(අංජුල මහික වීරරත්න)
මෙරට මුහුදු සීමාවට දැඩි හානියක් කළ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ සිද්ධිය වැනි දේ නැවත වරක් සිදුවුහොත් ඊට අදාලව ගතයුතු පියවර ඇතුළත් නීති කෙටුම්පතක් සකස් කිරීමට දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා අදාල අංශ වෙත උපදෙස් දී තිබේ.
එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීම වැනි සිද්ධියක් නැවත ඇතිවුවහොත් ගත යුතු විධිමත් පියවර මේ දක්වා ගෙන නොමැති බව සමුද්‍රිය පරිසර අධිකාරියේ සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන් සමඟ පැවැති සාකච්ඡාවකදී හෙළිදරව් වී ඇත.
මෙහිදී දේශගුණික විපර්යාස පිළිබඳව ජනාධිපති කාර්යාලයත්, සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරියත්, අපදා කළමනාකරණ මධ්‍යස්ථානයත් එකිනෙකට සම්බන්ධ කර ගනිමින් සමුද්‍රය ආරක්ෂා කිරීමට අදාලව ඒකාබද්ධ යාන්ත්‍රණයක් සකස් කිරීමට ද මෙහිදී තීන්දු කර තිබේ.
සමුද්‍රීය ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රශ්නයක් පැන නැගුණ විට මෙම ආයතන වෙන වෙනම ක්‍රියාත්මක වන බැවින් එම ආයතන සියල්ල එකිනෙකට සම්බන්ධ කොට ඒකාබද්ධ කණ්ඩායම් ලෙස කටයුතු කළ යුතුව ඇතැයි ජනාධිපති උපදේශක රුවන් විජයවර්ධන මහතා මෙහිදී පෙන්වා දී ඇත.
තවද එක්ස්ප්‍රස් පර්ල් අනතුරට වසරක් ගතව ඇතත් නෞකා අනතුරකදී කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් නීති රීති සකස් නොකිරීම ගැන කනස්සල්ල පළ කර ඇති රුවන් විජයවර්ධන මහතා ජාත්‍යන්තර නීතිවලට සමගාමී වන ලෙස නව නීති සකස් කිරීමට උපදෙස් දී තිබේ.
එම නිසා සමුද්‍රීය ආරක්ෂාවට අදාලව සියලු කණ්ඩායම් එක් කර ගනිමින් යාන්ත්‍රණයක් සකස් කිරීමට ද මෙහිදී තීන්දු වී ඇත.
මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි
ප්රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය
රුපියල් කෝටි පන්සීයකට අධික බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ දෙසීයක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධත
උඩරට දුම්රිය මාර්ගයේ දියතලාව දුම්රිය ස්ථානය අසලදී අද සවස දුම්රියක් පීලි පැනීම හේතුවෙන් අද රාත්‍රී බදුල්ල දුම්රිය ස්ථානයෙන් සවස 6.30 ට පිටත් වීමට නියමිත
ගාල්ල ධිවර වරායෙන් මුහුදු ගිය බහුදින යාත්‍රාවක සිටි ධිවරයෙකු ඈත මුහුදේදි මුහුදට වැටි මියගොස් ඇතැයි වරාය පොලිසිය පවසයි.
වහාම එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස් කරන්නැයි කෘත්‍යාධිකාරී මණ්ඩල සභික ලසන්ත ගුණවර්ධන මහතා එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
නෞකා අනතුරුවලට නීති කෙටුම්පතක් හදන්න යයි