IMG-LOGO

2024 නොවැම්බර් මස 06 වන බදාදා


නිකවැරටිය මාගල්ල ජලාශ බැම්මේ මහසෙන් ප්‍රතිමාවක් විවෘත කරයි

(ප්‍රියාණි මංගලිකා )

                                           

අක්කර දහසකින්  පමණ යුතු  නිකවැරටිය මාගල්ල ජලාශය ඉදිකරන ලද මහසෙන් රජු සිහිපත් කරමින් , ජලාශ බැම්ම මත ඉදිකරන ලද මහසෙන් රජ ප්‍රතිමාව විවෘත කිරීම අද (24) පෙරවරුවේ සිදුකෙරිණි.                    

කි,ව. 277 සිට 301දක්වා මෙරට පාලනය කළ මහසෙන් රජු විසින් නිකවැරටිය මාගල්ල ජලාශය ඉදිකර ,ප්‍රදේශය හරහා දැදුරුඔයට ගලා ගිය ගං තිහ ඇලෙහි ජල කඳ මාගල්ල ජලාශයට හරවා කෘෂි  කර්මාන්තය නගා සිටුවීමට  එවකට කටයුතු කර ඇති අතර  එය සිහිපත් කරමින් සහ කළගුණ දක්වමින් පිළිරුව විවෘත කෙරිණි.             

මේවන විට මාගල්ල ව්‍යාපාරය යටතේ කුඹුරු අක්කර 7000 කට අධික සංඛ්‍යාවකට ජලය සපයමින්, මහව සහ නිකවැරටිය පෙදෙස් වලට පානීය ජලය ද සපයමින් ධීවර කර්මාන්තය හා පිහිනුම් පුහුණු කටයුතු සහ විවධ ජල අවශ්‍යතා සපුරාලමින් සිටින නිකවැරටිය ජනයාගේ හදවත බඳු වූ මාගල්ල ජලාශය මේ වන විටද ජලයෙන් පිරී ඉතිරී පවතී.
                

මහසෙන් රජු පාලන සමයේ ශ්‍රී ලංකාවේ  මින්නේරිය ,කවුඩුල්ල  ජලාශයන් ඇතුළුව මහා ජලාශ 16ක් ඉදිකර මෙරට  කෘෂි කර්මාන්තය නංවා රට ස්වයංපෝෂිත කර ඇති අතර එම ජලාශ 16 ට මාගල්ල ජලාශයද අයත් වන බවද අතීත ලේඛනයන්හි සඳහන්ව ඇත.                          

නිකවැරටිය ව්‍යාපාර කළමනාකාර කාර්යාලයේ උපදෙස් හා මඟ පෙන්වීමෙන්  සහ වාරිමාර්ග කාර්යාලයේ ද  උපදෙස්  හා සහය ඇතිව ව්‍යාපාර ඒකාබද්ධ ගොවි සංවිධාන 17 ක දායකත්වයෙන් පිළිරුව ඉදිකිරිම සිදු කෙරිණි.                                         

මහසෙන් රජ පිළිරුව විවෘත  කිරීමේ අවස්ථාවට වන්නිහත්පත්තුවේ ප්‍රධාන සංඝනායක දොඹගොල්ලේ ධම්මාරාම හිමියන් ඇතුළු මහා සංඝරත්න, නිකවැරටිය ප්‍රාදේශීය ලේකම් රුවන් ජයසුන්දර, වාරිමාර්ග ඉංජිනේරු ඩී.එම්.පියදාස, ව්‍යාපාර අධිකාරි ආර් .එම්.රාජරත්න යන මහතුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් ද , මාගල්ල ව්‍යාපාර ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති රත්නතිලක හේරත් මහතා ඇතුළු ගොවි සංවිධාන නියෝජිත පිරිසක් ද එක්ව සිටියහ.



අදහස් (3)

නිකවැරටිය මාගල්ල ජලාශ බැම්මේ මහසෙන් ප්‍රතිමාවක් විවෘත කරයි

kapila kumara Wednesday, 24 February 2021 08:49 AM

වැව හාරා මලින් බරව තියන වැවත් ඒ අවට තෘණභූමිය විනාශ වෙනවා නේද?. මේවා සංවර්ධනයද?

:       5       0

wicky Wednesday, 24 February 2021 03:27 PM

කොහොම වුණත් ඒ කාලයේ වැවව්, දාගැබයි සංකල්පයේ හිටියේ .. දැන් කාලයේ රජවරු කුළුණක් හදා ඒ මතට නැග සිරි නරඹනවා.

:       0       0

Keppetipola Thursday, 25 February 2021 05:31 AM

ඔතන හිටවන්න තිබුණේ රාජපක්ෂ පිළිරුවක්....

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

දෙදරු මව යටකර ගිය සැරයන්ගේ වැඩතහනම්
2024 නොවැම්බර් මස 06 100 0

බීමත්ව යතුරුපැදිය පදවා දෙදරු මවක යටකර පලාගිය පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනමකට ලක්කල බව කළුතර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.


රනිල් ට්‍රම්ප්ට සුබ පතයි
2024 නොවැම්බර් මස 06 390 0

ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධුරය සඳහා යළිත් පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට අට වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්ස් පණිවිඩයක් තබමින් ස


ගාල්තැන්න කපුවාගේ වාහන අංගනයෙන් තව සැක වාහනයක් හමුවේ
2024 නොවැම්බර් මස 06 876 0

වාහන සිද්ධියක් සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින ගාල්තැන්න ප්‍රදේශයේ ප්‍රසිද්ධ දේවාලයක දේව ගැතිවරයාගේ වාහන අංගනයේ තිබූ තවත් සැකකටයුතු මි


ඉතිහාසයේ ලොකුම අල්ලසට දඬුවම් ලැබෙයි
2024 නොවැම්බර් මස 06 1352 0

ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම අල්ලස වශයෙන් සැළකෙන රුපියල් කෝටි 12 1/2 ක අල්ලසක් ඉල්ලා ලබාගත් බවට චෝදනා ලැබ සිටි රේගු අධිකාරීවරුන් සිව්දෙනාම අදාළ චෝදනාවන්ට


“පුංචි ඡන්දෙටත් ලෑස්ති වෙන්න”
2024 නොවැම්බර් මස 06 364 0

මහ මැතිවරණයෙන් පසු ඉතා ඉක්මනින්ම පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සූදානම් වන්නැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා සියලුම දිස්ත්‍රික


කොකේන් සමඟ විදේශිකයෙක් මාට්ටු
2024 නොවැම්බර් මස 06 322 0

රුපියල් කෝටියකට ආසන්න වටිනා කොකේන් මත්ද්‍රව්‍ය ගුලි තොගයක් ගිල දමා සිටි සීරාලියොන් ජාතිකයෙකු බොරැල්ල කොටා පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 37 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 433 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1362 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site