IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


දේශිය ලූනු තොග මිල ඉහළට

(කාංචන කුමාර ආරියදාස)

දේශීය ලොකු ලූනු කිලෝවක තොග ගැනුම් මිල රුපියල් 400 දක්වාත් විදේශීය ලූනු කිලෝවක  තොග  ගැනුම් මිල රුපියල් 370 ක් දක්වා අද (20)  පෙරවරුව වන විට  ඉහළ ගොස් ඇතැයි දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළඳ සංගමය කියයි​

ඉන්දියාව , පකිස්ථානය , ඕලන්දය තුත්තුකුඩි ,ඉරාන් ඇතුළු රටවල් කිහිපයකින් ලොකු ලූනු ආනයනය කිරීම සීමා වීමත් සමඟ එක වරම දේශීය සහ විදේශීය ලොකු ලුනු මිල ඉහළ යාමට හේතු වී තිබෙන බව ව්‍යාපාරිකයෝ පෙන්වා දෙති.

ඒ අනුව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ  අද(20 ) උදෑසන දේශීය ලොකුළුණු කිලොවක ගැනුම්  මිල රුපියල් 380-400 ත්  අතර තොග මිලක්  පැවැති බව වෙළෙන්දෝ පෙන්වා දෙති.

 ඉතා සීමිත ගොවීන් පිරිසක් එම මිල ඉහළ යෑමේ වාසිය ලබා ගත්ත ද පසුගිය කාලයේ ගොවීන්ගෙන් ඉතා අඩු මුදලට   දේශීය ලොකු ලුනු අස්වනු මිලදී ගත් ව්‍යාපාරිකයන් එම ලූනු සඟවා තබාගෙන මිල ඉහළ යෑම දැමීම සිදුකර තිබෙන බවද කියති.

 මිල  පිළිබඳව විමසීමට ගිය අවස්ථාවේදී  ලූනු අලෙවි කිරීම සඳහා රැගෙන විත් සිටි අයගෙන් මිල විමසීමේදී සහ තොරතුරු විමසීමේදී ඔවුන් ද සනාථ කළේ ඔවුන් මීට පෙර ගොවීන්ගෙන් අඩු මුදලට මිලදී ගෙන ඒවා ගබඩා කර මිල ඉහළ යෑම නිසාවෙන් විකිණීමට රැගෙන ආ බවය.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළඳ සංගමයේ සභාපති සී.එස් .සිරිවර්ධන මහතාගෙන් විමසීමේදී ඔහුද කියසිටියේ  මේ වන විට වර්ෂාපතනය සහ ඉතා ගුණාත්මකභාවයෙන් ඇති ලූනු නොමැති වීම නිසා හොඳ ලූනුවලට ඉහළ ඉල්ලුමක් පවතින බවයි

ඉදිරියේදී මිල යම් මට්ටමකින් තවදුරටත් ඉහල යා හැකි බව ඔහු අවධාරණය කළේය කෙසේ වෙතත් තවත් මාසයක පමණ කාලයක් යද්දී විදේශ රටවලින් ලොකු ලුනු ඇනවුම්කර තිබෙන බවත් ඒවා ලැබෙද්දී මිල පහත වැටෙනු ඇති බව ඔහු වැඩිදුරටත් විශ්වාසය පළ කළේය.



අදහස් (0)

දේශිය ලූනු තොග මිල ඉහළට

ඔබේ අදහස් එවන්න

දියත

හරීන්ට ඇප
2024 නොවැම්බර් මස 20 71 0

අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද (20) බදුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉිදිරිපත් කිරීමෙන් අනතුරුව ලක්ෂ පහක ශරීර ඇප මත මුදා හරින්නැයි


තෙමහල් ගොඩනැගිල්ල
2024 නොවැම්බර් මස 20 18 0

වස්කඩුව ගාලු පාරේ තෙමහල් ගොඩනැගිල්ලකින් ඇද වැටී කාන්තාවක තුවාල ලබා ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.



පරිසර ඇමති වැඩ බාරගනියි
2024 නොවැම්බර් මස 20 599 0

පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා විසින් පරිසර අමාත්‍යංශයේ සොබාදම් පියසේදී අද පස්වරුවේ (19) වැඩ භාර ගත්තේය.


මන්නාරම රෝහලේ ප්‍රසූතියේදී මවත් බිලිදාත් මිය ගිහින්
2024 නොවැම්බර් මස 20 576 0

මන්නාරම පට්ටිතොට්ටම්හි මවක් දරු ප්‍රසූතියක් සඳහා ඊයේ (19) මන්නාරම මහරෝහලට ඇතුලත් කොට දරු ප්‍රසූතිය සිදුකරන අවස්ථාවේදී මව සහ බිළිඳා මිය ගොස් ඇතැයි පොලී


පිල්ලයාන් CIDයට
2024 නොවැම්බර් මස 20 1040 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සදහා හිටපු අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් අද (20) උදෑසන අපරාධ පරීක


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 418 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 670 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1913 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site