(ප්‍රියාණි මංගලිකා)
නිකවැරටිය නගරාසන්නයේ කුඹුරු යායක් මැද තිබී නිරුවත් පිරිමි මළ සිරුරක් අද (5) පස් වරුවේ සොයා ගෙන ඇති බව නිකවැරටිය මූලස්ථාන පොලීසිය පවසයි.
වයස අවුරුදු 40/45 පමණ පෙනුමැති මෙම මළ සිරුර කාගේද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති බවද , මළ සිරුරේ කිසිඳු ඇඳුමක් හෝ නොමැතිව නිරුවත්ව තිබෙන අතර සිරුරේ පපුව කොටසේ සම ගැලවී ඇති බව දක්නට තිබෙන බවද පොලීසිය සඳහන් කරයි .
මෙය මණුශ්‍ය ඝාතනයක්ද, පිටස්තර ප්‍රදේශයකින් ගෙනත් දැමූ එකක්ද., මොහු කවුරුන්ද යන්න පිළිබඳව සොයාගැනීම සඳහා නිකවැරටිය පොලීසිය හා කොට්ඨාශ සොකෝ අංශ පුළුල් පරීක්ෂණ මේ වන විට ආරම්භ කර ඇති බවද පොලීසිය සඳහන් කරයි .
නිකවැරටිය කොට්ඨාශ බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජී ජේ නන්දන මහතාගේ උපදෙස් අනුව පොලිස් අධිකාරි වීරසිංහ මහතාගේ අධීක්ෂණයෙන් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තිලක් සුබසිංහ මහතගේ මෙහෙය වීමෙන් නිලධාරීන් කණ්ඩායමක් සහ කොට්ඨාශ සොකෝ අංශ සිද්ධිය පිළිබඳව පරීක්ෂණ සිදු කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කිරීමට නියමිතව තිබුණි .
රිය පුහුණුව සඳහා යාමට වැලිඔය පරාක්‍රමපුරම් ප්‍රදේශයේ මාර්ගයේ සිටි ආයුර්වේද වෛද්‍යවරියකගේ රන්මාලය කොල්ලකා යතුරු පැදියකින් පලා ගිය යුද හමුදා සෙබලකු
ගෙවත්තට වල් අලි පැමිණිම වැළැක්වීම සඳහා බල්බයක් ටකරන් වහලයට සවිකර විදුලිය ලබා ගැනීමට ගොස් විදුලි සැර වැදී දෙදරු පියෙකු එම ස්ථානයේදීම මිය ගිය බව අග්බෝ
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව
නුවරඑලිය නගරයේ පිහිටි නිවසක් ඉදිරිපිට ගාල් කර තිබු සැක සහිත පෙජෙරෝ වර්ගයේ ජිප් රථයක් නුවරඑලිය පොලිසිය විසින් (12) දින පොලිස් භාරයට ගෙන ඇත.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
නිකවැරටියේ කුඹුරු යායක මළ සිරුරක්