(නිමන්ති රණසිංහ)
රූපවාහිනී සංස්ථාවට අයුතු ලෙස ඇතුළු වී බලහත්කාරයෙන් කටයුතු කලැයි කියන සිද්ධියට අදාළ ව අධිකරණයට ඉදිරිපත් කළ සමාජ ක්‍රියාකාරී ධානිශ් අලී නැමැත්තා ලබන 15 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා අද (01) නියෝග කළේය.
මෙම සැකකරු විදේශගත වීමට සූදානම්ව සිටිමින් ගුවන් යානයක රැඳී සිටියදී පොලිසිය අත්අඩංගුවට ගනු ලැබුවේ ඉකුත් 26 වැනිදාය. අධිකරණයෙන් නිකුත් කළ වරෙන්තුවක් ප්‍රකාරව අත්අඩංගුවට ගත් මෙම සැකකරු නැවත අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබුණේ ඉකුත් 27 වැනිදාය.
රූපවාහිනී සංස්ථාවට අයුතු ලෙස ඇතුළු වීමේ සිද්ධියට අදාළව මෙම සැකකරු හඳුනා ගැනීමේ හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන ලෙසට නියෝග කරන්නැයි පොලීසිය කළ ඉල්ලීමකට අනුව එහිදී මහේස්ත්‍රාත්වරයා අද (01) මෙම සැකකරු හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන ලෙසට බන්ධනාගාරයට නියෝග කර තිබුණි.
මෙම නඩුව අද (01) කැඳවු අවස්ථාවේ දී ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ මෙම සැකකරු මුළු ලෝකෙම දැනගෙන සිටි අවස්ථාවක හදුනාගැනීමේ පෙරට්ටුවක් අවශ්‍ය නොවන බව යි. ඒ අනුව හදුනාගැනීමේ පෙරට්ටුව අවලංගු කල මහේස්ත්‍රාත්වරයා සැකකරු ලබන 15 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය .
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර තිබුණේ කුරුඳුවත්ත පොලිසිය මගිනි.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ කුරුණෑගල වෑබඩ ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි ධානිශ් අලී නැමැත්තාය.
(ඡායාරූප: ශාන්ත රත්නායක)
රුපියල් දහ අට කෝටි හැට ලක්ෂයක් පමණ වටිනා ’’කුෂ්’’ සහ ’’හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක්, කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත්, ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකා
ජාතික ජනබලවේගය ඊයේ (14) පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී ආසන 159 ක් දිනාගනිමින් අති විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීය.
මෙවර පාර්ලිමෙන්තු මැතිවරණයේදි මාතලේ දිස්ත්‍රික්කයෙන් පසුගිය පාර්ලිමෙන්තුව නියෝජනය කළ මන්ත්‍රිවරුන් කිහිපදෙනකුම පරාජයට පත්විය.
කළුතර මැතිවරණ ප්‍රධාන මෙහෙයුම් මැදිරියට අද (15) දහවල් විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදා ගෑස් සිලින්ඩර ලකුණෙන් තරගකල අපේක්ෂකයින් ගේ මනාප යලි ගණන් කිරීම ආරම්භ
පුනරුද යුගය ඇරැඹීමට සහාය දුන් සැමට ස්තුතිය පළ කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා එක්ස් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.
ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙස මුහුදු මගින් මෙරටට ගෙන්වන ලද මත් කරල් ගෝනි 27 ක්,කල්පිටිය පොලිස් බළ ප්‍රදෙශයට අයත්,මුසල් පිටිය කළපු තීරයේ සඟවා තිබිය දී සො
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ධානිශ් අලී 15 තෙක් රිමාන්ඩ්
BT Monday, 01 August 2022 01:31 PM
"සමාජ ක්‍රියාකාරී" නොව "සමාජ විනාශකාරී" ලෙස හැඳින්වීම වඩාත් උචිතය.
