IMG-LOGO

2025 අප්‍රේල් මස 23 වන බදාදා


ධනුෂ්කගේ ඇප මුදල දුන් ලාංකික කත කවුද?

(විමුක්ති එස් රුද්‍රිගු)

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක හට නියම කළ ඕස්ට්‍රේලියානු ඩොලර් 150000ක ඇප මුදල ලබා දී ඇත්තේ ඕස්ට්‍රේලියාවේ වාසය කරන ශ්‍රී ලාංකික කාන්තාවක් බවත් එම කාන්තාවට ධනුෂ්ක ගුණතිලක සමග තිබෙන සම්බන්ධය කුමක්දැයි තවමත් හෙළිවී  නොමැති බවත් ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.

ඕස්ට්‍රේලියාවේ සිටින ශ්‍රී ලාංකිකයන් ධනුෂ්ක ගුණතිලකට  සහාය වීම සඳහා ඉදිරිපත් වී තිබේ. ඇප ලබා ගැනීමේදී ඕස්ට්‍රේලියානු පොලිසියට ස්ථිර ලිපිනයක් ලබා දීමට  අවශ්‍ය බැවින්  එරට සිටින ධනවත් පුද්ගලයෙකුගේ නිවසක ලිපිනයක් ගුණතිලක හට ලබා දී ඇති අතර ඔහු එම නිවසේ වාසය කරනු ඇති බව ආරංචි මාර්ග පෙන්වා දුන්නේය .

නඩුව අවසන් වන තෙක් ඔහුගේ වියදම් දැරීමටද ඕස්ට්‍රේලියාවේ වාසය කරන ශ්‍රී ලාංකිකයන් ඉදිරිපත් වී තිබේ.

ධනුෂ්ක ගුණතිලක මහතාට එරෙහි නඩුව නැවත වරක් ජනවාරි 12 කැඳවීමට නියමිතව ඇත.



අදහස් (22)

ධනුෂ්කගේ ඇප මුදල දුන් ලාංකික කත කවුද?

Kumara Friday, 18 November 2022 08:51 PM

ඇයි වැඩේ නරකද? නැත්නම් නීති විරෝධිද?

:       6       23

ගණිත සූත්තරය.... Friday, 18 November 2022 10:46 PM

මෙරට වයස 22 නම් විකිණෙන මිල ලක්‍ෂ 25 කි..! ඔසි රටේ විකිණෙන මිල හිතා ගන්න පුලුවනිද?

:       13       87

Prabha Saturday, 19 November 2022 12:58 AM

දැන් ලංකාදීපෙටත් තුට්ටු දෙකේ කමෙන්ට් ලියන අය එනවා.

:       5       25

asanka Friday, 18 November 2022 11:39 PM

මෙයාව ගෙදර තියා ගන්නේ පරිස්සමින්. ආයෙත් නෝටි වැඩ කරන්ට බලයි.

:       9       143

AusieSaturday, 19 November 2022 07:44 AM

නෝටි හින්දා තමයි ගෙදර තියාගත්තේ...!

:       2       15

Ruhunu Saturday, 19 November 2022 01:36 AM

ආයෙත් ලෙඩක් දාගත්තොත් ඇපත් නෑ පුතෝ.

:       1       19

Demuni Uduwara Saturday, 19 November 2022 04:22 AM

Comments seem our debasement or demeanour !

:       6       1

Nandasena gr Saturday, 19 November 2022 06:29 AM

රට වෙනුවෙන් ක්‍රීඩා කරන්න ගිහින් වෙනත් දේවල් කරන්න ගිය කෙනාව බේරාගන්න ඔච්චර වියදමක් දරන ඔබලා නම් මිනිස්සු වෙන්න බැහැ. මෙහෙ කන්න නැතිව දුක් විඳින අසරණ ළමයින්ට පිහිට වෙයල්ලා. ඔය වගේ පෙර වැරැදි කරපු සල්ලාලයින්ට වියදම් කරන එකේ. මෙයා බේරගෙන මොකක්ද කරන්න යන්නේ. අපේ රටේ ඉන්න අය විතරක් නෙවෙයි පිටරටවල ඉන්න අපේ අයත් බොල් පිළිමවලට තමයි වඳින්නේ..!

:       5       39

RD Saturday, 19 November 2022 08:12 AM

අපට තියෙන ලොකුම සහ එකම ප්‍රශ්නෙ ධනුෂ්ක. ඒක කොහොම හරි විසඳන්න ඕනි.

:       5       13

Akila Saturday, 19 November 2022 08:55 AM

ලංකාවේ ක්‍රිකට් දැන් ලෝකෙටම විහිළුවක් වෙලා තියෙනේ , අභිමානයක් කියල දෙයක් ගෑවිලාවත් නැහැ , මන් දැක්ක මේ සිද්දිය අපේ අල්ලපු රටේ ක්‍රීඩා පුවත්වලත් හාස්‍යයට ලක් කරලා දාල තියනව.

:       1       18

Bunny Preena Saturday, 19 November 2022 09:36 AM

අහක යන නයි රෙද්ද අස්සේ දාගෙන කනෝ කනෝ කිව්ව වගේ වෙයිද දන්නේ නැහැ.

