IMG-LOGO

2025 අප්‍රේල් මස 09 වන බදාදා


ධනුෂ්කගේ ඇප කොන්දේසි තවත් ලිහිල් වෙයි

(විමුක්ති එස් රුද්‍රිගු සහ යොහාන් බාසුර)

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන ධනුෂ්ක ගුණතිලකගේ ඇප කොන්දේසි තවත් ලිහිල් කිරීමට සිඩ්නි ඩවුනින්ග් සෙන්ටර් මහෙස්ත්‍රාත් අධිකරණය අද(6) නියෝග කළේය.

තිස් දෙහැවිරිදි ධනුෂ්ක ගුණතිලක අද(06) සිඩ්නි ඩවුනින්ග් සෙන්ටර් අධිකරණයේ පෙනී සිටි අවස්ථාවේ ඔහුගේ නීතිඥවරිය වන සාරා බ්ලැක්, ගුණතිලකගේ ඇප කොන්දේසි තවත් ලිහිල් කරන ලෙස ඉල්ලමින් අයැදුම්පතක් ගොනු කළ අතර එම ඉල්ලීමට ඉඩ දෙමින් මහෙස්ත්‍රාත් ඉයන් ගයි විසින් මුහුණු පොත සහ ඉන්ස්ටග්‍රෑම් භාවිත කිරීම තහනම් කරමින් පනවා තිබූ ඇප කොන්දේසි ඉවත් කිරීමට නියෝග කරන ලදි.

ගුණතිලකගේ ඇප කොන්දේසි ලිහිල් කරන ලෙස සාරා බ්ලැක් නීතිඥවරිය කළ ඉල්ලීමට සිඩ්නි පොලිසිය විරෝධතාවයක් පළ කර නොතිබිණ.

 

නමුත් තවමත් අනෙක් ඇප කොන්දේසි ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වන අතර තවදුරටත් ප්‍රේම සබඳතා ආරම්භ කිරීම සඳහා පුද්ගලයන් දැන හඳුනාගන්නා මෘදුකාංග භාවිත කිරීම ගුණතිලකට තවදුරටත් තහනම් වේ.

එසේම ගියවර නඩුව කැඳවූ අවස්ථාවේදී ගුණතිලකට වට්ස් ඇප් මෘදුකාංගය භාවිත කිරීමටද සිඩ්නි අධිකරණය අවසර ලබා දුණි.

එසේම කාන්තාවකට අතවර කිරීමේ චෝදනා මත පසුගිය නොවැම්බර් මාසයේදී ධනුෂ්ක ගුණතිලක අත් අඩංගුවට ගත් අතර තවමත් එම චෝදනා 4 ට තමන්  වැරදිකරු හෝ නිවැරදිකරුදැයි අධිකරණය හමුවේ ගුණතිලක මහතා ප්‍රකාශ කර නොමැති බවද ඕස්ට්‍රේලියානු මාධ්‍ය පෙන්වා දී තිබේ.

තවදුරටත් ගුණතිලකගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණය භාරයේ පවතින බවත් ඔහුට රටින් පිටවිය නොහැකි බවත් ඕස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කර ඇත.

එළඹෙන 27 වැනිදා නඩුව නැවත වරක් කැඳවීමට නියමිතව තිබේ.

 

 



අදහස් (2)

ධනුෂ්කගේ ඇප කොන්දේසි තවත් ලිහිල් වෙයි

Lalla Friday, 07 April 2023 12:01 PM

එහෙම කෙනෙක් ලංකාවේ කණ්ඩායමේ හිටියේ නෑ... එපමණයි.

:       0       0

මෝලා Friday, 07 April 2023 01:20 PM

දැන් මෝල් කලන්තේ අඩුවෙලා ඇති. මොවුන් රටෙනුත් පන්නලා දාන්න ඕනේ. රටට කරපු නින්දාවට. නොදියුණු රටක ක්‍රීඩකයෙක්වත් මේ වගේ ගොන්, අපත වැඩකරලා නැතුව ඇති. අපතයින්ට මුදලුයි, ප්‍රසිද්ධියයි ලැබුණාම මීට වැඩිය දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ. ලංකාවේ වගේ මුදල්වලින් හැමදේම කරන්න බෑ.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

දකුණුට ගිගුරුම් සහිත වැසි
2025 අප්‍රේල් මස 09 84 0

දකුණු පළාතේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


රාජකාරියේ යෙදී සිටි පොලිස් කොස්තාපල් වෑන් රියට බිලි
2025 අප්‍රේල් මස 09 392 0

රස්නායකපුර කඩිගාවේ දී වෑන් රථයකට යටවී රාජකාරියේ යෙදී සිටි පොලිස් කොස්තාපල් වරයකු ඊයේ රාත්‍රී මියගොස් ඇති බව රස්නායකපුර පොලිසිය කියයි.


පුංචි ආණ්ඩු අපෙක්ෂක කතකට අතවර කරන්න හදලා
2025 අප්‍රේල් මස 09 473 0

හම්බන්තොට සිරිබෝපුර ප්‍රදේශයේ කාන්තාවකට ලිංගික අතවර කිරීමට තැත් කිරීමේ චෝදනාවකට මෙවර පළාත් පාලන මැතිවරණයට හම්බන්තොට නගර සභාවට සමගි ජනබල වේගයේ අපෙක


‘‘සියපත් උදාන‘‘ අවුරුදු කුමරියට කෝටි 10ක ඔටුන්නක්
2025 අප්‍රේල් මස 08 1982 0

හෝමාගම පිටිපන හරිත විශ්ව විද්‍යාලයේ ’’සියපත් උදානය’’ අලුත් අවුරුදු කුමරියට පළඳවන රුපියල් කෝටි 10 වටිනා ඔටුන්න එළිදැකීමේ උත්සවය පසුගිය දා හරිත විශ්ව


පිල්ලෙයාන් අත්අඩංගුවට
2025 අප්‍රේල් මස 08 2769 0

හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වන ශිවනේශතුරෙයි චන්ද්‍රකාන්ත නොහොත් පිල්ලෙයාන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ පස්වරුවේ


ට්‍රම්ප් එක්ක කතා කරන්න ලංකාවෙන් කණ්ඩායමක් ඇමරිකාවට
2025 අප්‍රේල් මස 08 1249 0

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඇමරිකාව පනවා ඇති තීරු බදු ප්‍රතිපත්තිය සාකච්ඡා කොට වෙනස් කර ගැනීම සඳහා නියෝජිත කණ්ඩායමක් ඇමරිකාවට යැවීමට රජය තීරණය කර තිබෙන


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 735 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 596 1
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 1045 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

Our Group Site