Bamunuarachchi Monday, 01 August 2022 01:36 PM
ප්ලේන් එකේදී ඔය පොස් එකෙන්ම පහර වැදුනා වත්ද? හැබැයි බෙල්ලෙන් ඇදගෙන ගිය බවනම් ෂුවර්. කොල්ලෝ ඒක ඉගෙන ගනිල්ලා... බලය තිබෙන අය ඔබලා වගේ අයට ඉඩදීලා ටිකක් පස්සට යන්නේ ඔවුන්ගේ බැරිකමට නොවෙයි. ඉස්සරහට ඇවිත් උඹලාට දෙකට කැඩෙන්න ගහන්න බලාගෙන... විශේෂයෙන් සිංහල අපිට ජාතිදාන්න ලැහැස්ති වෙන්න එපා. රෙදි නැන්දා නරියට කරපු වැඩේ කරනවා.
fairoosMonday, 01 August 2022 02:18 PM
ජාතිවාදයෙන් රට කරන්න ආපු කෙනාට වෙච්චි දේ දන්නවනේ..? වහල්ලු තමයි රට මේ තත්වයට පත් කළේ.. තවත් එනවා සිංහලයා ගැන කියන්න.
BamunuarachchiMonday, 01 August 2022 03:50 PM
ජාතිවාදය නැති වුනේ නැහැ. සිංහල ජාතිවාදය තිබෙන්නේ සිංහල අපි ළඟ මිසක් එක පුද්ගලයෙක් ගාව නොවෙයි... මම සිංහල ජාතිවාදියෙක්. අපේ ජාතිවාදීකම තිබෙන්නේ රටේ සිංහල පතුරවන්න නොවෙයි. අපේ ආගම්වාදය තිබෙන්නේ රටේම බුද්ධාගම පතුරවන්න නොවෙයි. හම්බයින් ආගම පතුරවන එකයි, ඉඩම් කොල්ල කන එකයි නවත්වන්න. දෙමළ මිනිස්සුන්ගෙන් අපට එතරම් හානියක් නැහැ. දෙමළ හා සිංහල සංස්කෘති එකට යනවා.
ruwan Monday, 01 August 2022 01:54 PM
එතකොට පාරෙ බැහැලා කෑ ගහන අයට කියන්නේ සමාජ ක්‍රියාකාරීන් කියලද?
Bandara Monday, 01 August 2022 03:12 PM
මේ වගේ මෝඩ හාල්පාරුවන් ගැන කියලා වැඩක් නැහැ. කවුද මේ?
ට්ප්ටැ Monday, 01 August 2022 03:49 PM
අසාධාරණය වෙනුවෙන්න නැගිසිටිමේ ශක්තිය හැම කෙනෙකුටම නැහැ. ධානීශ් රටට ආඩම්බරයක්
ගමරාලලාගේ පුලස්ති පුර අභීත සිංහයා Monday, 01 August 2022 03:58 PM
දැන් බඹරය කැරකැවෙන වැරැදි දිශාවකට හැරිලවත්ද? මෙි අහිංසක දරැවෝ බළල් අතකටවත් යටවෙලාද කියලත් හිතෙනවා. මෙි ගොල්ලන් රට රාජ්‍යවල ඉගෙන ගත් බුද්ධිමත් තරුණ ප්‍රජාවක්.
KuleMonday, 01 August 2022 04:52 PM
ඒ රටවලින් ඇහුවානම් පැටිකිරිය දැනගන්න පුළුවන්
Vishwa Monday, 01 August 2022 04:57 PM
කුඩුකාරයෝ, අපරාධකාරයෝ, මංකොල්ලකාරයෝ, ත්‍රස්තවාදියෝ සේරම පැනලා යන්නේ ඩුබායි වලටනේ... මොකක්ද හේතුව?
Bandara Wednesday, 03 August 2022 12:18 AM
ධානිෂ් ඇලෝට ගහද්දී ෆයිරූස් අඬන්නේ ඇයි?