(මුදිතා දයානන්ද)
මෙතෙක් නොමිලේ පවත්වන ලද ඉංජිනේරු විද්‍යා ජාතික ඩිප්ලෝමා පාඨමාලා සඳහා නවක සිසු සිසුවියන්ගෙන් රුපියල් 225,000 ක් අය කිරිමට ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය කටයුතු කර ඇතැයි ඉංජිනේරු විද්‍යා ජාතික ඩිප්ලෝමාධාරී ආදී විද්‍යාර්ථීන්ගේ සංසදය පවසයි.
මෙම පාඨමාලාව උපාධියක් දක්වා උසස් කරන බව පවසමින් ඊට අදාලව සකස් කළ විෂ්‍ය නිර්දේශයක් යටතේ අධ්‍යන කටයුතු සිදු කෙරෙන බවද එහෙත් මේ දක්වා මෙම ආයතනය උපාධි පිරිනැමීමට හැකි ආයතනයක් ලෙස ගොඩනගා නැති බවද එම සංගමය පවසයි.
පාඨමාලාව පවත්වාගනෙ යනු ලබන ඉංජිනේරු තාක්ෂන ආයතනයේ යටිතල පහසුකම් සංවර්ධණය කිරිමට ඔස්ට්‍රියානු රජයෙන් යුරෝ මිලියන 9.5ක ණය ආධාර මුදලක් 2016දී ලබා දුන්නද මෙතෙක් එම ව්‍යාපෘතියේ අරමුණ ඉටුකර නැති බවද ආදි විද්‍යාර්ථින්ගේ සංගමය පවසයි.
කරුණු එසේ තිබියදී පාඨමාලාව උසස් කරන බව පවසමින් නවක සිසුන්ගෙන් මෙතරම් විශාල මුදලක් අය කිරිම අසාධාරන බවද ඔවුහු පවසති.
මේ සම්බන්ධයෙන් ලංකාදීපය කළ විමසීමකදී ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරිමේ අධිකාරියේ සභාපති එච්. එස්. හරිස්චන්ද්‍ර මහතා සඳහන් කළේ පාඨාමාලාව උපාධියක මට්ටමට උසස් කර ඇති බැවින්ද ඒ සඳහා අවශ්‍ය කරන අමතර වියදම් දැරීමට රජයෙන් මුදල් ප්‍රතිපාදන වෙන් කරගැනීමේ අපහසුතාවය නිසාද සිසුන්ගෙන් මෙලෙස මුදල් අය කිරිමට කටයුතු කළ බවය. එසේම සිසුන්ගෙන් සියයට තිස්පහකගෙන් ගාස්තු අය නොකරන බවද අවශ්‍ය අයට බැංකු ණයකින් ගාස්තු ගෙවීමේ පහසුකම් සලසන බවද ඔහු පැවසීය.
ලෝකේ කොතැනක වුවත් පිළිගන්න පාඨමාලාවක් බවට පත් කරන අදහසින් මෙම පාඨමාලාව උසස් කළ බවද හරිස්චන්ද්‍ර මහතා පැවසීය.
යල කන්නයේදී කුඹුරුවල අතිරේක භෝග වගාවලට රුපියල් 15000ක සහනාධාරයක් ලබාදීමට රජය තීරණය කර ඇත.
දරුවන්ගේ පරපුර කවදාවත් යළි යුද්ධ නොකරන රටක් ගොඩ නගන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තලවකැලේ ජනරැළියේදී අද පැවසීය.
මාලිමාවේ පච දේශපාලනය නිසා බහුතරයකට ආණ්ඩුව එපා වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මින්නේරිය ජන රැලියකදී පැවසීය.
කළු ගල් ව්‍යාපෘති තුනකට නිසි පරීක්ෂාවකින් තොරව කළු ගල් කැණීමේ බලපත්‍ර නිකුත් කිරීම හේතුවෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යා ස්මාරක රැසකට හානි
කොළඹ ඇමති බංගලා තමන්ගේ ව්‍යාපාර කටයුතු සඳහා දෙන්නැයි දෙස් විදෙස් ආයෝජකයන් දහයකට ආසන්න පිරිසක් ඉල්ලීම් කර ඇති බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පා
සෞදි අරාබියේදී දැන් පැවැත්වෙන වයස අවුරුදු 18න් පහළ ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර 800 බාලිකා ධාවන ඉසව්වේ රන් පදක්කමක් දිනාගැනීමට තරුෂි අභිෂ
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
නිකන් දුන්න ඩිප්ලෝමාවට ලක්ෂ දෙකක් අය කරයි