:       0       11

කිරිපුතා Saturday, 19 November 2022 10:30 AM

ඒ මුදල ගෙවලා කොල්ලව මේ උගුලෙන් ගලවගන්නෙ කොහොමද කියලි හොයන එක වෙනුවට මුදල ගෙවපු ⁣කට්ටියගෙ අල ගිය මුළ ගිය තැන් හොයනවා. අනේ මන්දා අපේ රට.

:       27       14

RANDILSaturday, 19 November 2022 11:34 AM

උගුලට අහු කළේ අපිනේ එයා බබා.

:       0       34

de silva Saturday, 19 November 2022 10:52 AM

උදව් කරන්න ඉදිරිපත් වුණ මිනිස්සුත් අමාරුවේ වැටෙන්න බොහෝ දුරට ඉඩ තියෙනවා. හැදෙන මිනිහෙක් නම් අර එංගලන්තෙ කේස් එකෙන් පස්සේ කල්පනා කරලා වැඩ කරනවා.

:       0       24

දුයිෂෙන් සෙනෙවිරත්න Saturday, 19 November 2022 12:54 PM

කාන්තාව කවුරු වුණත් කාටවත් වැඩක් නෑ... රටට වුණු අපකීර්තිය ගැන තීරණයක් ගන්න.

:       1       15

Bishan Saturday, 19 November 2022 01:38 PM

කවුරු දුන්නත් කාටවත් මොකටද?

:       4       7

Rata PerataSaturday, 19 November 2022 02:15 PM

ඒකනේ ... එයාටත් කැමැත්තක් තියෙනවා ඇතිනේ...!

:       1       7

මහසෙන් Saturday, 19 November 2022 02:05 PM

ඔය කත ගැන හොයලා බද්දක් ගහමු...

:       0       3

Santhu Saturday, 19 November 2022 06:33 PM

ඕක මොකක්ද? ඊළඟ මැච් එකේදී ඒවා ගෙවයි පොලියත් එක්ක...!

:       0       0

පියල් වීරසිංහ Saturday, 19 November 2022 08:29 PM

මේ රට අඳුරු අගාධයකට තල්ලු වී සිටින වේලාවක තනි පුද්ගලයකු වෙනුවෙන් මෙච්චර මුදල් සම්භාරයක් වෙන් කෙරුව එක ගැනයි පුදුම හිතෙන්නේ...!

:       1       11

sampath Sunday, 20 November 2022 09:43 PM

කවුරු උනත් අමාරුවේ වැටුනම උදවු කරපු එක අගය කරන්න ඕනේ. පුද්ගලික උපකාර ගැන සෙවීම කුහක කමක් .නමුත් රජයේ මුදල් වියදම් නොකළ යුතුයි

:       1       1

janahitha Monday, 21 November 2022 09:10 AM

නීතිය ඉදිරියේ තිබෙන ප්‍රශ්නයකට මැදිහත් නොවෙමි. මව්බිමේ නාමයට පිට රටකදී කළ නිගාව ගැන පමනක් එරෙහි වෙමු.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

බස් - ලොරි - ගිලන් රථ යෝග්‍යතා හොරට දීලා
2025 අප්‍රේල් මස 23 50 0

බස් - ලොරි සහ ගිලන් රථ සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නියාමනයෙන් තොරව යෝග්‍යතා සහතික නිකුත් කරන බව ප්‍රවාහන කටයුතු පිළිබඳ අමාත්‍යාංශ අනුකාරක


පසුගිය මාස 4ට වෙඩි තැබීම් 37ක්: 26ක් මරුට
2025 අප්‍රේල් මස 23 253 2

මෙම වසර ආරම්භයේ සිට ඊයේ (23) දක්වා වූ මාස 4 කට ආසන්න කාලසීමාව තුළ වෙඩිතැබීමේ සිද්ධීන් 37 ක් වාර්තා වී ඇති අතර එම වෙඩි තැබීම්වලින් මියගිය ගණන 26 කි.


ප්‍රහාරයේ වගකීම බාර ගනී
2025 අප්‍රේල් මස 23 1310 1

ඉන්දියාවට අයත් ජම්මු කාශ්මීරයේ පහල්ගම් පළාතේ සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේ වගකීම, ‘ලෂ්කාර් ඊ තයිබා’ ඉස්ලාමීය ත්‍රස්ත සංවිධාන


’’ආණ්ඩුවට පාඩමක් කියා දෙන්න ජනතාව බලා ඉන්නවා’’
2025 අප්‍රේල් මස 23 468 5

බොරු පොරොන්දු දී ජනතාව රැවටු මාලිමා ආණ්ඩුවට ගමේ ජනතාව පාඩමක් උගන්වන දිනය මැයි හයවනදා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


ඩෑන් ප්‍රියසාද් ඝාතනය සිද්ධියට පිය - පුත් දෙපළකට විදෙස් තහනමක්
2025 අප්‍රේල් මස 23 2209 1

සමාජ ක්‍රියාකාරී ඩෑන් ප්‍රියසාද්ට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ වී යැයි සැක කෙරෙන පිය පුතු දෙපළකට රටින් පිටවීම වළක්වමින් විදෙස් ගමන් තහනමක්


ලංකාවේ රාජ්‍ය සේවයේ ’’කොලිටිය’’ හොයන්න නේපාලයේ කණ්ඩායමක්
2025 අප්‍රේල් මස 23 433 2

නේපාලයේ ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීහු පිරිසක් මෙරට රාජ්‍ය සේවය පිළිබඳව අධ්‍යයනයක නිරත වෙති.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 637 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 323 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 473 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site