(මනෝප‍්‍රිය ගුණසේකර)
රිමාන්ඞ් බාරයට පත්කර සිටින පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ පොලිස් පරීක්‍ෂකවරයකු ඇතුළු පොලිස් නිලධාරීන් 05 දෙනාට ඇප නියම කිරීම සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයෙන් සීමීත විරෝධතා ඉදිරිපත් කොට ඇතත් ඔවුන්ට ඇප නියම කිරීම සම්බන්ධයෙන් නීතීපතිවරයා දැඩිව විරුද්ධ වන බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරීස් මහතා කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතාට අද (27) දැනුම් දුන්නේය.
ජාවාරම්කරුවන් සමඟ එක්වී කුඩු ජාවාරම් කරන ලදැයි මොවුන්ට චෝදනා එල්ල වී තිබේ.
ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීම සදහා වගකීම බාරව සිටි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන් තම නිල බලය පාවිච්චි කරමින් රටපුරා කුඩු ප‍්‍රවාහනය කරමින් කුඩු ජාවාරම්කරුවන් සමඟ මොනම අන්දමින් හෝ සම්බන්ධකමක් පවත්වා ගැනීම බරපතලම වරදක් බවද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරීස් මහතා අධිකරණයට වැඩිදුරටත් දැනුම් දුන්නේය.
කුඩු ජාවාරම්කරුවන් සමඟ එක්වී කුඩු ජාවාරම් කරන ලදැයි සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඞ් බාරයට පත් කොට සිටින තමන්ට ඇප නියම කරන්නැයි ඉල්ලමින් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ පොලිස් පරීක්‍ෂක ලයනල් ජයරත්න ඇතුළු පොලිස් නිලධාරීන් 05 දෙනකු විසින් ඉදිරිපත් කොට ඇති ඇප ඇයැදුම් කැදවනු ලැබු අවස්ථාවේදී වගඋත්තරකරුවන් වෙනුවෙන් නීතීපතිවරයා නියෝජනය කරමින් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරීස් මහතා ඒ බව අධිකරණයට දැනුම් දුන්නේය.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ පොලිස් පරීක්‍ෂක ලයනල් ජයරත්න මහතාට අමතරව ජනක බණ්ඩාර, ප‍්‍රියංකර ජයරත්න ඇතුළු 05 දෙනෙකු විසින් ඉදිරිපත් කර ඇති මෙම ඇප ඇයැදුම් වල වගඋත්තරකරු වශයෙන් නීතීපතිවරයා නම් කර ඇත.
පෙත්සම්කාර මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ පොලිස් නිලධාරීන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ එක්වී මත්ද්‍රව්‍ය ජාවාරම් කළ බවට ප‍්‍රමාණවත් සාක්කි නොමැති හෙයින් සිද්ධියට අදාළව සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඞ් බාරයට පත් කොට සිටින ඔවුන්ට ඇප නියම කරන්නැයි ඉල්ලමින් මෙම පෙත්සම් ඉදිරිපත් කොට ඇත.
මෙම ඇප ඇයැදුම් කැදවනු ලැබු අවස්ථාවේදී නීතීපතිවරයා නියෝජනය කරමින් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරීස් මහතා කරුණු ඉදිරිපත් කරමින් පෙත්සම්කාර පොලිස් නිලධාරීන් 05 දෙනාට ඇප නියම කිරීම සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයෙන් සීමීත විරෝධතා ඉදිරිපත් කර ඇතැයි දැනුම් දුන්නේය.
මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමේ වගකීම බාරදී සිටින පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන් තම නිල බලය පාවිච්චි කරමින් රටපුරා කුඩු ප‍්‍රවාහණය කරමින් කුඩු ජාවාරම්කරුවන් සමඟ මොනම අන්දමින් හෝ සම්බන්ධකමක් පවත්වා ගැනීම බරපතලම වරදක් යැයි පෙන්වා දුන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරීස් මහතා ඔවුන්ට ඇප නියම කිරීම සම්බන්ධයෙන් නීතීපතිවරයා දැඩිව විරුද්ධ වන්නේ යැයි පැවසීය.
එම විරෝධතා ඉදිරිපත් කිරීම සදහා තමන්ට දිනයක් ලබාදෙන ලෙස නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
එම ඉල්ලීම පිළිගත් විනිසුරුවරයා මෙම ඇප ඇයැදුම් යළි කැදවන ලබන 25 වැනිදා එම විරෝධතා ඉදිරිපත් කරන ලෙස වගඋත්තරකාර නීතීපතිවරයාට නියම කළේය.
ඇමෙරිකන් ජනාධිපතිවරණයෙන් යළිත් වරක් ජයග්‍රහණය කළ ඩොනල්ඩ් ට්‍රම්ප්ට රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සුබ පතා ඇත. ‘ට්‍රම්ප් ධෛර්යවන්ත පුද්ගලයෙක්’
දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෝල් බිරිඳ කිම් කියෝන් හේ සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටියේය. ඒ, කිම් කියෝන් හේ ඉතා මිල අධික ‘ඩියෝර්’ වර්ගයේ අත්බෑගයක් ත
විදේශ ගමන් බලපත්‍ර ලබාදීම සඳහා ටෙන්ඩරය ලබා ගත් සමාගම ඔක්තෝම්බර් මස දෙවැනි සතියේදී හිස් විදේශ ගමන් බලපත්‍ර 750 000 ක් ලබාදීමට පොරොන්දු වී ඇතත් මේ වන විට ලබා
ඉකුත් පාලන සමයේදී අමාත්‍යාංශ ලබාදෙනු ලැබුයේ කිසිදු විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව නොවන බවත් ඒ පැත්තෙන් මේ පැත්තට පනින අයට අල්ලසක් වශයෙන් එම අමාත්‍යාං
වෙන්නප්පුව කිඹුල්ගාල දවටගහවත්ත ප්‍රදේශයේ දි ඊයේ (07) සවස 5.00 ට පමණ සිදුවු වෙඩි තැබිමකින් දෙදෙනකු තුවාල ලබා මාරවිල මුලික රෝහලට ඇතුලත් කළ බව පොලිසිය කියයි.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධී වරදක් සිදු කළේ යැ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
නාකොටික් 5 දෙනාට ඇප දෙනවාට නීතීපති විරුද්ධයි