IMG-LOGO

2024 නොවැම්බර් මස 06 වන බදාදා


‘‘නෞකාවේ වගකිය යුත්තන් හිතාමතා කරුණු වසන් කර අප රටේ මුහුදු සීමාවට ඇතුළු වෙලා‘‘

(නිමන්ති රණසිංහ)

මෙරට මුහුදු සීමාවේදී ගිනිගෙන විනාශ වූ ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවේ කපිතාන්වරයා සහ මෙරට නියෝජිතයා ඇතුළු එහි කාර්ය මණ්ඩලයේ දස දෙනකුට සිතාසි නිකුත් කරන ලෙස අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් කළ ඉල්ලීම කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශිලනි පෙරේරා මහත්මිය අද (07) ප්‍රතික්ෂේප කළාය.

මෙම සිද්ධියට අදාලව සමුද්‍රිය දූෂණ වැලැක්වීමේ පනත ප්‍රකාරව ඉහත නිලධාරීන්ට අධිකරණයේ පෙනී සිටින ලෙසට සිතාසි නිකුත්කිරීමේ බලයක් මෙම අධිකරණයට නොමැත බව ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීති මණ්ඩලය අධිකරණයට කළ කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරිය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළාය.

‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවේ ගිනිගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන මහේස්ත්‍රාත් පරීක්‍ෂණය අද (07) යළි අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් විය.

පැමිණිල්ල වෙනුවෙන් නීතිපතිවරයා නියෝජනය කරමින් නියෝජ්‍ය සොලිසිටර්ජනරාල් මාධව තෙන්නකෝන් මහතා සමඟ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂවරයා ප්‍රමුඛ නිලධාරී මණ්ඩලය අධිකරණයේ පෙනී සිටියහ. මෙම ගිනිගත් නෞකාවේ වී.ඩී.ආර්. යන්ත්‍රයේ දත්ත පිළිබඳව තව දුරටත් පරීක්‍ෂණ සිදුකරගෙන යෑමට ද මෙහිදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්මේන්තුවට අධිකරණය අවසර ලබාදුන්නේය.

මුහුදේ ගිලෙමින් ඇති නෞකාවේ ආරක්‍ෂාව තර කරන ලෙස නාවික හමුදාවට අධිකරණ නියෝගයක් නිකුත් කළේය. පැමිණිල්ල වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කර සිටියේ නෞකාවේ වගකිය යුත්තන් හිතාමතාම යම් කරුණු වසන්කිරීමක් සිදුකර අප රටේ මුහුදු සීමාවට පැමිණ ඇති බව මෙතෙක් කරන ලද විමර්ෂණවලදී තහවුරු වී ඇති බවය.

නොෟකාවේ මෙරට නියෝජිත ආයතනය නෞකාවේ කපිතාන්වරයා වෙත යවා තිබූ ඊමේල් කීපයක් මකාදමා ඇති බවට තොරතුරු හෙළිවී ඇති බවත් ඒ හේතුවෙන් එම ඊමේල් ලිපිනයට අයත් ‘ආරක්‍ෂිත ඊමේල් ගෙනුව’ තම දෙපාර්මේන්තුවට ලබාදෙන ලෙසට නැවේ දේශීය නියෝජිතයාට නියෝගයක් නිකුත් කරන ලෙස අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේතුව අධිකරණයෙන් ඉලීමක් කළේය.

මෙම නෞකාවේ ගින්න ඇතැවී තිබුණේ නයිටි්‍රක් අමිලයෙන් බවට තොරතුරු අනාවරණ වුවත් එම ගින්න ප්‍රථමයෙන් ඇමෝනියා අමිලයෙන් හටගෙන ඇති බවට දැනට කරන ලද විමර්ෂණවලදී හෙළි වී ඇති බව ද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තුමේන්තුව අධිකරණය දැනුම් දුන්නේය. මෙම නෞකාවේ කපිතාන්වරයා ඇතුළු නිලධාරීන්ගෙන් ලබාගත් සියලුම ප්‍රකාශ එකිනෙකට පරස්පර බවත් ඒ හේතුවෙන් වැඩි දුරටත් විමර්ෂණ සිදුකෙරෙමින් පවතින බවත් අපරාධප පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.

 



අදහස් (8)

‘‘නෞකාවේ වගකිය යුත්තන් හිතාමතා කරුණු වසන් කර අප රටේ මුහුදු සීමාවට ඇතුළු වෙලා‘‘

සෙනෙවිරත්න Monday, 07 June 2021 08:08 PM

අපේ රටේ ඉන්නෙ බබ්බුද? නැව් කපිතාන් මොනවා වසන් කළත් ගින්න නිවන්න බාරගන්න ඕන ගින්නේ තතු හරිියට විමර්ශනය කරලා නොවේද? මේක ගමේ කඩයක් කම්හලක් ගිනිගන්නවා වගේ නොවෙයි නේද?

