IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


නිකවැරැටියේ නිවෙසක ගෑස් ටැංකියක් පිපිරී නිවසට දැඩි හානි

(ප්‍රියානි මංගලිකා)

නිකවැරටිය කන්දේගෙදර ප්‍රදේශයේ 26 දහවල් ගෑස් ටැංකියක් පිපිරී යාමෙන් එම නිවස ගිණිගෙන දැඩි හානි සිදුව ඇති බව නිකවැරටිය මූලස්ථාන පොලීසිය සඳහන් කරයි.

ගෑස් ටැංකිය පිපිරීම සිදුවන අවස්ථාවේ නිවසේ මව සහ ,පියා කුඹුරට ගොස් සිට ඇති අතර වැඩිමහල් දරුවා පාසලටද ,දෙවනි දරුවා ඥාති නිවසකද සිටීම හේතුවෙන් කිසිඳු ජීවිත හානියක් සිදුව නොමැති බවද පොලීසිය සඳහන් කරයි .

ගෑස් ටැංකිය පිපිරී යාමෙන් ඇති වූ ගිණි ගැණීමෙන් නිවසට සහ නිවසේ දේපල වලටද හානි සිදුව ඇති.බවද ,මෙම ගෑස් ටැංකිය පිපිරී ගියේ ගෑස් කාන්දුවකින්ද ,වෙනත් හේතුවකින්ද යන්න.පිළිබඳව වැඩිදුරටත් අදාල අංශ සමග පොලීසිය පරීක්ෂණ කෙරේ.

 



අදහස් (13)

නිකවැරැටියේ නිවෙසක ගෑස් ටැංකියක් පිපිරී නිවසට දැඩි හානි

යෝගා Friday, 26 November 2021 12:15 PM

මේවාට වන්දි ගෙවලා මදි.

:       0       36

චමින්ද ජයනාත් ජයසූරිය Friday, 26 November 2021 12:46 PM

මේ දවස් කිපයට ගෑස් ටැංකි නිසා ස්ථාන පහ හයකම අනතුරු වාර්ථා උනා... හිතාමතාම මිනිස්සුන්ගෙ ජීවිත අනතුරුට දාන මේ සමාගම් වලට සහ අදාල වගකිවයුත්තන්ට එරෙහිව කාට හරි පුළුවන් නම් වහාම නිතිමය පියවර ගන්න... ඩොලර් බිලියන 50ක් 60ක් ඉල්ලලා නඩුදාන්න...

:       0       37

සෙනෙවිරත්න Friday, 26 November 2021 02:35 PM

නීතමය පියවර ගන්න රජයක් තියෙන්න එපායැ. දැං ආණ්ඩුව කරන්නේ ව්‍යාපාරිකයින් කීප දෙනෙක්.

:       0       0

saman Friday, 26 November 2021 12:56 PM

ඉස්සර ගෑස් සිලින්ඩරයක පිපිරීම අසන්න ලැබුනේ අවුරුද්දකට එක පාරක් තරම් වත් නැති තරම්.. ඒත් පහුගිය දින කීපයකට සිලින්ඩර නම් කීපයක් පිපුරුවද? මේ පිපිරීම් වලට නිවෙස් වලට වරද පටවලා හරියන්නේ නැහැ.. මේ අසාමාන්ය වැඩි වීමට අදාළ සමාගම් වගකිව යුතු බව පෙනෙනවා..

:       0       34

kanthi Friday, 26 November 2021 12:57 PM

මොන කරුමයක්ද මේ රටට වුනේ.

:       0       34

Lalith M Friday, 26 November 2021 07:59 PM

සර්ගේ සාපය... 69 ලක්ෂයේ සාපය...

:       0       0

Hafeel Friday, 26 November 2021 01:01 PM

ඔන්න හොඳටම කලේ ප්‍රතිපල. කොරෝනා නැත් නම්, ඉතිරි අවුරුදු තුනේ දී තවත් හොඳටම කරාවි. පාරිභෝගික අධිකාරියේ හිටපු විධායක නිලධාරීතුමා ජනාධිපති ඇතුළු ඇමති සහ රාජ්‍ය ඇමතිට කලින් දැනුවත් කලත්, කිසිම පියවර අරගන නැහැ. චන්ද කාලේ රටේ තරුණ, තරුණියන් තමන්ගේ මුල්ම ඡන්දය දුන්නේ රට රකිණ විරුවා කියමින්.

:       2       38

Suresh Friday, 26 November 2021 01:12 PM

මේ අසාමාන්‍ය ගෑස් කාන්දුවට කවුද වග කියන්නේ?

:       0       19

පිටිගල මිලානෝ Friday, 26 November 2021 02:37 PM

දහන පෝෂක සිලින්ඩර භාවිතා නොකරන අවස්ථාවලදී හොඳින් වාතාශ්‍රය ඇති තැනක තැබීමෙන් දහන පෝෂක කාන්දුවක් ඇතිවුණත් එය ගෙදර තුළ නොරැඳී පිටතට යයි. ඔබ ගෙදරට ඇතුලුවනවිට දහන පෝෂක ගඳක් දැනේ නම් ලයිට් ස්විච් නොදමන්න. හැකි ඉක්මණින් ජනෙල් සහ දොරවල් අරින්න...

