වත්තේ ඉන්න සතුනුත් ගණන් කරලා ලැයිස්තුවක් එවන්නම් යැයි හම්බන්තොට දිස්ත්‍රික් ම


ගුවන් සේවිකාවකට අතවර කළ ස්වීඩන් ජාතිකයකු අත්අඩංගුවට
2025 මාර්තු මස 12 219 0

මෙරට ගුවන් යානයක් තුළ බීමතින් ගුවන් සේවිකාවකට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් ස්වීඩන් ජාතිකයෙක් ගුවන්තොටුපොළ පොලිසිය විසින් ගුවන්තොටුපොළ පොලිසිය වි


චීන තානාපති-ක්‍රීඩා ඇමති හමුවක්
2025 මාර්තු මස 12 41 0

චීන තානාපති චී ජෙංහොංග් මහතා සහ තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා අතර හමුවක් අද (12) දින තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යංශයේ දී පැවත්ව


දරුවන්ට පහර දුන් ටියුෂන් ගුරා සොයා පරීක්‍ෂණ
2025 මාර්තු මස 12 191 0

දරුවන්ට අමානුෂික ලෙස පහර දුන්නේ යැයි චෝදනා එල්ල වී ඇති උපකාරක පංති ගුරුවරයෙක් අත්අඩංගුවට ගැනීමට ජාතික ළමා ආරක්‍ෂක අධිකාරිය විමර්ශන ආරම්භ කර ඇති බවත්


ආරක්ෂක කැමරාවලින් හොර වාහන හඳුනාගනියි
2025 මාර්තු මස 12 447 1

නගරවල සවිකර ඇති ආරක්ෂක කැමරා ආශ්‍රිතයෙන් මාර්ග නීති උල්ලංඝනය කළ මෝටර් රථ පිළිබදව කළ විමර්ශනවලින් ව්‍යාජ අංක තහඩු යොදාගෙන ධාවනය කළ මෝටර් රථ 267 ක් හදුනාග


අනුරපුර රෝහලේ විරෝධතාවක්
2025 මාර්තු මස 12 907 9

අනුරාධපුර ශික්ෂණ රෝහලේ අවිවාහක වෛද්‍යවරියකට පුද්ගලයෙකු විසින් සිදුකරන ලද ලිංගික හිංසනයට විරෝධය දක්වමින් අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරැ හෙද නිලධ


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 137 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 347 0
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 217 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site