IMG-LOGO

2024 ඔක්තෝබර් මස 15 වන අඟහරුවාදා


ධීවරයන්ට සහන මල්ලක්

(අංජුල මහික වීරරත්න)

ආර්ථික අර්බුදය හේතුවෙන් ධීවර කර්මාන්තයට ඇති වී තිබෙන බලපෑම අවම කර, ධීවර කර්මාන්තය යථා තත්ත්වයට පත් කිරීමේ වැඩසටහන සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ඉන්ධන මිල ගණන් ඉතා විශාල ලෙස ඉහළ යාම හේතුවෙන් ධීවර කර්මාන්තයට සිදුවන අහිතර බලපෑමට පිළියම් යෙදීම සඳහා 2024-08-21 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදි අනුමැතිය ලබා දී තිබුණ ද, එම තීරණය මේ දක්වා ක්‍රියාත්මක වී නොමැති බව රජය පවසයි. එබැවින් ධීවර කාර්මිකයින්ගේ ආර්ථික තත්ත්වය ඉහළ නැංවීම අරමුණු කර ගෙන 2024-10-01 දින සිට ක්‍රියාත්මක වන පරිදි මාස 06ක කාලයක් සඳහා සහන ලබා දීම පිණිස කෘෂිකර්ම, ඉඩම්, පශුසම්පත්, වාරිමාර්ග, ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී:

* ඉන්ධන වශයෙන් ඩීසල් ලබාගන්නා ධීවර යාත්‍රා හිමියන් සඳහා ඔවුන් විසින් ලබාගනු ලබන එක් ඩීසල් ලීටරයකට රුපියල් 25/- ක මුදලක් ලැබෙන සේ මසකට රුපියල් 300,000/- ක් දක්වා වන උපරිමයකට යටත්ව " ධීවර කර්මාන්තය යථා තත්ත්වයට පත් කිරීමේ දීමනාවක් ලබා දීම.

*ඉන්ධන වශයෙන් භුමිතෙල් ලබාගන්නා යාත්‍රා හිමියන් සඳහා දිනකට භූමිතෙල් ලීටර 15 ක හා මසකට දින 25 ක උපරිමයකට යටත්ව, රැකියාවේ නිරත වන දිනයන් සඳහා පමණක් සීමා වන පරිදි භූමිතෙල් ලීටරයකට රුපියල් 25/- ක "ධීවර කර්මාන්තය යථා තත්වයට පත් කිරීමේ දීමනාවක් ලබා දීම.

* ඩිසල් හා භුමිතෙල් වල මිල සංශෝධනයන් සිදු කරන සෑම අවස්ථාවකදීම ඩීසල් සඳහා උපරිම සහන මිල රුපියල් 250/- ක සීමාවකට ද භූමිතෙල් සඳහා උපරිම සහන මිල රුපියල් 150/-කට ද යටත්ව, උපරිම මාස 6 ක කාලයක් දක්වා ඩියල් සඳහා උපරිම වශයෙන් වෙළෙඳපොළ මිලෙන් 7.5% ක සහනයක් ද භුමිතෙල් සඳහා උපරිම වශයෙන් වෙළෙඳපොළ මිලෙන් 12.5% ක පහනයක් ද ධීවර ජනතාවට හිමි වන පරිදි මෙම වැඩසටහන පවත්වා ගෙන යාම අදාල ධීවර සහන වේ.



අදහස් (1)

ධීවරයන්ට සහන මල්ලක්

Pradeep Kumara Tuesday, 15 October 2024 12:52 PM

විශිෂ්ඨයි. හැබැයි මේ වරප්‍රසාදය ධීවර නොවන වෙනත් පාර්ශව විසින් අවභාවිතා කරනවාදැයි විමසිලිමත් වෙන්න. මොකද මේක ශ්‍රී ලංකාව.

:       0       11

ඔබේ අදහස් එවන්න

දියත

ඩුබායි මත් ජාවාරමාගේ ගෝලයෙක් මාට්ටු
2024 ඔක්තෝබර් මස 15 101 0

ඩුබායිහි සැගව සිට මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවනු ලබන රොහාන් නැමැත්තාගේ ගෝලයකු හෙරොයින් ග්‍රෑම් 250 ක් සහ මිලිග්‍රෑම් 590 ක් සමග අත්අඩංගුවට ගත් බව කොළඹ


අලුත් විදෙස් ගමන් බලපත් තොගය සෙනසුරාදා ලංකාවට
2024 ඔක්තෝබර් මස 15 367 0

නව විදෙස් ගමන් බලපත්‍ර තොගය ලබන සෙනසුරාදා(19) ලංකාවට ලැබෙන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.


ඇල්ලේ ඇල්ල චිල් ලොව දෙවැනි තැනට
2024 ඔක්තෝබර් මස 15 40 0

ලොව පුරා සංචාරකයන්ගේ මනාපය අනුව සංචාරක මාර්ගෝපදේශක වෙබ් අඩවිය BEST OF THE BEST RESTAURANTS නමින් කළ මත විමසුමක දී ලොව හොඳම ආපනශාලා අතර දෙවැනි ස්ථානය ඇල්ල චිල් රෙස්ටුර


පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ලේකම් ඉල්ලා අස් වෙයි
2024 ඔක්තෝබර් මස 15 1031 0

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ලේකම් තනතුරෙන් ඉල්ලා අස්වීම කැබිනට් මණ්ඩලය විසින් පිළිගෙන තිබෙි.


ත්‍රිරෝද රියදුරු පුංචි ලෝකාන්තයට දැමීමේ සිද්ධියට තවත් අයෙක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 15 659 0

හාලිඇල රොසට්වත්තේ ත්‍රීරෝද රථ රියදුරෙකුට මඩොල්සිම දී පහරදී ඝාතනය කර සිරුර මඩොල්සිම පුංචිලෝකාන්තයේ අඩි දහස් ගණනක ප්‍රපාතයකට විසිකර දැමීමේ සිද්ධිය ස


වැස්සෙන් පවුල් 39,522ක් පීඩාවට
2024 ඔක්තෝබර් මස 15 134 0

දිවයින පුරා පවතින අධික වැසි තත්වය හේතුවෙන් පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් පවුල් 39,522 කට අයත් පුද්ගලයින් 1,54,782 කු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමණකරණ මධ්‍යස්ථාන


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 460 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 462 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1449 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site