(අංජුල මහික වීරරත්න)
නැගෙනහිර බහළු පර්යන්ත ව්‍යාපෘතිය විශේෂිත ව්‍යාපෘතියක් ලෙස ප්‍රකාශයට පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් කොළඹ දකුණු වරාය ව්‍යාපෘතියේ නැගෙනහිර බහළු පර්යන්තය අදියර වශයෙන් සංවර්ධනය කර එම අධිකාරියේ පූර්ණ හිමිකාරිත්වය සහිත බහළු පර්යන්තයක් වශයෙන් ක්‍රියාත්මක කිරීම පිණිස 2021-02-01 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත.
ඒ අනුව අදාළ සිවිල් වැඩ සඳහා වන කොන්ත්‍රාත්තුව මේ වන විට පිරිනමා ඇති අතර, ඉදිකිරීම් කටයුතු සිදු කෙරෙමින් පවතී.
එසේම එකී බහළු පර්යන්තය සඳහා අවශ්‍ය දොඹකර මිල දී ගැනීමේ ප්‍රසම්පාදනය ද මේ වන විට පිරිනමා තිබෙන බව රජය පවසයි.
කොළඹ වරායේ පුද්ගලික පර්යන්ත මෙහෙයුම් කරුවන් සහ සේවා සැපයුම්කරුවන් හට උපාය මාර්ගික සංවර්ධන පනත සහ ආයෝජන මණ්ඩල නීතිය යටතේ විවිධ බදු සහන ලබා දී ඇත.
එම කරුණු ද සැලකිල්ලට ගනිමින් නැගෙනහිර බහළු පර්යන්ත ව්‍යාපෘතිය '' විශේෂිත ව්‍යාපෘතියක් " වශයෙන් මුදල් විෂය භාර අමාත්‍යවරයා විසින් ප්‍රකාශයට පත් කරනු ලැබීම පිණිස ප්‍රවාහන, මහා මාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
දෙස් විදෙස් සංචාරකයින්ගේ ආකර්ශනය දිනා ගත් ආනවිළුන්දාව පරිසර පද්ධතිය දරුණු ව්‍යසනයකට ගොදුරු වෙමින් පවතී.
සහල් පාලන මිලෙහි කිසිදු වෙනසක් කිරීමට බලාපොරොත්තු නොවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
හිල්ටන් හෝටලයේ රථ ගාලේ තිබී ”ගරාජ් අංක තහඩුවක්” සහිත බී.එම්.ඩබ්ලිව් වර්ගයේ මෝටර් රථයක් පසුගියදා සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් කරන විමර්ශන වලට අදාල
ශ්‍රී ලංකා - පාකිස්ථානු රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සැමරීම වෙනුවෙන් සමරු මුද්දර නිකුත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
පළාත් සභා යාන්ත්‍රණය විධිමත් කිරීම සඳහා යෝජනාවලියක් සකස් කර ඉදිරිපත් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පළාත් ආණ්ඩුකාරවරුන්ට (22) දැනුම් දුන්නේ
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ සහ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ පවතින අබලි ලෝහ බැහැර කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
’’නැගෙනහිර බහලු පර්යන්තය’’ විශේෂ ව්‍යාපෘතියක් කරයි