:       5       153

මුණසිංහ Monday, 07 June 2021 10:10 PM

ඒ කියන්නේ නැවේ අය වෙනුවෙන් ලංකාවට එරෙහිව ඉදිරිපත් වන අයත් ඉන්නවා වගේ. අර කුඩු රජාලාට වගේ... !

:       7       141

Hafeel Tuesday, 08 June 2021 06:26 AM

එ්ක තමයි මුණසිංහ මහත්තයා ලැජ්ජයි... මහා ලොකුවට මව්බිම, රට, දේශප්‍රේමීන් කියලා පම්බෝරි ගැහුවාට, මෙච්චර රටේ පරිසරයට හානිවෙලත් ඔවුන් වෙනුවෙන් පෙනී සිටිනවනේ...

:       0       97

Nuwan Tuesday, 08 June 2021 11:26 AM

නැව අමුතුවෙන් කියන්න ඕනෑ නැහැ. නැවගිය අන්තිම වරායෙන් පණිවිඩ එනවා. ඒ වගේම අන්තර්ජාතික නැව් ගමනාගමන පාලක අංශයෙනුත් පණිවිඩ එනවා. මෙතන අපේ බලලෝභීන් කරන්න යන්නේ නැවට විතරක් වගකීම පටවන්න.

:       20       105

ජයන්ත Tuesday, 08 June 2021 12:30 PM

‘‘නෞකාවේ වගකිය යුත්තන් හිතාමතා කරුණු වසන් කර අප රටේ මුහුදු සීමාවට ඇතුළු වෙලා‘‘ලු බලන්න ඒ රටේ ජාතික ආරක්ෂාවක තරම. මේව විහිලු. තුවක්කු ඒකට ඇතිල්ලිලා අංක මැකෙනවා, නැවට පටවනකොට තුවක්කු මුහුදෙ වැටුනා කියනවා... මේ අනිත් එක.... මේක රටට ශාපයක්.

:       0       95

kamal Tuesday, 08 June 2021 12:43 PM

ඒ කිව්වේ..? අපිව ගොනාට ඇන්දුවා කියලාද?

:       0       100

සෙනෙවිරත්න Tuesday, 08 June 2021 02:36 PM

69 ලක්ෂයක් අන්දලා, අදටත් අඳිනවා, ඕක මොකක්ද?

:       1       0

BamunuarachchiWednesday, 09 June 2021 08:24 AM

නරකද ගිය අවුරුදු 5ම ඇඳගෙන හිටිය එක දැන්වත් ගැලෙව්වොත්...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

දිස්ත්‍රික්ක 8 කට නාය යෑමේ අනතුරු ඇඟවීම්
2024 නොවැම්බර් මස 06 13 0

අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 8 ක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය කර තිබේ.


ජනපති ට්‍රම්ප් ට සුබ පතයි
2024 නොවැම්බර් මස 06 75 0

අමෙරිකා එක්සත් ජනපදයේ 47 වැනි ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය නිල X ගිණුමේ පණිවිඩයක් නිකුත් ක


ලංකා බ්‍රිතාන්‍ය යාළුකම තව ශක්තිමත් කරන්න සාකච්ඡාවක්
2024 නොවැම්බර් මස 06 129 0

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් (Andrew Patrick) මහතා අතර හමුවක් අද (06) පස්වරුවේ ජනාධිප


සෙල්ෆි ගන්න ගිහින් විදෙස් තරුණිය දුම්රියෙන් වැටෙයි
2024 නොවැම්බර් මස 06 446 0

කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ උඩරටමැණිකේ දුම්රියේ ගමන් ගත් ඇමරිකානු ජාතික තරුණියක් සෙල්ෆි ජායාරූප ගැනීමට යාමේදී ඔහිය පට්ටිපොළ දුම්රිය


විදුහල්පති නිවසේ ඡන්ද රැස්වීමට තහනමක්
2024 නොවැම්බර් මස 06 375 0

බද්දේගම විදුහලක විදුහල්පතිවරයෙක් අද සවස සිය නිවසේ පැවැත්විමට සුදානම්කර තිබු දේශපාලන රැස්විමක් ගාල්ල දිස්ත්‍රික් මැතිවරණ ආරවුල් නිරවුල් කිරිමේ මධ


අනුරාධපුරයට ලැබුණු පිළිකා නසන යන්ත්‍රය කරාපිටියට උස්සයි?
2024 නොවැම්බර් මස 06 354 0

ආසියානු සංවර්ධන බැංකුවේ ණය ක්‍රමය යටතේ අනුරාධපුර ශික්ෂණ රෝහලට ලැබුණු පිළිකා රෝගී කිරණ යන්ත්‍රය (ලීනැක්) ගාල්ලේ කරාපිටිය රෝහල වෙත රැගෙන යෑමේ සූදානමක්


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 29 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 432 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1356 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site