:       2       12

අබේරත්න Friday, 26 November 2021 05:00 PM

මා පසුගිය දිනක මිලට ගත් ගෑස් ටැංකිය සීල් කඩා රේගියුලේටරය සවිකර ලිප ඔන්කිරීමට පෙර ගෑස් ලික්වන බව ඉතා පැහැදිලිව මට දැනුනා. ගඳ සහ සද්දයක්‌ ආවා. ඉතා ඉක්මනින් ගලවා ගෙයින් එළියට ගෙන හොදින් පරීක්ශා කල පසු වෑල් එකේ රබර් ඔසරයේ උඩ කොටසේ සුළු කොටසක් කැඩී ඇති බව පෙනුනා. ( මීට වසරකට පමණ පෙරත් මෙහෙම දෙයක් වී ගෑස් නියෝජිතට දනුම් දුන් පසු ඔහු රබර් ඔසරය මාරුකර වරද නිවැරදි කරදුන් නිසයි මා ඒ ගැන දන්නේ ) මා ඒ නිසා ඔසරය ගලවා උඩ යට මාරු කර සවිකලා. ලෙඩේ හොඳ වුණා. (නමුත් මේවා භයානක, අවදානම් වැඩ. ඒ නිසා ඔබ එහෙම කරන්න එපා ) මේ කාලයේ සිදුවන පිපිරීම් තුල ලොකු රහසක් තිබෙනවා වගේ දැනෙනවා. කම්පැනිය තුළින්ම ලොකු ගේම් යනවා වගේ පේනවා. ගෑස් පිරවීමේ දී වෑල් එක සහ රබර් ඔසරය පරික්ෂා නොකර පුරවන්නන් වාලේ පුරවන බව පේනවා. එක කාලකන්නි සේවකයෙක් ඇති මහා පරිමාණ කම්පැණියක් විනාශ කරන්න. වහාම රට විනාශ වී තවත් අහිංසකයින් මැරෙන්න පෙර මේ ගැන පරීක්ෂා කරන්න. බලධාරීන්ගේ අවදානය වහාම යොමුවේවා...!!!

:       0       2

sharm warn Friday, 26 November 2021 05:18 PM

මේ 5 වැනි එක... ඇත්තටම බලද්දී සහරාන් හොඳයිනේ... මිනීමරුවන්, පාලකයින් වුණාම මෙහෙම එව්වා තමයි වෙන්නේ. ගෑස්වල තත්වය බාලකරලා විකුණනකොට අදාළ ඇමැති නිදිනේ...

:       0       2

අසංග Friday, 26 November 2021 05:33 PM

ගෑස් සිලින්ඩරය නිවසින් බැහැරව තබාගන්න. ගෑස් බටය ජනේලයකින් එළියට දමා.

:       0       1

ජන හඩ Saturday, 27 November 2021 10:08 AM

ඉතා ඉක්මනින් වාෂ්පවෙන වායු සංයුතිය වැඩියෙන් යෙදීම හේතුවෙන් ගෑස් කාන්දුව වීමට සම්භාවිතාව වැඩි බවයි පාරිභෝගික අධිකාරියෙන් කියැවෙන්නේ... දැන් මෙය හෙළිකළ නිලධාරීන් අස්කරයිද දන්නේ නෑ. මොකද මෝඩයන් රජකරන රටක්නේ.. මේ කෙසේ වෙතත් සබන් පෙණ රෙගියුලේටරය සවිකරන තැන තබා බුබුලු නැගේ නම් එහි කාන්දුවක් ඇති බවට සලකුණු කරයි. හරි රෙගියුලේටරයක් දමා ගැනීම තුළින් පිපිරීම් අවස්ථා අවම විය හැක. එහෙත් ඉතා ප්‍රසිද්ධ නාගරික පිහිටා ඇති ආපන ශාලා ජාලයකද මෙය රාත්‍රියේ පුපුරා ගිය බැවින්.., කින්නියා පාලමට මෙන් කල්මැරීම යෝග්‍ය නොවේ...

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

නිහාල් ගලප්පත්ති කතානායක ධූරයට?
2024 නොවැම්බර් මස 19 76 0

ජාතික ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මහතා දස වැනි පාර්ලිමේන්තුවේ කතානායකවරයා ලෙස යෝජනා කිරීමට රජය තීරණය


රවීගේ නිවෙසට ආරක්ෂාව
2024 නොවැම්බර් මස 19 168 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට නම් කෙරුණු රවී කරුණානායක මහතාගේ කොළඹ පිහිටි නිවෙසට අද (19) සිට විශේෂ ආරක්ෂාව යොදවා ඇත.


ඩී.අයි.ජී. නාලකට එරෙහි විමර්ශනවලට කාලයක් දෙයි
2024 නොවැම්බර් මස 19 204 0

යහපාලන ආණ්ඩුවේ ජනාධිපතිව සිටියදී මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බව කියන සිද්ධිය සම්බන්ධය


මැති සබේ නවක මුහුණු
2024 නොවැම්බර් මස 19 444 0

බ්‍රහස්පතින්දා පැවැත් වූ මහ මැතිවරණයේදී ජාතික ජන බලවේගය විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීමෙන් අදහස් වන්නේ, ශ්‍රී ලංකාවේ දසවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන


ජනපති අනුර ඉන්ද්‍රජාලකයෙක්
2024 නොවැම්බර් මස 19 1715 0

ජනාධිපතිවරණය ජයග්‍රහණයෙන් පසු ජනාධිපතිවරයා කළ පළමු කතාවේ දී තමන් ඉන්ද්‍රජාලකයෙකු නොවන බව පැවසුවත් ඇත්තෙන්ම ඔහු ඉන්ද්‍රජාලකයෙකු බවට තමන් ප්‍රකාශ ක


දියතලාවේදී දුම්රියක් පනියි
2024 නොවැම්බර් මස 19 330 0

මහනුවර සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ මිශ්‍ර දුම්රිය දියතලව දුම්රිය ස්ථානයේදී අද (19) පස්වරුවේ පිලී පැනීමකට ලක්ව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස්


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 27157 38


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18888 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 387 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 650 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1874 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site