IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


නගරාධිපති ධූරය අත්හිටුවීම දේශපාලන පළිගැනීමක් බව අලුවිහාරේ කියයි

(මහේෂ් කිර්තිරත්න) 

නගරාධිපති ධූරය අත්හිටුවීමට ගත් තීරණය දේශපාලන පළිගැනීමක් බව මාතලේ මහ නගර සභාවේ හිටපු නගරාධිපති ඩල්ජිත් අලුවිහාරේ මහතා පැවසීය.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ මාතලේ අලුවිහාරේ පිහිටි සිය නිවසේ දී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අලුවිහාරේ මහතා මෙසේ ද පැවසීය.

‘මම ඇත්ත වශයෙන්ම කනගාටු වෙනවා. ජනාධිපතිවරයාගේ සෞභාගයේ දැක්ම ක්‍රියාත්මක කරන්න අද තුනෙන් දෙකක් ලැබිලා තියනවා. මේ තුනෙන් දෙකේ ප්‍රතිඵලය මත තමයි මේ දේශපාලන පළිගැනිම්වලට අපව ලක් කරලා තියෙනවා.මාතලේ මහ නගර සභාවේ පමණයි මේ දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය කළේ. එක්සත් ජාතික පක්ෂයට පත්වුණේ ජනතා ඡන්දයෙන්. නමුත් ආණ්ඩුකාරවරයා බලය අතික්‍රමණය කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කරලා තියනවා. මම මහාධිකරණයේ නඩුවක් ගොනු කරලා තියනවා. නීතියට පටහැනිව කටයුතු කරලා තියනවා. කුරුණෑගල නගරාධිපති වැරදි කරලත් අද එළියේ ඉන්නවා. මම වැරදි කරලා නැහැ. අපි නිවැරදිව වැඩ කරලත් අපට බොරු චෝදනා එල්ල කරනවා. අපි බය නැහැ. ජනතාවට සේවය කරලා තියනවා. මේක තනිතරම දේශපාලන පළිගැනීමක්. මාතලේ ඉන්න ජනක බණ්ඩාර. ප්‍රමිත බණ්ඩාර යන අය විසින් සිදු කළ දේශපාලන පළිගැනිමක් මේ කරලා තියෙන්නේ. ජනාධිපතිවරයාගෙන් ඉල්ලනවා මාතලේට විමර්ශනයක් කණ්ඩායමක් එවන්න. මහ සභා අනුමැතිය යටතේ සභා තීන්දු අනුව තමයි වැඩ කරලා තියෙන්නේ.මගේ අභිමතය පරිදි කිසි දෙයක් කරලා නැහැ.රජයේ විගණන අනුව අපි නිවැරදි කියලා තියනවා.මම බය නැතිව කියනවා අධිභාර කරලා නැහැ. විමර්ශනයක් කරලා  වැරදි කරලා තියනවා නම් සිරගත කරන්න කියා ඉල්ලනවා යැයිද අලුවිහාරේ මහතා පැවසීය.



අදහස් (7)

නගරාධිපති ධූරය අත්හිටුවීම දේශපාලන පළිගැනීමක් බව අලුවිහාරේ කියයි

Bamunuarachchi Friday, 28 August 2020 06:21 AM

3000 විතර සමගි ආණ්ඩුවක් ආවොත් දේශපාලන පළිගැනීම්වලට කොමිසමක් දාන්න කියන්න. හැබැයි ඒ වෙනකොට ඩයිනමෝව පිච්චිලා තිබුණොත් වැඩේ හබක්...

:       105       122

Hafeel Friday, 28 August 2020 07:01 AM

කොහොමද කෙළින් වැඩ කරනවා කියලත්, සැමට එක හා සමාන නීතිය ක්‍රියාත්මක කරන බව කියපු ජනාධිපතිගේ පාලනය? කුරුණෑගල නගරාධිපති නිදැල්ලේ. දහස් ගණන් හමුදාව ඝාතනය කළ කරුණා නිදැල්ලේ...

:       209       149

Nihal Dharmatileke Friday, 28 August 2020 07:02 AM

කුරුණෑගලට එක නීතියක්, මාතලේට තව නීතියක්... ගෝඨාභය රජපක්ෂ කියන්නේ හැමෝටම එක නීතියක් කියලා.. ජනාධිපති කියනකොට එහෙමයි, කරනකොට මෙහෙමයි.., රටවැසියනේ...

:       221       114

Pradeep Friday, 28 August 2020 08:27 AM

පෞරාණික වටිනාකමක් තිබුණු නුග ගහ කපලා දැම්මෙත් ඔබතුමාගේ නියෝගයකට නේද?

:       0       40

sunilFriday, 28 August 2020 09:22 AM

ඇයි පෞරාණික සියඹලා ගහ ගැන කතා නොකරන්නේ?

:       0       43

සෙනෙවිරත්න Friday, 28 August 2020 03:17 PM

මොකක්ද ගහක තියෙන පෞරාණිකත්වය? පාරකට ඉඩ මදි නම් ඕනම ගහක් ඉවත් කළ යුතුයි. පාරවල් හරස් කරලා බෝගස් වැඳලා හරි යනවාද?

:       4       0

PradeepFriday, 28 August 2020 03:45 PM

ගහක, වැලක අගය නොදන්න අය පාර්ලිමේන්තුවේත් ඉන්න කොට සෙනෙවිරත්න වැනි අය ගැන පුදුම වෙන්න දේකුත් නෑ..

:       0       4

ඔබේ අදහස් එවන්න

දියත

රවීගේ නම යැවීම ගැන මහලේකම්ගෙන් ප්‍රකාශයක්
2024 නොවැම්බර් මස 20 111 0

මහ මැතිවරණයේදී ලැබෙන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර වලින් එකක් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නම් කරන අපේක්ෂකයකුට ලබාදීමට එකඟතාවයකට පැමිණ තිබූ බව එම පෙරම


ආණ්ඩුව දෙන සහන ගැන නාමල් අවදානයෙන්
2024 නොවැම්බර් මස 20 149 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් සහ ඉදිරිපත් අයවැයෙන් ජනතාවට දෙන සහන පිළිබඳ දැඩි අවධානයෙ


ආසියානු බෞද්ධ සමුළුව සාර්ථකව අවසන්
2024 නොවැම්බර් මස 20 251 0

ආසියානු පළමු බෞද්ධ සමුළුව පසුගියදා ඉන්දියාවේ නවදිල්ලි නුවර අශෝක් හොටෙල් පරිශ්‍රයේදී සාර්ථකව අවසන් විය.


හරීන්ට ඇප
2024 නොවැම්බර් මස 20 871 0

අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද (20) බදුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉිදිරිපත් කිරීමෙන් අනතුරුව ලක්ෂ පහක ශරීර ඇප මත මුදා හරින්නැයි


සැමියගෙන් බේරෙන්න ගොස් බිරිඳ තෙවන මහලෙන් බිමට
2024 නොවැම්බර් මස 20 788 0

වස්කඩුව ගාලු පාරේ තෙමහල් ගොඩනැගිල්ලකින් ඇද වැටී කාන්තාවක තුවාල ලබා ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.



මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 422 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 673 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1915 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site