(ආරියරත්න රණබාහු)
නිකිණිපුර පසළොස්වක පොහොය දිනය අදට (19) යෙදී තිබේ. මෙම පොහොය දින බෞද්ධාගමිකයිනට ප්‍රධාන සිදුවීම් කීපයක් නිසා වැදගත් වේ.
ඒවා අතර පසු වස් එළඹීම, ආනන්ද තෙරුන් වහන්සේ රහත්වීම. සහ ප්‍රථම ධර්ම සංගායනාව ,ආරම්භ කිරීම ආදිය වේ.
පෙර වස පසු වස වශයෙන් භික්ෂූන් වහන්සේලා වස් එළඹ වැඩ සිටිය යුතු දින දෙකක් ගැන සඳහන් වේ ඇසළ පුර පසළොස්වක පොහොය දිනයෙහි පොහොය කර්ම කොට ඇසළ අව පෑළවිය දිනයෙහි පෙර වස් එළඹීම එක් ක්‍රමයකි.
එසේ කිරීමට යම්කිසි අපහසුවක් ඇති වූ කල්හි නිකිණි පුර පසළොස්වක පොහොය දින පොහොය කර්ම කොට නිකිණි අව පෑල වියද පසුවස් එළඹිය යුතු බව බුදුරජාණන් වහන්සේ පෙන්වා දී ඇත.
මෙහි දැක් වූ ක්‍රම දෙකෙන් එක් ක්‍රමයක් හෝ අනුගමනය නොකරන භික්ෂූන්ට ඇවැත් (වරදක්) සිදුවෙන බව විනය නියමයකි.මේ අනුව පසුවස් එළඹෙන දිනය වශයෙන් නිකිණි පෝය ශාසන ඉතිහාසයේ වැදගත්ි තැනක් ගනී . කෙසේ වුවද බෞද්ධ භික්ෂූන් පමණක් නොව සාමාන්‍ය ජනතාවද වස් කාලය තුළ දාන ශීල භාවනාආදී පිළිවෙත් හි වඩාත් යෙදීම කුසලයට හේතු වේ. ගෞතම බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාල ධර්මය පිරිසිදුව ආරක්ෂා කර ගැනීමට ප්‍රථම වරට ධර්ම සංගායනාව පැවැත්වීම සඳහා මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ එක් නමක් හැර පන්සීයක් මහ රහතන් වහන්සේලා තෝරා ගත්හ.
බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ සියලු ධර්මය අසා දැන , දරා සිටි ධර්ම භාණ්ඩාගාරික ආනන්ද හිමියන් එහි ඉතිරි නම වශයෙන් තෝරා ගත යුතු වුවත් ඒ වන විටත් උන්වහන්සේ රහත් භාවයට පත්ව නොසිටීම ගැටලුවක් විය.
මේ පිළිබඳව වටහාගත් ආනන්ද හිමියෝ එදින මැනවින් සිත මෙහෙයවා විදසුන් වඩා අවසානයේ රහත් භාවයට පත්වූහ. ඒ වැදගත් සිදුවීමවූයේ නිකිණි පුන් පොහෝ දිනයක අලුයම් කාලයේ බව වංශ කතාවේ සඳහන් වේ.
මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ප්‍රධාන පන්සියයක් පමණ වූ භික්ෂූන් වහන්සේලා ඇසළ පුන් පෝදා රජගහ නුවරට වැඩමවා එහි වස් සමාදන් වූහ. එක් මසක් මුළුල්ලේ සුදුසු පරිදි විහාරාම පිළිසකර කරවා සංගායනාවට අවශ්‍ය කටයුතු සංවිධානය කළහ විශේෂයෙන් ම රජගහනුවර වේහාර පර්වත පාර්ශවයෙහි සප්තපර්ණී ගුහා දොරටුවෙහිදී ඉදිකළ ා මණ්ඩපයෙහි ප්‍රථම ධර්ම සංගායනාව ආරම්භ කළහ . සම්බුද්ධ පරිනිර්වාණයෙන් ම සිව්වන මස දෙවන දිනය වූ නිකිණි මස අව දියවතා මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ ඉපදෙනත්වයෙන් ආරම්භ කළ ඒ සංගායනාවට පන්සියයක් රහතන් වහන්සේලා සහභාගිව මේ බුද්ධ ධර්මයේ මනා සංවිධානය හා ආරක්ෂාව සඳහා මෙම මාසයේ ආරම්භ වූ ශ්‍රේෂ්ඨ ක්‍රියාවක් සේ සැලකේ. (ධර්ම කරුණු ලබා දුන් කොළඹ ආනන්ද විද්‍යාලයේ විශ්‍රාමික සහකාර විදුහල්පති ගල්කිස්ස බෞද්ධායතනාධිපති ත්‍රිපිටකාචාර්ය දිවියාගහ යසස්සි නාහිමියන් වහන්සේට ගෞරව පූර්ව ස්තූතිය පළ කරමු)
පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා
පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.
පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකරුවා හෙළිකරන්නේ යැයි මහා විශාලා ඝෝෂාවක් නගමින් වර්තමාන අණ්ඩුව අසත්‍ය ප්‍රකාශ කළේ යැයි මේ වන විට රටටම පැහැදි්
රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා වන ආහාර සුරක්ෂිතතා කමිටුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද 6 වන වරටත් රැස් විය.
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට සිදුකරන ගෞරවයක් වශයෙන් ප්‍රංශයේ අයිෆල් කුළුණේ විදුලි ආලෝකය අද (21) රාත්‍රියේ නිවා දමන බව ප්‍රංශ නගරාධිපතිනි ඈන් හි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
නිකිණි පොහොය අදයි