IMG-LOGO

2024 ඔක්තෝබර් මස 15 වන අඟහරුවාදා


දේශීය වෛද්‍ය සැපයුම් මිලදී ගන්න කැබිනට් අනුමැතිය

(අංජුල මහික වීරරත්න)

දේශීය නිෂ්පාදකයින්ගෙන් වෛද්‍ය සැපයීම් මිලදී ගැනීමේ ගිවිසුම් වලට එළඹීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ කටයුතු වලට ප්‍රමුඛතාව ලබා දෙමින් දේශීය ඖෂධ නිෂ්පාදකයින් උනන්දු කරවීම සඳහා පසු මිල දී ගැනීමේ ගිවිසුම් (Buy Back Agreement) ක්‍රමවේදය යටතේ දේශීයව නිපදවන ඖෂධ මිල දී ගැනීම සඳහා 2013-11-29 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත.

ඒ අනුව, ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව සමඟ ගිවිසුම් ගතව ඇති දේශීය ඖෂධ නිෂ්පාදන සමාගම් වල නිෂ්පාදන වලට වසර 15 ක කාලයක් සඳහා පසු ගිවිසුම්ගත වීමටත්, රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවට ලබා දෙනු ලබන ප්‍රමුඛතාව මත එම ඖෂධ මිල දී ගැනීමටත්, සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ දේශීය ඖෂධ නිෂ්පාදකයින් අතර ඖෂධ සැපයීම සඳහා වන පසු ගිවිසුම් අවුරුදු 10ක් දක්වා ක්‍රියාත්මක කිරීමටත්, 2018-10-02 දින අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී තිබේ. 

ඒ අනුව, සපයනු ලබන ඖෂධවල මිල තීරණය කිරීම සඳහා මිල නියම කිරීමේ කමිටුවක් ද පත් කරනු ලැබ ඇත. එම ඖෂධ මිල දී ගැනීමේ ක්‍රමවේදය අනුව දැනට රටේ වෛද්‍ය සැපයීම් අවශ්‍යතාවයෙන් 20% ක් පමණ ආවරණය වන අතර, එම ප්‍රමාණය 7%ක් දක්වා වැඩි කිරීමේ හැකියාව පවතින බව හඳුනාගෙන තිබේ. ඒ අනුව, ඖෂධ ඇතුළුව වෛද්‍ය සැපයුම 454 ක් සැපයීම සඳහා හැකියාව පවතින දේශීය ඖෂධ නිෂ්පාදන ආයතන 49 ක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයීම් අංශය මඟින් හඳුනාගනු ලැබ ඇත.

 ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ ඖෂධ නිෂ්පාදන ක්‍රියාවලියට මෙන්ම දැනටමත් පසු ගිවිසුම්ගත වී ඇති දේශීය ඖෂධ නිෂ්පාදන ආයතන වලට අගතියක් නොවන පරිදි, හඳුනාගනු ලැබ ඇති ආයතන වෙතින් වර්ෂයක කාලයක් සඳහා දේශීයව නිෂ්පාදනය කරනු ලබන ඖෂධ ඇතුළු වෛද්‍ය සැපයීම් සපයා ගැනීම පිණිස පසු මිල දී ගැනීමේ ගිවිසුම් වලට එළඹීම සඳහා සෞඛ්‍ය අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍යවරිය  විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



අදහස් (1)

දේශීය වෛද්‍ය සැපයුම් මිලදී ගන්න කැබිනට් අනුමැතිය

පිටිගල මිලානෝ Tuesday, 15 October 2024 02:36 PM

කෙහෙලිය බ්‍රෑන්ඩ් බෙහෙත් ද මේ දේශීය නිෂ්පාදන කියන්නේ?

:       2       1

ඔබේ අදහස් එවන්න

දියත

මාලු මිල ඉහළට
2024 ඔක්තෝබර් මස 15 544 0

වෙළඳපොළේ මාලු මිල ගණන් යළිත් ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති.


මහජන ධනය සාංඝික දේපලක් සේ සුරකින්න
2024 ඔක්තෝබර් මස 15 714 2

මහජන ධනය සාංඝික දේපළක් හා සමානව සුරැකිය යුතු යැයිද එම ධනය වංචාවට හෝ දූෂණයට ලක් කිරීමට කිසිදු අයෙකුට යුක්ති සහගත අයිතියක් නැතැයි ද ජනාධිපති අනුර කුමාර


ඩයනාට එරෙහි නඩු 7ක සාක්ෂි විභාගයට දින දෙයි
2024 ඔක්තෝබර් මස 15 442 0

ආගමන හා විගමන පනත උල්ලංඝනය කරමින් ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීම හා වලංගු වීසා බලපත්‍ර නොමැතිව ශ්‍රී ලංකාව තුළ රැඳී සිටීයේ


ඩුබායි මත් ජාවාරමාගේ ගෝලයෙක් මාට්ටු
2024 ඔක්තෝබර් මස 15 318 0

ඩුබායිහි සැගව සිට මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවනු ලබන රොහාන් නැමැත්තාගේ ගෝලයකු හෙරොයින් ග්‍රෑම් 250 ක් සහ මිලිග්‍රෑම් 590 ක් සමග අත්අඩංගුවට ගත් බව කොළඹ


අලුත් විදෙස් ගමන් බලපත් තොගය සෙනසුරාදා ලංකාවට
2024 ඔක්තෝබර් මස 15 743 0

නව විදෙස් ගමන් බලපත්‍ර තොගය ලබන සෙනසුරාදා(19) ලංකාවට ලැබෙන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.


ඇල්ලේ ඇල්ල චිල් ලොව දෙවැනි තැනට
2024 ඔක්තෝබර් මස 15 54 0

ලොව පුරා සංචාරකයන්ගේ මනාපය අනුව සංචාරක මාර්ගෝපදේශක වෙබ් අඩවිය BEST OF THE BEST RESTAURANTS නමින් කළ මත විමසුමක දී ලොව හොඳම ආපනශාලා අතර දෙවැනි ස්ථානය ඇල්ල චිල් රෙස්ටුර


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 464 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 463 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1454 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site